Saturday, 23 August 2014 00:35
ජාතික මට්ටමේ මුස්ලිම් සංවිධානවල සාමාජිකයන් සහ විවිධ ක්ෂේත්‍රවල මුස්ලිම් විද්වතුන්ගේ එකමුතුවක් වන ජාතික ෂූරා සභාවේ මහා රැස්වීම පසුගිය 2014 අගෝස්තු 17 වැනි දින පවත්වන ලද අතර එයට එම සංවිධානයේ සභාපති තාරික් මහ්මූද් මුලසුන දැරුවේය.
එවිට මසකටත් අධික කාලයක් මුළුල්ලේ ඊශ්‍රායිලයේ ම්ලේච්ඡ ප්‍රහාර නිසා ඝාතණයට හා හානියට ලක්ව සිටින පලස්තීන වැසියන්ට තම සංවේගය හා සහය දැක්වීමේ සංඥාවක් ලෙසින් ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ලබා දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපකෂ මැතිඳුන්ට සහ එතුමන්ගේ රජයට ස්තූතිය ප්‍රකාශ කළ යුතුය යැයි ඒකමතිකව තීරණය කරනා ලදී. එමෙන්ම, මේ වන විට පලස්තීනයේ ළමුන් 402 ක්ද, ස්ත්‍රීන් 249 සහ වයෝවෘධයන්74 ක් ඝාතණයට ලක් කර ඇති යුදෙව් සංහාරයට විරෝධය පෑමක් ලෙසින්, මෙම ම්ලේච්ඡ ක්‍රියාව නවතා පලස්තීනය පූර්ණ ස්වෛරීත්වය ඇති ජගත් ප්‍රජාවෙහි සාමාජික රටක් ලෙසින් ඊශ්‍රායිලය පිළිගන්නා තෙක්, ඊශ්‍රායිලය සමග ශ්‍රී ලංකා රජයට ඇති සියළුම තානාපති සබඳතා සිඳ දමන මෙන් රජයෙන් ඉල්ලා සිටීමටද ජාතික ෂූරා සභාව මෙම රැස්වීමෙහිදී තීරණය කළේය.
එවකට මුස්ලිම්, ක්‍රිස්තියානි හා යුදෙව් ආගමිකයන් වාසය කළ සාමකාමී බහු ආගමික රටක් ලෙසින් පැවති පලස්තීනයේ වැසියන්ගේ බහුතර මතය පවා නොවිමසා, එකම රැයකින් ‘ඊශ්‍රායිලය’ නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි වූ නමුත්, පසුගිය වසර 67 ක කාලයක් තිස්සේ පලස්තීනයට පූර්ණ රාජ්‍ය තත්වයක් නැවතත් හිමි කර දීමට එම ජගත් සංවිධානය අපොහොසත් වී තිබීමද ජාතික ෂූරා සභාව දැඩි සේ හෙළා දකියි.
එමෙන්ම, ඊශ්‍රායිලයේ ම්ලේච්ඡකමිවලට විරෝධය පාමින් 2014 අගෝස්තු 13 වැනි දින ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය විසින් පවත්වන ලද උද්ඝෝෂණයට තර්ජන එල්ල කරමින් හා එම උද්ඝෝෂණයට බලයෙන් හා නීතිවිරෝධී ලෙසින් කඩා පැන එම සාමකාමී රැලිය කඩාකප්පල් කර තවත් ජාතිවාදි කෝලාහලයක් උසි ගන්වන්නට බොදු බල සේනා දියත් කළ අසාර්ථක වෑයමද ජාතික ෂූරා සභාවේ දැඩි පිළිකුලින් හෙළා දකියි.
