Friday, 16 June 2017 14:19
නීතිඥවරුන්ගේ කරුණු පරස්‌පරයි;
ඥානසාර හිමිට වරෙන්තු
ඒ. ඡේ. ඒ. අබේනායක
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (15 දා) වරෙන්තු නිකුත් කළාය.
සැකකාර ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා හා නීතිඥවරිය දක්‌වන කරුණුවල දැඩි පරස්‌පරතාවක් පවතින බව පෙන්වා දෙමින් මහෙස්‌ත්‍රාත්වරිය එම වරෙන්තු නියෝගය නිකුත් කළාය. 2014.04.09 වැනිදා වටරැක විජිත හිමියන් ප්‍රමුඛ ජාතික බලසේනා සංවිධානය විසින් කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේදී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවට බලහත්කාරයෙන් හා අයුතු ලෙස කඩා වැදී බලපෑම් කිරීම හා කුරානයට අපහාස කිරීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළු හත් දෙනකුට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් පවරා තිබූ නඩු දෙක ඊයේ (15 දා) කැඳවිණි.
එහිදී සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා අධිකරණයට පෙන්වා දුන්නේ උන්වහන්සේගේ ජීවිතයට එල්ල වී ඇති මරණීය තර්ජන නිසා අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වී ඇති බවයි. එම කරුණු තමා විසින් අභියාචනාධිකරණය හමුවේදීද පෙන්වා දීමෙන් පසුව අභියාචනාධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීමෙන් වැළකී සිටි බව ජනාධිපති නීතිඥවරයා එහිදී මහෙස්‌ත්‍රාත්වරියට පෙන්වා දුන්නේය.
එම අවස්‌ථාවේදී සැකකාර හිමියන් වෙනුවෙන් එම නඩු කටයුතුවලට පෙනී සිටි නීතිඥවරියක වන සුදර්ශනී ගුණරත්න මහත්මිය කරුණු දක්‌වමින් උන්වහන්සේව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්aඩායම් කිහිපයක් යොදවා ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බව අධිකරණ හමුවේදී පැවසුවාය.
අධිකරණය( අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්‌ඩායම් යොදවලා තියෙනවා කියන එක හරි. පොලිසිය පරීක්‌ෂණ පවත්වනවා කියන එක වෙනම කාරණාවක්. එහෙම කියලා අධිකරණයට එන්නේ නැති නම් ඒකත් අධිකරණය මඟහැරීමක්. නීතිය කාටත් සාධාරණ විය යුතුයි.
අධිකරණ හමුවට ඉදිරිපත් නොවන ඕනෑම කෙනෙකුට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නීතියේ සඳහන් වෙලා තියෙනවා. විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් දෙවිධියකට කරුණු දක්‌වනවා යෑයි පෙන්වා දුන් විනිසුරුවරිය එම නඩුව ලබන අගෝස්‌තු 10 වැනිදා යළි කැඳවන ලෙසට නියෝග කරමින් එම වරෙන්තුව නිකුත් කළාය.
http://www.divaina.com/2017/06/16/news01.html
Thursday, 15 June 2017 15:04
The Colombo Fort Magistrate Lanka Jayaratne today issued an arrest warrant on Bodu Bala Sena (BBS) General Secretary, Ven. Galagodaatte Gnanasara Thera, for failing to appear in courts. This is the second arrest warrant issued on the thera. (Shehan Chamika Silva) -
http://www.dailymirror.lk/article/Arrest-warrant-on-Gnanasara-Thera-130948.html