Monday, 05 January 2015 18:11
අද (5) හෙට සහ අනිද්දා ‘ජනපති ජන හමු‘ නමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඒක පාක්ෂිකව සහයෝගය දක්වන වැඩසටහන් ප්‍රචාරය කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා අයිටීඑන්, ජාතික රූපවාහිනී ස්වර්ණවාහිනී හා දෙරණ ආයතනවලට වාරණයක් නිකුත් කළේය.
ජනපතිට සහයෝගය දක්වමින් ඇමැතිවරුන් ඇතුළු කථිකයන් සහභාගීවන වැඩසටහන් විකාශනය කිරීමෙන් හා එම වැඩසටහන්වල වීඩියෝ වෙනත් ආයතනවලට නිකුත් කිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට බලවත් අසාධාරණයක් සිදුවන බව දක්වමින් වෙන වෙනම පෙත්සම් හතරක් අධිකරණයට ඉදිරිපත් විය.
ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මඟින් ගොනු කළ පෙත්සම් වලින් කියැවුණේ තමාට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන පරිදි එම ආයතන ඒක පාක්ශිකව එම වැඩසටහන් විකාශනය කරන බවයි. එහෙයින් ඒවා නතරකරන ලෙසද නීතිවේදියා ඉල්ලා සිටියේය.
http://www.lankadeepa.lk/index.php/articles/287692
Monday, 05 January 2015 18:10
‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ. පියන් අගමැතිකමක් ගන්න යන්නෙත් නැහැ. විලිලජ්ජා නැතිව ආණ්ඩුව බොරු කියනවා. මම අද සංධානයට එනවලු. සන්ධානය වෙනුවෙන් බොරු කියන රූපවාහිනී බ්රේකින් නිවුස් දානවා. මට ඔළුවෙ අමාරුවක් නැහැ. මේවට උත්තර දීලා මගේ හක්කත් ගෙවිලා. හැබැයි මට එකක් කියන්න පුළුවන්. ලබන 9 වැනිදායින් පස්සේ මහින්ද රාජපක්ෂටත් හංස වේදිකාවට එන්න වෙනවාමයි.‘‘
දෙවිනුවර වැල්ලමඩමේ එජාප රැස්වීමක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
මෛත්‍රිපාල සිරිසේන මහතාද ජනහමුව ඇමතීය.
http://www.lankadeepa.lk/index.php/articles/287700