-
පැය 2 කට පෙර
එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය “වෛශ්‍යාවක” සහ “බැල්ලියක” ලෙස හැඳින්වූ සුප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක ගේ දේශනයක් වෙත බුරුම රජය අවධානය යොමු කොට තිබේ.
පසුගිය සතියේ මියන්මාරයේ සංචාරයක යෙදුනු එක්සත් ජාතීන්ගේ නියෝජිත යන්ග්හී ලී බුරුම මුස්ලිම් ජනතාවගේ අසරණ භාවය පිළිබඳව අදහස් මතුකර දැක්වීමෙන් පසුවයි ප්‍රසිද්ධ බුරුම භික්ෂුවක් වූ අෂින් වීරතු හිමියන් විසින් එසේ ඇය ට අපහාස වනසේ අදහස් දක්වනු ලැබ තිබුණේ.
එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවට මෙතරම් කැමැත්තක් දක්වන්නේ ඔවුන් සමග රමණයේ යෙදුන නිසා විය හැකි යැයි ද වීරතු හිමියන් පැවසූ බවයි සඳහන් වන්නේ.
අෂින් වීරතු හිමි බුරුමයේ මුස්ලිම් ජාතිකයන් වෙත සීමාවන් පැනවිය යුතු බවට හඬ නගන සංවිධානයක නායකයා යි.
බුරුම රජයේ තොරතුරු සන්නිවේදන පිලිබඳ අමාත්‍යවරයා පැවසුවේ වීරතු හිමියන් ගේ දේශනය විමසිල්ලට ලක් කිරීමට ආගමික කටයුතු පිලිබඳ අමාත්‍යාංශය උනන්දු කළ බවයි.