Tuesday, 20 July 2021 13:47
අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩුව පසුගිය 15 වැනිදා පුත්තලම මහාධිකරණයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට එම නඩුව ආවරණය කිරීමට අවස්ථාව ලබා දී නැත.
නිරෝධායන නීති නිසා වැඩි පිරිසක් අධිකරණ ශාලාව තුළට ගත නොහැකි බව පවසමින් මෙසේ මාධ්‍යවේදීන්ට ඊට ඇතුළු වීම පොලිසිය විසින් වළකනු ලැබ තිබේ.
ඒ මහාධිකරණ විනිසුරුවරියගේ උපදෙස් මත බව පවසමිනි. නිරෝධායන නීති ක්‍රියාත්මක වුවද, මාධ්‍යවේදීන්ට අධිකරණ ශාලාව තහනම් කිරීමට කිසිදු හැකියාවක් නැති බවත්, එමගින් සිදුවන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය වීම බවත් මේ පිළිබඳව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පවසති.
හිජාස් හිස්බුල්ලාට අධිචෝදනා බාර දීම අද දිනයේ සිදු වී ඇති අතර, එම චෝදනා සඳහා මුල් වූ පාසල් ළමුන්ගේ සාක්ෂි සහිත වාර්තා මෙතෙක් පුත්තලම මහාධිකරණය වෙත යොමු කර නැති බව ද පසුගිය 15 වැනිදා හෙළි වී තිබේ. එම වාර්තා කඩිනමින් ලැබීමට සලස්වන ලෙස කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත මහාධිකරණ විනිසුරුවරිය විසින් නියෝග කරනු ලැබ ඇත. නඩුව ලබන 05 වැනිදා යළිත් කැඳවීමට නියමිත ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව සඳහන් කරමින් 2020 අප්‍රේල් 14 වැනිදා නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මාස 10ක පමණ කාලයක් ඔහු අධිකරණයකට ඉදිරිපත් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියේය. හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කිසිදු හේතුවක් දක්වා නොමැති බව ද ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.
හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගෙන සති කිහිපයක් යන තුරු නීතිඥ සහය ලබා ගැනීමටද අවස්ථාව ලබා දී නොතිබිණි.ඒ සඳහා ඔහුගේ නීතිඥවරුන්ට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සිදු විය.
එම කාලයේදී මාධ්‍ය හමුවකදී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ වලදී ඔහුට එරෙහිව හමු වූ සාක්ෂි හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා කටාර් චැරිටි නම් කටාර්හි නීතිවිරෝධී ආයතනයකින් නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් ‘සේව් ද පර්ල්’ සංවිධානයට රුපියල් මිලියන 13 ක් බැර කර ඇති බවටත් පසුව චෝදනා එල්ල කළේය. කටාර් චැරිටි යනු ත්රස්තවාදීන්ට මුදල් සපයන ආයතනයක් බව ද රහස් පොලිසිය මුලින් ප්‍රකාශ කළේය. නමුත් කටාර් චැරිටි යනු ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ FL162614 දරණ අංකය යටතේ ලියාපදිංචි වී ඇති සහ ශ්‍රී ලංකා රජය සමග අවස්ථා ගණනාවකදී කටයුතු කළ පුණ්‍යායතනයක් බවත්, එම සංවිධානයෙන් නීතිඥවරයා හෝ ඔහු නියෝජනය කළ සංවිධානය ආධාර ලබා ගෙන නැති බවත් පසුව හෙළි විය.
කෙසේ වෙතත් අවසානයේ හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මද්රසා පාසලක ඉගෙනුම ලබන ළමයින් සම්බන්ධ සිදුවීමකට අදාලවය. මදුරංකුලිය මද්රසා පාසලක ඉගෙනුම ලබන සිසුන් පිරිසකට අන්තවාදී දේශන සිදු කළැයි කියමින් හිස්බුල්ලා මහතාට එරෙහිව කරුණු වාර්තා කර තිබේ.
තමන් රහස් පොලිසියට රැගෙන ගොස් හිස්බුල්ලා මහතාට එරෙහිව ව්‍යාජ සාක්කි ලබාදෙන ලෙස රහස් පොලිස් නිලධාරීන් බලපෑම් කළ බව කියමින් හිස්බුල්ලා මහතාට එරෙහිව ප්‍රකාශ දුන් බව කියන සිසුන් හතර දෙනෙක් නීතීඥ නුවන් බෝපගේ මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.
රැඳවුම් බාරයේ වසරකට ආසන්න කාලයක් තබාගැනීමෙන් පසු නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා 2021 පෙබරවාරි 17 උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව හිස්බුල්ලා මහතා පෙබරවාරි 18 වැනිදා සවස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. හිස්බුල්ලා මහතාට එරෙහිව ළමයින් පිරිසකගෙන් රහස් පොලිසිය බලහත්කාරයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බත්, හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ එක සිසුවකුගේ පරස්පර ප්‍රකාශයක් මත පමණක් බවත් ඔහුගේ නීතීඥවරු එදින අධිකරණයට දැනුම් දුන්හ.
ඔහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට නීතිඥ සංගම්, දේශීය සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් නිවේදන නිකුත් කළේය.
2018 පාර්ලිමේන්තුව විසිරුවීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුවේදී හිස්බුල්ලා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හුල් මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු මානව හිමිකම් ක්ෂේත්රයේ කතා බහට ලක්වූ නීතිඥවරයෙකි.
https://medialk.com/archives/6042?fbclid=IwAR0XegPDyCGKEs6t9OtZzoIA0Tb3uKdgY8fCKC5hdkVO0KAAd860J8jxffg
Wednesday, 07 July 2021 15:37
Former STF Commandant Senior DIG (Rtd.)M.R. Lattif has been appointed to the disciplinary committee of the Sri Lanka Cricket Board.
The SLC Executive Committee has appointed Lattif to the five-member committee headed by Ajith Weerasinghe.
The other members of the committee are, Niroshan Perera, Nalinda Ilangakoon and Anura Chandrasiri.(DSB)
https://www.dailymirror.lk/breaking_news/Fmr-STF-Commandant-Lattif-appointed-to-SLC-disciplinary-committee/108-215300