මේ අතර, අගෝස්තු 12 වැනි දින බොදු බල සේනා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවෙහිදී ශ්‍රී ලංකාවේ ඛෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමට ඊශ්‍රායිලය ලබා දුන් සහය එහි සාමජිකයන් විසින් සිහිපත් කරන ලද්දේ, අපගේ මව්බිමේ ලේ වගුරවන්නට එම ඊශ්‍රායිලය විසින්ම කොටි සංවිධානයට ලබා දුන් පුහුණු හා කොටින්ව ඔවුන් බිහිසුණු අවිවලින් සන්නද්ධ කළ ආකාරය මේ රටේ මිනිසුන්ට අමතක වී ඇත යැයි සිතමින් බව පෙනේ. මෙසේ ඊශ්‍රායිලය කොටි ත්‍රස්තවාදීන්ට සහය ලබා දුන් සැටි හෙළි කළේ ඊශ්‍රායිලයේ ප්‍රධාන ඔත්තු සේවාව වන මොසාඩ් සංවිධානයේම නිලධාරියෙකුව සිටි වික්ටර් ඔස්ට්‍රොව්ස්කි විසින් බව ලොවම දනියි. ඔස්ට්‍රොව්ස්කි විසින් ඊශ්‍රායිලයේ මෙම නිහීන ක්‍රියා ගැන හෙළිකරමින් ලියන ලද ‘බයි වේ ඔෆ් ඩිසෙප්ෂන්’ (By Way of Deception) නම් වන ග්‍රන්ථය නිව් යොර්ක් ටයිම්ස් පුවත් පතේ ‘වැඩියෙන්ම අලෙවි වූ’ පොත් ලැයිස්තුවේද එදිනවල ඉහළින් වැජඹුනි.
තවද, 1987 ජූනි 2 වැනි දින අරන්තලාවේදී භිකෂූන් 31 ක් නමක් ඝාතණය කිරීමට කොටින්ට සැලැස්ම හා අවශ්‍ය අවි ආයුධ ලබා දුන්නේද යුදෙව්වන්ය යන ලෝ ප්‍රකට සත්‍යය වසන් කරන්නට හා මිනිසුන්ට අමතක කරවන්නට බොදු බල සේනා දැඩි සේ යන්ත දරමින් සිටියි. මේසා විශාල පිරිසක් සංඝරත්නය අමු අමුවේ ඝාතණය කළ කොටින්ව රහසිගතව නොර්වේහිදී හමූ වී ඔවුන් සමග බොදු බල සේනා සංවිධානය රහස් සබඳකම් පැවැත්වුවා මදිවට, එදා සංඝයා වහන්සේලා කිහිප දෙනෙකුවම එසේ කුරිරු ලෙසින් ඝාතණය කරන්නට සැලසුම්, පුහුණු හා අවි සැපයූ ඊශ්‍රායිලයට ආ වඩන්නටද දැන් බොදු බල සේනා කල්ලිය කරන වෑයම අභිමානවත් ලාංකිකයන් ඉමහත් කම්පාවට පත් කර ඇත.
බොදු බල සේනා කල්ලියේ මෙම දේශ ද්‍රෝහී සාසන ද්‍රෝහී ක්‍රියාව සාමය අගයන නියම ශ්‍රී ලාංකික සංවිධායක් ලෙසින් ජාතික ෂූරා සභාව තරයේ හෙළා දකියි.
එමෙන්ම කොටි ත්‍රස්තවාදයට එරෙහි දශක ගණනාවක් පැවති යුද්ධය වත්මන් රාජපකෂ රජය සාර්ථකව නිමා කළ ඓතිහාසික දිනයෙහි - එනම් 2009 මැයි 18 වැනි දින - ශ්‍රී ලංකාව හා රාජපකෂ ආණ්ඩුව පැසසුමට ලක් කරනවා වෙනුවට ලංකා රජයට හා රටට නිදහස ලබා දුන් අපගේ වීරෝදාර ත්‍රිවිධ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශනයක් පැවැත්විය යුතුය යැයි, එම ඓතිහාසික දිනය යෙදුනු දිනයේම පවත්වන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීමෙහිදී හඬ නැගූ පළමු රට වූයේ ඊශ්‍රායිලය බවද අප මෙවිට සිහිපත් කර දෙනු කැමැත්තෙමු.
