Monday, 05 January 2015 13:01
රජයේ මුද්‍රණාලයේ මුද්‍රිත බවට සැක කෙරෙන ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් බලන්ගොඩ ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සංධානයට අයත් දේශපාලනඥයෙකු ගෙන ගිය බව කියන මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ බව රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් ඒ පී සී පෙරේරා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට ද තොරතුරු වාර්තා වූ බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.
‘අපි දන්නේ නෑ මේක ආණ්ඩුවේ මුද්‍රණාලයේ මුද්‍රිත එකක් ද කියලා. කොහොම එළියට ආවද කියන්න අපි දන්නේ නෑ. මේක ආකෘතියක්ද කියලා දන්නෙත් නෑ. ඒ කොහොම වුණත් මේක නොවිය යුත්තක්. මැතිවරණ නීති රීති වල මේ බව පැහැදිලිව තියනවා. මහජනතාවට ඡන්දයක් ගැන වගේම ඡන්දයක තියන රහස්‍ය බව ඉන් නැති වෙනවා. ඒක විශ්වාසවන්ත බවට කැළලක්’ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කීවේය.
ඡන්ද පත්‍රිකාවක් හෝ එහි ආකෘතියක් භාවිතා කිරිම, ළඟ තබා ගැනීම පවා දඩුවම් ලැබිය හැකි වරදකි.
රජයේ මුද්‍රණාලයේ මුද්‍රිත බවට සැක කරන මෙම ඡන්ද පත්‍රිකාවේ SHE 000200-P.E 2015 Government Press PV යනුවෙන් ද සඳහන්ව ඇත.
ලබන 08දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ඉන් පෙන්නුම් කර ඇත.
නිල ලිපි ශීර්ෂ
‘මේ ඡන්ද පත්‍රිකාව බෙදලා දීලා තියෙන රැස්විමට ආරාධනා කරලා තියෙන්නේ ප්‍රාදේශීය සභාවක නිල ලිපි ශීර්ෂ යොදා ගෙන සැකසූ ලිපියකින්. ඊට අත්සන් කරලා තියෙන්නේ එහි සභාපතිවරයා. ඒකත් නුසුදුසු ක්‍රියාවක්. මේ වගේ දේවල් වලින් මැතිවරණයක විශ්වාසවන්ත බව ජනතාවගෙන් ගිලිහිලා යනවා.’ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා තව දුරටත් සඳහන් කළේය.
මෙම ඡන්ද පත්‍රිකාව පසුගිය තැපැල් ඡන්දයේදී පිටවූවක්ද, රජයේ මුද්‍රණාලයෙන් පිටවූවක්ද එසේත් නැත්නම් ව්‍යාජ ලෙස සැකසූ එකක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඉහත කී පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150102_balangoda_ballot_paper
Monday, 05 January 2015 13:00
මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහාය දෙන විපක්ෂ හවුලට විරෝධය පළකරමින් මාතරසනත් ජයසූරිය කී‍්‍රඩාංගණය ඉදිරිපිටදී ජාතික මෙහෙවර නම් සංවිධානයක පුද්ගලයින් තුන්දෙනෙකු උපවාසයක යෙදීසිටී. මෛතී‍්‍රපාල සිරිසේන රනිල් වික‍්‍රමසිංහ සහ රාවුෆ් හකීම් යන මහත්වරුන්ද, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ දෙමළ ජාතිකසන්ධානයද අතර ඇති රහස් ගිවිසුම් හෙළි කරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42563:2015-01-05-07-03-17&catid=42:2012-05-31-04-01-44&Itemid=90