Saturday, April 27, 2024
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • Anti-terrorism Bill will be changed
    The highly controversial Antiterrorism Bill is subject to amendments and changes in Parliament and as such no one should have any fear or feeling of threat from the proposed Bill, Justice Minister Dr. Wijeyadasa Rajapakshe said. The government is aware of concerns raised by the global and local community on certain provisions contained in the draft of the Anti-terrorism Bill and the Government is ready to alleviate them by discussion, compromise and flexibility, he added. Addressing a news conference at the Information Department auditorium, Minister Rajapakshe said the Prevention of Terrorism Act (PTA) passed in 1979 under President J.R. Jayewardene’s rule as a temporary measure to counter the emerging separatist insurgency. The PTA has been misused and exploited by successive Governments since then for their personal and political...
    Read More...
  • WhatsApp adds option to use the same account on multiple phones
    WhatsApp users are no longer restricted to using their account on just a single phone. Today, the Meta-owned messaging service is announcing that its multi-device feature — which previously allowed you to access and send messages from additional Android tablets, browsers, or computers alongside your primary phone — is expanding to support additional smartphones. “One WhatsApp account, now across multiple phones” is how the service describes the feature, which it says is rolling out to everyone in the coming weeks.
    Setting up a secondary phone to use with your WhatsApp account happens after doing a fresh install of the app. Except, rather than entering your phone number during setup and logging in as usual, you instead tap a new “link to existing account” option. This will generate a QR...
    Read More...
  • CBK commends Dr. Shafi’s noble gesture of donating past salary to buy essential medicine
    Falsely accused by racist elements for alleged illegal sterilisation, Kurunegala Teaching Hospital doctor says racism will not take country or organisation forward except make poor people suffer more; calls on all to make Sri Lanka racism-free   Former President Chandrika Bandaranaike Kumaratunga has commended Dr. Mohamed Shafi Shihabdeen over his gesture of donating the past salaries amounting to Rs. 2.6 million during his suspension and imprisonment on false charges to buy essential medicines. Chandrika Bandaranaike Kumaratunga

    Dr. Mohamed Shafi Shihabdeen



    Following...
    Read More...
  • Dr. Shafi donates arrears of his salary to purchase medicines for hospitals
    Dr. Shihabdeen Mohamed Shafi, the doctor at the Kurunegala Teaching Hospital has decided to donate arrears of his salary amounting over Rs. 2.67 million for the purchase of essential medicines for hospitals.

    Dr. Shafi who was on compulsory leave on charges of performing infertility surgery, has received a cheque of over Rs. 2.67 million salary arrears from the Health Ministry last week.

    The salary arrears include the basic salary, interim allowance, cost of living, and allowance in lieu of pension for the period of compulsory leave imposed on Dr. Sihabdeen.

    Dr. Shafi who was employed at the Kurunegala teaching hospital was arrested on May 25th, 2019, on charges of performing infertility surgery.
    On July 25, 2019, the Kurunegala Magistrate’s Court ordered that the doctor be released on bail.
    Read More...
  • Govt. used Sinhala-Buddhist shield to its maximum benefit Ven. Galkande Dhammananda Thera
    This Govt. nurtured thug-like monks promoted them and deployed them in various  places Certain monks have severe psychological wounds If  society isn’t healed cases of domestic violence, harassment and child  abuse will be on the rise Reconciliation  was about having workshops, providing a report and earning dollars Accountability  has not been included in the Constitution or the Judicial system Terrorism  sprouts in a country that has no justice Ven. Galkande Dhammananda Thera who currently heads the Walpola Rahula Institute for Buddhist Studies has been addressing issues related to social justice and harmony while promoting an inclusive and plural society. Having gathered a wealth of experience during the height of war for instance and having encountered various incidents during his lifetime, Ven. Dhammananda Thera has...
    Read More...
  • Health ministry to pay back-wages for Dr. Shafi before July 10
    The Ministry of Health today gave an undertaking before the Court of Appeal that the salary and allowances payable to Dr. Shafi  Shihabdeen will be paid before July 10 this year. The Ministry of Health gave this undertaking pursuant to a writ petition filed by Dr. Shafi  Shihabdeen, who was at the centre of the controversy surrounding the alleged sterilisation of female patients. The Director General of Establishment at the Ministry of Public Services had earlier informed the Court that the basic salary, interim allowance, cost of living and allowance in lieu of pension could be paid to Dr. Shafi Shihabdeen, for the compulsory leave period. Meanwhile, the petitioner expressed willingness to attend the preliminary inquiry before Director of Kurunegala Teaching Hospital Dr. Chandana Kendangamuwa. Taking into consideration the facts,...
    Read More...
  • Sri Lanka court orders release of lawyer held for two years
    A Sri Lankan court has ordered the release on bail of a lawyer arrested over his alleged links to the 2019 Easter Sunday bombings and held for nearly two years on charges rights groups say lacked credible evidence. Hejaaz Hizbullah was arrested in April 2020 and accused of being linked to the attacks on churches and hotels that left 279 people dead. But after prosecutors failed to provide evidence of his involvement in the attacks, blamed on a local group, he was instead Read More...
  • Hejaaz Hizbullah leaves from remand custody
    Attorney-at-law Hejaaz Hizbullah today left from remand custody after fulfilling his bail conditions before Puttlalam High Court.