එම රැස්වීමෙහිදී එවකට සෞඛ්‍ය ඇමතිව සිටි ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාරක කමිටුවේ සභාපති ලෙසින් තෝරා ගැනීමටද එදා ඊශ්‍රායිලය අසාර්ථක ලෙසින් සිය විරෝධය පෑ සැටි ලාංකිකයන් කිසිවෙකුට අමතක වී තිඛෙන්නට නොහැක.
අප රටට එරෙහි ඊශ්‍රායිලය කැණහිලිකම් එයින් අවසන් වූයේ නැත.
රාජපකෂ රජය විසින් යුද්ධය නිමා කරන ලද එම ඓතිහාසික දිනයෙන් සතියක් ගත වූවාට පසුව, ශ්‍රී ලංකාව විෂයයෙහි පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවරයෙහි නැවතත් අප රටට එරෙහිව ජාත්‍යන්තර වේදිකාවේ අයුක්තිසහගත ලෙසින් හා අප රටට මෙන්ම අපගේ මව්බිමේ භෞමික අඛණ්ඩ බව සුරැකීම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට එරෙහිව යුරෝපා සංගමය ගෙනෙන්නට වෑයම් කළ අතිශය හානිකර තීරණයට සහය දක්වමින් ඊශ්‍රායිලය කෑ ගැසුවේ, එම කවුන්සිලයේ සාමාජික රටක් නොවන තත්වයේ සිටිමින්ය.
අද බොදු බල සේනා සංවිධානය පෙනී සිටින්නේ හා හඬ නගන්නේ එම නිහීන යුදෙව් කුමන්ත්‍රණකරුවන් වෙනුවෙනි.
මෙහිදී බොදු බල සේනා සංවිධානයේ වංක බව හා ඔවුන්ට ඇත්තේ මෙරටේ පවතින සිංහළ - මුස්ලිම් සමගිය විනාශ කරන දුෂ්ට න්‍යාය පත්‍රයක්ය යන සත්‍යය තහවුරු කරන තවත් සංසිද්ධියක් ගැන සඳහන් කරනු කැමැත්තෙමු.
එනම් පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායිලය සිදු කරමින් සිටි සාහසික ප්‍රහාරවලට එරෙහිව පසුගිය අගෝස්තු 8 වැනි දින ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් පැවැත් වූ විට බොදු බල සේනා සිටියේ මීයට පිම්බා ලෙසින් කන් බිහිරි කරන නිහඬතාවයකිනි. නමුත් මුස්ලිම් සංවිධානයක් පීඩා විඳින තම පලස්තීන සොහොයුරන් වෙනුවෙන් එවැන්නක් කරන්නට ක්‍රියා කළ විට එය තවත් ජාතිවාදී කලහයක් බවට පත් කිරීමේ ඉනිමගක් කර ගැනීමට බොදු බල සේනා කල්ලිය වහා ක්‍රියාත්මක විය.
මේ සියල්ල ගැඹුරු ලෙසින් අධ්‍යයනය කරන විට සැකෙවින් පෙනී යන්නේ, බොදු බල සේනා සංවිධානය කටයුතු කරන්නේ, අප රට උපයන විදේශ ආදායමෙන් අඩක්ම අපට ලැඛෙන මැද පෙරදිග අරාබි රටවල් සහ ලොව අපට සෑම අතින්ම සහය දෙන මුස්ලිම් රටවල් සමග අප රටට ඇති සුහද සබඳතාවය සිඳ දමා, අපව ලොව හුදෙකලා කර, අපගේ ආර්ථීකය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට කුමන්ත්‍රණය කරන ඇතැම් දුෂ්ට බාහිර බලවේගවල අතකොළුවක් හෙවත් බළල් අතක් ලෙසින්ය යන කාරනාවයි.
