බුරුමයේ දෙවන විශාල නගරය වන ‘මණ්ඩලේ’ නගරයෙහි මුස්ලිම් පල්ලියකට සහ වෙළෙඳ සැල් වලට අලාභ හානි සිදු කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.
මුස්ලිම් කණ්ඩායමකට පහර දීමට පැමිණි පන්සීයකට අධික බෞද්ධයන් පාලනය කර ගැනීම සඳහා මැදිහත් වීමට පොලිසියට සිදු විය.
එම බෞද්ධ කණ්ඩායම යකඩ පොලු සහ උණ බම්බුවලින් සන්නද්ධවයි ප්‍රහාරයට පැමිණ තිබෙන්නේ.
එක් මුස්ලිම් වැසියකුට වෙඩි තබා ඇති අතර බෞද්ධයන් තුන් දෙනකුට තුවාල සිදුව ඇති බවත් බුරුමයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
පසුගිය අවුරුදු තුන ඇතුළත බුරුමවාසී බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජා කණ්ඩායම් අතර සිදු වෙන මෙවැනි ආගම්වාදී ගැටුම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ම වාර්තා විය.
එම ගැටුම් වැඩි වශයෙන් සිදු වන්නේ බටහිර බුරුමයේ ‘රකින්’ප්‍රාන්තයේ බවයි වාර්තා මගින් පැවසෙන්නේ.
2012 වසරේ බුරුමයේ ‘රකින්’ප්‍රාන්තයේ සිදු වූ බෞද්ධ මුස්ලිම් ගැටුම්වලින් අඩු තරමින් ජීවිත දෙසීයක්වත් විනාශ විය.