Friday, 28 November 2014 10:28
සිරිමන්ත රත්නසේකර
විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව පරාජය කිරීමට බොදුබල සේනා සංවිධානය කටයුතු කරන බව එම සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (27 වැනිදා) විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළහ.
මෛත්‍රීපාල සිරිසේන මහතා පුද්ගලයකු ලෙස නරක මිනිසකු නොවූවත් ඔහු වටා සිටින්නේ රට ගිල ගැනීමට මාන බලන කුමන්ත්‍රණකරුවන් පිරිසක් බැවින් මෙම තීරණය ගත් බව උන්වහන්සේ කීහ.
පොදු අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවා රටේ අනාගතය ලේ විලක් වීමට ඉඩදිය නොහැකි බවත් විජාතික කුමන්ත්‍රණ පැරදවීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයක් කිරීමට සිය සංවිධානය කටයුතු කරන බවත් ඥනසාර හිමියෝ පැවසූහ.
රජයට සහාය දීම, පොදු අපේක්‍ෂකයාට සහාය දීම, ස්‌වාධීනව සිටීම හා ජාතික නායකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යන විකල්ප හතරක් සිය සංවිධානය තුළ තිබූ බවත් ඉන් අවසන් විකල්ප ත්‍රිත්වයෙන් ඉවත් වීමට සිය සංවිධානය තීරණය කළ බවත් උන්වහන්සේ කීහ.
මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දෙන බවට සෘජුව ප්‍රකාශ නොකරන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගෙන් විමසූ කල උන්වහන්සේගේ පිළිතුර වූයේ "තම තම නැණ පමණින් දැනගත යුතු" බවයි.
http://www.divaina.com/2014/11/28/news02.html
Friday, 28 November 2014 10:27
27 නොවැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:20 GMT