Wednesday, 30 July 2014 18:06
July 30, 2014 at 1:46 pm | lanka C news
බොදුනුවන් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් කිරීම සඳහා ආගමික කෝලාහල ඇති කිරීමට මේ වන විට රට පුරා අන්තවාදී කල්ලි 400 ක් සැරි සරන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
උන් වහන්සේ මෙසේ සඳහන් කලේ නාරම්මල සාලියාල ශ‍්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පැවති ධර්ම දේශණයකට සහභාගි වෙමිනි.
බුද්ධානුස්සති භාවනාවෙන් අනතුරුව ජනතාව දැනුම්වත් කරමින් උන් වහන්සේ මෙසේ ද පැවසූහ.
‘මේ ගම්වල ඉන්න අය අපව බොහොම සැඩ පරුෂ විදිහට මාධ්‍ය මගින් දකිනවා ඇති. ඇතැම් විට සභ්‍ය නොවන වචන වලින් පවා වගකිව යුත්තන්ට දැනෙන්න, රට කරවන ඇත්තන්ට දැනෙන්න ටිකක් සැරට කියන්න වෙනවා.
මේ රටේ සම්ප‍්‍රදායික මුස්ලිම් ජනතාවට අපි විරුද්ධ නැහැ. අපිත් එක්ක මුස්ලිම් අය ගොඩක් වැඩ කරනවා. නමුත් මුළු රටම ආක‍්‍රමණය කරමින් ඉන්න මුස්ලිම් අන්තවාදී කල්ලිවලටයි අපි විරුද්ධ. අද ලෝකයේ රටවල් 26 ක මේ අන්තවාදීන් ඉන්නවා. මේවා අහල අල්ලපු ගමේ මුස්ලිම් මිනිහට ගහන්න යන්න එපා. ඒ අය ගැන නොවෙයි අපි මේ කියන්නේ. අපේ මුතුන් මිත්තන් දිවි දෙවැනි කොට රැක දුන් මේ රට අපේ ආගම අද අයාලේ යන තත්ත්වයට පත් වෙලා යැයි ද ඥානසාර හිමියන් පැවසූහ.
අපි මේ ගෙවන්නේ බෞද්ධයන්ට එතරම් හිතකර කාලයක් නොවෙයි. රටේ මොන පැත්තෙන් බැලූවත් සිංහලයට විරුද්ධ අභියෝග. අපේ බෞද්ධයො අසරණ වෙලා. ගොවිතැන් පාළු වෙලා. අනෙක් පැත්තෙන් මතට දුරාචාරයට ගොදුරු වෙලා. ජීවිත කඩා වැටෙන වටපිටාවක් ඇති වෙලා. බෞද්ධයෝ ආගමික වශයෙන් කොල්ල කන අවාසනාවන්ත යුගයක්. මේ වන විට තැනින් තැන විවිධ වූ ආගමික කල්ලි ඇති වෙලා. බෞද්ධයො අතර සමගිය නැති කරලා. ඒ පව්කාර බලවේග වලින් ජාතියත්, ආගමත් බේරා ගන්න දැන් හාමුදුරුවරුන් පෙරමුණ ගෙන සිටිනවා.
අපේ මුතුන් මිත්තන් දිවි දෙවෙනි කොට ආරක්ෂා කළ ජාතිය හා ආගම ඊළඟ පරම්පරාවට නොකිළිටි ලෙස ආරක්ෂා කර දිය යුතුයි. මේ රටේ බෞද්ධ භෝග කොල්ල කන්න දෙන්න බැහැ. බුදු මගේ යන කෙනා අධිෂ්ඨානශීලීයි. බුද්ධිමත් වීර්යවන්තයි. බුද්ධානුස්සතිය අපිට අපේ ජීවිත හදා ගැනීමට උපකාර වෙනවා. තමන්ට ශාස්තාෘවරයෙක් සිටියදීත් ඇතැම් භික්ෂූන් පවා බුදුන් වහන්සේ දේශනා කළ දේට විරුද්ධව වැඩ කරනවා. බුදුන් වහන්සේ උගන්වපු සමානාත්මතාව, විනය ආදී සියල්ල අමතක කරල දාලා. අද මඟුල් ගෙදරදීත්, වැඩ පොළේදීත්, තොටුපළේදීත් වැඩිපුරම කතා වෙන්නේ හාමුදුරුවරුන් ගැනයි. රටේ ආගමික කෝලාහල ඇති වුණාම පොලීසියෙ මහත්වරු හා හාමුදුරුවරු හැප්පිලා ගහ ගන්නවා. ඒකට ඒ අයටත් කරන්න දෙයක් නැහැ. පොලීසිවල ඉන්නෙත් අඟහරු ලෝකෙන් ආව අය නොවෙයි. අපේම අයයි. ඒ අයට තියෙන්නේ නීතිය ක‍්‍රියාත්මක කරලා සමාජය සාමකාමී කරන එකයි’
http://lankacnews.com/sinhala/news/119849/
Wednesday, 30 July 2014 18:05
July 30, 2014 at 5:51 pm | lanka C news
බුද්ධ ශාසන අමාත්‍යංශය මාසයක කාලයක් ඇතුළත පූර්ණ ප‍්‍රතිසංස්කරණයට ලක් කළ නොහැකි නම් වහාම එය වසා දමන්නැයි රාවණා බලය සංවිධානයට රජයෙන් ඉල්ලා සිටී.
එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මේ බව පැවසුවේ අද දින එම සංවිධානයේ භික්ෂූන් වහන්සේලා සමග බුද්ධ ශාසන අමාත්‍යංශයට වැඩම කරන ලද අවස්ථාවේදීය.
රටට ජාතියට හා ආගමට සිදුවන විවිධ බලපෑම් මැඩලීමටත්, හඩනැගීමටත්, ක‍්‍රියාකිරීමටත් භික්ෂුවට පවරා තවදුරටත් අමාත්‍යංශය නිද්‍රාශීලීව සිටීම බලාසිටිය නොහැකි බැවින් මෙම පියවර ගත් බවද උන් වහන්සේ කීහ.
නිලධාරීන්ගේ කරඇරීම් තුළින් බුද්ධ ශාසනයත් බෞද්ධයාත් බේරා ගැනීමට නොහැකි බවද සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.
http://lankacnews.com/sinhala/news/119857/