    He was incarcerated for 22 months for allegedly committing offences come under the Prevention of Terrorism Act.Last Monday (07), the Court of Appeal ordered to release Hizbullah on bail pursuant to a revision application filed on behalf him.Hizbullah was ordered to be released on a cash bail of Rs.100,000 with two sureties of Rs.500,000 by Puttlalam High Court Judge Kumari Abeyratne. He was further ordered to report to the DIG office of Puttalam Police Division every second and fourth Sunday of every month.An indictment under the Prevention of Terrorism Act and the International Covenant on Civil and Political Rights (ICCPR) Act has now been served on Hejaaz Hizbullah. According to the indictment, Hizbullah...
    Read More...
  • හිජාස් ගෙදර යයි

    (නිමන්ති රණසිංහ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාරව ඇප මත මුදාහැරීමට පුත්තලම මහාධිකරණය අද (09)...
    Read More...
  • Court of Appeal grants bail on Hejaaz Hizbullah
    The Court of Appeal today ordered to release Attorney-at-law Hejaaz Hizbullah on bail after nearly two years in detention and remand custody. Accordingly, the Court of Appeal directed the Puttalam High Court to release Hejaaz Hizbullah on bail with suitable bail conditions. The Court of Appeal two-judge-bench comprising Justice Menaka Wijesundera and Justice Neil Iddawala made this order taking into consideration a revision application filed on behalf of Hejaaz Hizbullah. The Attorney General did not raise objections to release Hizbullah on bail. On January 28, an application made by the defence requesting to release Attorney-at-law Hejaaz Hizbullah on bail was rejected by Puttalam High Court.   The High Court Judge Kumari Abeyrathne refused to grant bail citing that she has no jurisdiction to grant bail under the Prevention of Terrorism...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

මං මස්, මාළු කනවා, සෙන්ට් සුවඳට හරිම ආසයි, වයස දොලහේ ඉඳළම පෙම් සබඳතා තිබුණා..

Latest

User Rating: / 0
PoorBest 

September 10, 2014 at 12:01 am | lanka C news

මං මස්, මාළු කනවා, සෙන්ට් සුවඳට හරිම ආසයි, වයස දොලහේ ඉඳළම පෙම් සබඳතා තිබුණා..

ඇත්තටම ඔබවහන්සේ කවුද? කොහේ ඉඳලද ඔබ වහන්සේගේ ආගමනය සිදු වුණේ?
ඉතා හොඳ ප්‍රශ්නයක්. මම ගැන දැන් කතා කළාට ඊට පසුබිම හැදෙන්න අවුරුදු 20ක් විතර ගත වුණා. ජාතික, ආගමික, සමාජයීය මෙහෙවරේ ඉතා දීර්ඝ කාලයක් මම යෙදිලා හිටියා. ඒ ඉතා නිහඬව. මම හිතනවා මේ අපි මතු වෙන්න ඕන යුගය කියලා. කවුරුත් කා අතරත් අද මම විවාදාපන්න චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ඒක අහඹුවක් නෙවෙයි.

