Sunday, 02 November 2014 19:53
දින පහක් පස් ඉවත් කිරීමෙන් පසු කොස්ලන්ද මීරියබැද්ද වත්තට යන පාර මතු කැර ගැනීමට පොලීසිය හා ගුවන් හමුදාව හා යුද හමුදාව සමත් විය.මෙම පාර මුලින්ම ගිලා බැස තිබිණි.එම අනතුරු සංඥාව අනුව ක්‍රියා කළේ නම් බොහෝ ජීවිත බේරාගත හැකිව තිබු බව පරීසරවේදීන්ගේ මතයයි. සහන සේවකයන්ගේද සහයෙන් හමුදාවෝ දිගටම සිරුර සෙවීමේ යෙදී සිටිති.ඔවුන් මුහුණපාන බලවත්ම ප්‍රශ්නය වනුයේ දැඩි අනතුරුදායක ප්‍රදේශයක් වන මීරියබැද්දට මහජනයාගේ පැමිණිමයි.පොලිස් මාර්ග බාධක යොදා දැන් මීරියබැද්ද තහනම් ප්‍රදේශයක් කැර ඇත. යට වු මීරියබැද්දට කන්දෙන් හටගත් දිය උල්පත් දැන් කැණීම් සිදු කරන පෙදෙසින් වෙනත් මාර්ගයකට යොමු කිරීමට හමුදාව සමත් විය. http://www.lankadeepa.lk/index.php/articles/272965
Sunday, 02 November 2014 19:52
මළ සිරුරු ගොඩගත්තොත් ලොකු ප්‍රශ්නයක්
කොස්ලන්ද මීරියබැද්ද නායගිය ස්ථානයේ වැළලී ගිය මිනිස් සිරුරු ගොඩගත් පසු ඒවා නිවැරදිව හඳුනාගැනීමේ ක්‍රමවේදය සඳහා අධි ශීතකරණ පහසුකම් අවශ්‍යව ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්.ටී.කේ.විජේවීර මහතා පවසයි. එම ස්ථානයෙන් ගොඩගන්නා සිරුරු හා සිරුරු කොටස් නරක්වී ඇතැයි ද වෛද්‍යවරයා කියයි. එම සිරුරු හා සිරුරු කොටස් පිරිසිදු කර පුද්ගල අනන්‍යතාව සොයාගැනීම සඳහා ඒවා ගබඩා කිරීමේ අවශ්‍යතාවක් පැණ නැගී ඇත. කොස්ලන්ද රෝහලේ මේ සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් නොමැති බවත් ශීතකරණ පහසුකම් ඇති බදුල්ල රෝහලට ඇති අධික දුර හේතුවෙන් එහි ගබඩා කිරීම අපහසු බවත් අධිකරණ වෛද්‍යවරු කියති. ගොඩගන්නා සිරුරු හා සිරුරු කොටස් ගබඩා කිරීමට අධි ශීතකරණයක අවශ්‍යතාව තිබෙන බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමුකරන මෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය විජේවීර මහතා ඉල්ලා සිටියි. http://www.lankadeepa.lk/index.php/articles/272971