Saturday, 18 October 2014 21:29
October 18, 2014 at 10:40 am | lanka C news
සිංහල බෞද්ධ බහුතරයක් ලංකාවේ සිටින අවසාන සියවස මෙය බවට ඇතැමුන් ප‍්‍රචාරය කිරීම ජාතීන් අතර සමගිය වෙනුවට ගැටුම් ඇති කිරීමට හේතුවක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ හා ජාතික ෂූරා සභාවේ උප සභාපති එම්. එම්. සුහයිර් මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ වැලිගම අරෆා ජාතික පාසලේ පැවති ඉංග‍්‍රීසි පාඨමාලා සම්මාන සහතික ප‍්‍රදානෝත්සවයකදීය.
එහිදී සුහයිර් මහතා මෙසේද කීය.
‘සාක්ෂරතාව ඉතා ඉහළ රටක් වන ශ‍්‍රී ලංකාවේ මෙවැනි පදනමක් නැති නිසා කතා විශ්වාස කරන්නන් තවමත් සිටීම කනගාටුදායකයි. ඇතැම් මාධ්‍ය මෙම බොරු චෝදනාවලට පිළිතුරු දීමට ඉඩ කඩ නොදීමෙන් මෙම දුර්මත තවදුරටත් පැවතීවි.
ජන කොටස් අතර අසමගිය ඇති කරන්නට මාන බලන අය මේ බොරුව නොනවත්වා ප‍්‍රචාරය කරමින් ඉන්නවා. ඒ නිසා අද සම්මාන ලබන සිසුන් සත්‍ය තත්ත්වය පහදා ලිපි ලියමින් ජනතාව දැනුවත් කළ යුතුයි. ජාතික ෂූරා සභාව මේ ගැන කළ අධ්‍යයනයකින් මේ ගැන එළි වූ සත්‍ය ළගදීම රටට හෙළි කරනවා.
1881 දී ශ‍්‍රී ලංකාවේ වාසය කළ මුස්ලිම්වරුන්ට වඩා සිංහල බෞද්ධයන් දශ ලක්ෂ 1 1/2 වැඩියි. ඉන් පසුව කළ සෑම සංගණනයකදීමත් සිංහලයන් පැහැදිලිවම මුස්ලිම්වරුන් සංඛ්‍යාත්මකව අභිභවා ඇති හැටිත් මුස්ලිම්වරුන් සංඛ්‍යාත්මකව පහළට ගොස් ඇති බවත් පෙනෙනවා. ඒ තුළ මුස්ලිම්වරුන් සිංහල බෞද්ධයන් අභිභවා යා හැකි බව හුදෙක් මන:කල්පිතයක් පමණයි’
http://lankacnews.com/sinhala/news/123628/
Saturday, 18 October 2014 21:28
October 18, 2014 at 3:00 pm | lanka C news
පසුගියදා රවණා බලයේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාකච්ඡවක් පැවැත්වෙන අතරතුරදී එහි කඩා වැදී හැසිරී ඇති ආකාරය ලජ්ජා සහගත යැයි විදේශ රැකියා ප‍්‍රවර්ධන සහ සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එසේ කඩා වැදී තිබුණේ තැනකට ඇතුළු වන ක‍්‍රමවේදයක් ඇති බව නොදන්නා පිරිසකැයි කී අමාත්‍යවරයා එම සිද්ධියේ දී කාර්යාංශයේ සභාපතිවරයා හැසිරී ඇති ආකාරය ඉතාම නිවැරදි යැයි ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාගේ කාමරයේ සාකච්ඡවක් පැවැත්වෙමින් තිබිය දී මේ පිරිස කඩා පැනලා තියෙන්නේ ආයතනයකට ඇතුළු වන ක‍්‍රමවේදය කණපිට හරවලා. ඒ අය තමන්ටම අගෞරවයක් කර ගෙන තිබෙනවා. සත්තු වත්තට ගියත් ටිකට් එකක් අරගෙන යන්න ඕනේ. මේක රජයේ මුදල් වලින් දුවන ආයතනයක්. තවත් කෙනෙකුගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා නම් නිවැරදි නායකත්වයක් පෙන්වන්න ආත්ම ශක්තිය තිබිය යුතුයි’
http://lankacnews.com/sinhala/news/123637/