අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හටගත් ගැටුම් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය පවසයි.
එහිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා, ගැටුම් හටගත් ජුනි 15 වැනි දින අලුත්ගම දී පවත්වන රැස්වීමේදී එහිමියන් කළ කථාවට අදාලව එම ප්‍රකාශය සටහන් කරගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ.
රැස්වීමේදී අදහස් දැක්වූ අනෙක් කථිකයන් ගෙනුත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පවසන පොලිස් නිවේදනය, පසුගිය ජුනි 30 වැනි දින සිහල රාවය සංවිධානයේ අක්මීමන දයාරත්න හිමියන් ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත බවද සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාශය සහ තවත් විමස්ර්ශන අංශ අදාළ ගැටුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවද පොලිස් නිවේදනයේ සඳහන්.
තවත් විස්තර ඉක්මනින් ...