සිරිකොත ප්‍රහාරය ඇතුළු වෙනත් බොහෝ ගැටුම්වලට සහභාගි වූ මැරයන් අලුත්ගම සහ බේරුවල ගැටුම්වලටත් සම්බන්ධ වූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
ප්‍රහාරවලට පැමිණි පිරිස් මේ වන විට හඳුනා ගෙන ඇති බව පැවසූ විපක්ෂනායකවරයා මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන බවයි ගැටුම් වලින් පීඩාවට පත් ජනතාව ඉදිරියේ අවධාරණය කර සිටියේ.
ගැටුම්වලින් හානියට පත් බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල සංචාරයක නිරත වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේය.
හානියට පත් නගර යළි ගොඩනැගීමට පෙර ගැටුම්වලට සහභාගී වූ හා ගැටුම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ප්‍රදේශවාසීහු විපක්ෂනායකවරයා ඉදිරියේ ප්‍රකාශ කළ බව මාධ්‍යවේදී රත්න ශ්‍රී ගමගේ සංදේශයට කියා සිටියේය.
අලුත්ගම සහ බේරුවල පැවති ගැටුම් සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140629_ranil_aluthgama_criminals.shtml