කාලයක් නිහඬව හිටියත් දැන් ඔබ වහන්සේ මේ රටේ ඉතාම ජනප්‍රියයි. ඔබවහන්සේගේ උපතත් සමඟ මේ ගැන අනාවැකි පළ වුණාද?
මට මතකයි පුංචි කාලේ එවැනි දේවල් කේන්දරය බලලා කියල තිබුණා. නමුත් පැවිදි වෙනවා කියලා නම් එහි තිබුණේ නැහැ. කේන්දරයේ තිබුණේ හමුදාපති දක්වා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලයි. ඉතින් ඒවා සියල්ල කෙසේ හෝ වේවා කුමන හෝ යුග මෙහෙවරක් කරන්න යෙදිලා ඇති. ඒකට සාංසාරික පුරුද්දකුත් ඇති. ඒ සාංසාරික පුරුදු ඕනෑම ජීවිතයක කොයියම්ම හෝ මොහොතක මතු වෙන්න පුළුවන්.
ඔබ වහන්සේගේ අරමුණ දේශපාලනිකයිද? ආගමිකයිද?
මේ දෙකම. අපි කවුරුත් දේශපාලනයෙන් වියුක්ත නැහැ. හැම මනුෂ්‍යයාටම එය පොදුයි. අපි උපදිනකොටම කුමන හෝ දේශපාලනයකට සම්බන්ධයි. නමුත් අපි විශ්වාස කරනවා අපි කරන්නේ ඓතිහාසික යුග මෙහෙවරක් කියලා. රටේ රජු අධාර්මික වෙද්දි, ජනතා අප්‍රසාදයට පත් වෙද්දි යහපත් දරුවෙක්ව සසුන්ගත කරලා, පන්සල් හදලා, නිසි වයසට පැමිණි පසු සිවුරු ගලවලා රජ කරවපු ඉතිහාසයක් අපට තියෙන්නේ. ඉතින් අපි කරන්නේ ඒ ඓතිහාසික දේශපාලනය. යුගය විසින් පවරාපු වගකීම. අපි ඊට අදාළව වැඩ කරනවා පමණයි. එයින් එහාට අපිට කිසිම න්‍යායක් නැහැ.

නිර්දේශපාලනිකයි කිව්වට ඔබ වහන්සේ පිටුපස ප්‍රබල අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් තිබෙනවා නේද?
ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම පිළිකුලින් යුතුව හෙළා දකිනවා. මොකද මේ රටේ මොන දේ කරන්න ගියත් හෙළාදකිනවා. අපි ඇන්දත් වැරැදියි. හිටගත්තත් වැරැදියි. ඒක තමයි මිනිසුන්ගේ ස්වභාවය. නමුත් මම වගකීමෙන් කියනවා බොදු බල සේනාව හා මා පිටුපස අපව මෙහෙයවන දේශපාලන හස්තයක් නැහැ. අපේ නායකයා බුදුහාමුදුරුවෝ. ගොඩක් සංවිධාන තියෙනවා ඒ අය නටන්නේ ඒ සංවිධානවල නායකයෝ හෝ කාගේ හෝ පදයකට. ඒත් අපි යන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වපු ගමන් මඟේ. අපේ පදය ධම්මපදය අපි නටන්නෙ ඒ පදයට.
ආණ්ඩුව මඟින් බොදු බල සේනාව මෙහෙයවනවා කියන කතාව බොරුද එතකොට?
අපි සාර්ථක වෙද්දි මේ රටේ දේශපාලන පක්ෂ හැසිරුණු විදිය අපි දැක්කා. අපිට ආණ්ඩුව, විපක්ෂය චෝදනා කරනවා. සමහරු කියනවා අපි ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කරනවා කියලා. කවදාවත් දැකලා තියෙනවාද අපිට රජයේ මාධ්‍යයකින්, රජයේ පත්තරයකින් ඉඩක් දෙනවා. ඉතාම කෙටියෙන් කියන්න තියෙන්නේ අපේ පිටුපස රජය හෝ රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් නැහැ කියන එකයි.
බොදු බල සේනාවට සම්බන්ධ වෙන්න කලින් ඔබවහන්සේ වැඩවිසුවේ කොහේද?
මම මුලින්ම ගාල්ලේ වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ විසුවා. ඒ මගේ ගුරු බිම. ඉන් පසුව අපේ විදේ‍යාදය තමයි ගුරුකුලය. ඒවාහි වැඩිදුර අධ්‍යාපනය හදාරලා තමයි පරිවේණාධිපතිවරයෙක් විදියට ඉඳලා 98 අවුරුද්දේ ඉඳලා සම්පූර්ණයෙන්ම මම මේ ජාතික වැඩපිළිවෙළට එකතු වුණා. පරිවේණාධිපති තනතුරුවලින් පවා විශ්‍රාම අරගෙන පූර්ණකාලීනව මම මේ දේවලට එකතු වුණා.