මේ සියලූ කරුනු සැලකිල්ලට ගෙන බොදු බල සේනා මෙන්ම එවැනි අන් කණ්ඩායම්වලට ඔවුන් මෙම රටට කරමින් සිටින අකටයුත්ත ගැන අර්ථයෙන් ධර්මයෙන් පැහැදිලි කර ඔවුන්ගේ මෙම අවිචාරයෙන් ඔවුන් මුදවන මෙන් මල්වතු,අස්ගිරිය සහ සියම් නිකායේ මහා නාහිමිවරුන්ගෙන් අප ඉතා ගෞරව පූර්වව ආයාචනා කර සිටිමු.
එමෙන්ම මෙවැනි නිෂ්ඵල ක්‍රියාවලින් ඉවත් වී, මෙම රට හා විශේෂයෙන් බහුතර ජනයාට ව්‍යශනයන් වෙමින් පවතින සුරාව, සූදුව, දුරාචාරය වැනි පාපතර ක්‍රියාවල දුර්විපාක ගැන අනුශාසනා කර එයින් ඔවුන්ව ගලවා ගැනීමේ වැඩසටහන් ආරම්භ කරන මෙන්ද, පොදුවේ රටවැසියාට පිළිල බවට පත්ව ඇති මත් උවදුර, මිනිමැරුම්, දූෂණ, ළමා අපාචාර,මංකොල්ල, ගෘහස්ත ප්රචණ්ඩත්වය, කැසිනෝ ශාලා, ගණිකා මඩම් සහ තැබෑරුම්වල සීඝ්‍ර ව්‍යාප්තිය වැනි දේවලට එරෙහිව බොදු බල සේනා වැනි ආවේගශීලී කණ්ඩායම් නැගී සිටින්නේ නම් මේ සියලූ ගම්පෙරළිවලට වඩා එයින් රටට වඩාත් ලොකු සෙතක් වනු නියතය.
Saturday, 23 August 2014 00:12
Hajj tour operators meet BBS
by: Faizer Shaheid
Disgruntled Hajj tour operators on Wednesday (20) met members of the Bodhu Bala Sena (BBS) to air their grievances over the Haj Pilgrimage quotas allocated to them by the HaJj Committee headed by Senior Minister A.H.M. Fowzie.
A group of 10 Hajj operators had filed a case in the Supreme Court citing that disproportionate quotas were being distributed among Hajj operators. According to M.M. Mohamed, President of one of the Hajj Operator groups, the Hajj committee, had distributed the quotas according to their own whims and fancies. This was done so, despite the method arranged by former Chief Justice Shirani Bandaranayake in 2012, he claimed.
The Court verdict had been delivered in favour of the Hajj tour operators. Court had ordered the Secretary to the Ministry of Buddha Sasana to prepare a fresh allocation of quotas according to the method prescribed in the 2012 judgement. However, on Friday (15), the Saudi Government had approved the list originally sent by Minister Fowzie, and refused to make alterations.
Disgruntled by the turn of events, Hajj tour operators had met the BBS to discuss the issue. Chief Executive Officer of the BBS, Dhilanthe Withanage acknowledged having met a group led by M.M. Mohamed over a number of issues.
"They had contacted Ven. Galagodaaththe Gnanasara Thera on Tuesday (19) night and requested a meeting. We arranged for the meeting. On the request of Ven. Gnanasara Thera, I met them outside the Rajagiriya Mosque with a few other BBS members and then we moved to a private place. There were about 10 persons from the Hajj committee group who met us," Withanage said. "They placed their grievances, but we refused to intervene because it was an internal issue. They reiterated their stand by claiming that it was about the violation of the Court Order by Minister Fowzie and the arbitrary politicization of the issue. At that juncture, we agreed to support them but refused to intervene in the matter," Withanage continued.
M.M. Mohamed reported a slightly different version of the story. He claimed that he, with five others were in a vehicle outside the Rajagiriya Mosque when they met Dhilanthe Withanage. A conversation ensued and he had expressed his grievances on the issue. "With that we parted ways" he said.
http://www.ceylontoday.lk/51-71061-news-detail-hajj-tour-operators-meet-bbs.html