27.ඔබවහන්සේව මාධ්‍ය තුළ නිරන්තරයෙන් හමු වන්නේ ආවේගශීලී භික්ෂුවක් විදියට. ඇයි වැඩිපුර බණ දහම් දෙසන්නෙ නැත්තේ?

මගේ ඩයරිය මේ මොහොතේ බැලුවොත් ඔබට පෙනෙයි මම මාසෙට බණ දෙසුම් 15ක් පමණ කරන බව. සාමාන්‍යයෙන් මගේ ධර්ම දේශනාවලට 3,000 පමණ එනවා. ලංකාවේ සමහර ගුවන් විදුලි නාළිකාවල වැඩිපුරම විකාශය වෙන්නේ මගේ වැඩසටහන් නම නොකිව්වාට.
මට සමාජය නිවන්න පුළුවන් ඉතා හොඳ ආධ්‍යාත්මික කටහඬක් තියෙනවා. මට මණ්ඩපයට ගියොත් පිරිත් කියන්නත් පුළුවන්. වටාපත අරගෙන භාවනාවට කමටහන් දෙන්නත් පුළුවන්. බණ කියන්න, බෝධිපූජාව තියන්නත් පුළුවන්. නමුත් ඒ සියල්ල අමතක කරලා තමයි මම මේ ජාතික වගකීම හිසින් දරා ගන්නේ. මම මේ වැඩපිළිවෙළට සම්බන්ධ නොවුණා නම් අද මම මේ රටේ ඉන්න ප්‍රසිද්ධ සහ ජනප්‍රියම ධර්ම දේශකයා වෙන්න ඉඩ තිබුණා.
ඔබවහන්සේට පුළුවන් නේද ඉතින් ආවේගශීලී නොවී මේ දේවල් කියන්න?
මම ආවේගශීලීයි. කියන දේ ඇත්ත වුණාට කතා කරන විදිය හරි නැහැ. ඒ සංඝයා වහන්සේ කතා කරන්න දන්නේ නැහැ ආදී ලෙස ඉතාමත් තදබල විවේචන මට තිබෙනවා. දරුවෙක් වරදක් කළාම මවුපියෝ මුලින්ම කරන්නේ බොහොම ආදරයෙන් අවවාද කරන එක. ඒත් දෙවැනි වරටත් ඒ වරදම කරනවා නම් ආදරේ වුණත් කරන්නේ සැර පරුෂ විදියට බනින එක. තුන් වෙනුවත් ඒකම කරනවා නම් කරන්නේ දඬුවම් කරන එක.

අපි මේ රටේ නායකයන්ට වගකිව යුත්තන්ට මේ දේවල් ඉතා හොඳින් කිව්වා. නිවුණු ස්වරයෙන් කිව්වා. අහන පාටක් නෑ. ඒ නිසා අපි තීරණය කළා සිංහලයාට දැනෙන භාෂාවෙන් අමතන්න. ඒක හරියටම හරි ගියා. අපිට නිවන්න ඕන තැන්වල නිවන්නත් පුළුවන්. අවුළන තැනක අවුළන්න ඕන නම් ඒකටත් අපි ලෑස්තියි.

 

ඔබවහන්සේ පැවිදි ජීවිතයට ඇතුළු වුණේ වයස කීයෙන්ද?
අවුරුදු 14න්.

ඇයි සසුන්ගත වෙන්න හිතුවේ?
පුංචි කාලේ ඇති වුණු සිතිවිල්ලක් එක්ක. මවුපිය විරෝධතාව මත තමයි මම මහණ වෙන්නේ. මට මහණ වෙන්න උදවු කළේ මගේ ආච්චි. මොකක් හෝ පුණ්‍යවන්ත සිතිවිල්ලක් ඇති වෙන්න ඇති. අපි ගම්වල උදවිය. මම ගාල්ලේ, ඇල්පිටියේ. මේ සංසාරය ගැන, බුද්ධ ශාසනය ගැන එහෙම ලොකු අවබෝධයකින් නෙවේ මම මහණ වුණේ. අපිට තිබුණේ දහම් පාසලෙන් ලබා ගත්තු දැනුම විතරයි. 1989දී තමයි මම මහණ වුණේ. දැන් මට අවුරුදු 39ක්. අපේ ගමේ ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ පිරිසක් සිටියා. උන්වහන්සේගේ වැඩ කරන ආකාරය, උන්වහන්සේගේ දේශනා ගැන මට ඇල්මක් ඇති වුණා. එහෙම තමයි මහණ වුණේ. නැතිව ජීවිතය, සංසාරය ගැන කලකිරිලා හෝ ඒ ගැන දැනගෙන නෙවෙයි.

ඔබවහන්සේට අවස්ථාවක් ලැබුණොත් තෝරාගන්නේ නිර්වාණ සම්පත්තියද ජනාධිපතිකමද?
නිර්වාණය පාරමී පුරලා ලබාගත යුත්තක්. ඒක ලෙහෙසියෙන් පහසුවෙන් ලබා ගන්න බැහැ. බුදු, පසේබුදු, මහ රහත් බවට පත්වෙලා තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ආත්ම භාව සිය ලක්ෂ ගණනක කරන පාරමිතාවල ප්‍රතිඵලය තමයි නිවන. ඒකට අපි වෑයම් කරන්න ඕනා. නිවන තමයි පරම අපේක්ෂාව. නමුත් ඉන් මෙපිට ජීවත් වන සමාජය දුකට පත් වෙනවා නම් දුකින් මුදවලා බෝධිසත්ව චර්යාවෙන් අපිට වැඩ කරන්න පුළුවන් නම් එයයි අපේ යුතුකම. හැබැයි ඒකට මේ රටේ ජනාධිපති වෙන්නම ඕන නැහැ.

ධම්ම සාකච්ඡා ධම්ම සවනං තවමත් මේ සමාජයට ගැළපෙනවාද?
මේ සමාජය ජරාජීර්ණ වෙලා. මිනිසුන්ට කන්න නෑ. පවුල් බිඳිලා, දුරාචාරයට ගොදුරු වෙලා. නන්නත්තාර වෙලා. කොච්චර බණ කියනවද? කෝ අහන කෙනෙක්, කෝ සැනසෙන කෙනෙක්. ඉස්සර වෙලාම මිනිස්සු සන්තෝෂයෙන් නිරෝගීව වාසනාවන්තව දිවි ගෙවන පරිසරයක තමයි කියන දෙයක් ධාරණය වෙන්නේ. බඩගින්දරින් ඉන්න මිනිසුන්ට කියන බනින් ඇති වැඩක් නැහැ. අපි මුලින්ම කරන්න ඕනා කුසගිනි නිවන එක.

යොවුන් වියේ මහණ වුණු ඔබවහන්සේට ගිහි ජීවිතය තුළ ප්‍රේමය ගැන අත්දැකීම් තිබිලා තියෙනවාද?
අනිවාර්යයෙන්ම. අවුරුදු ‍ෙදාළහේ දහතුනේ ඉඳලම මට එහෙම සබඳතා තිබුණා. කොලුකම කෙල්ලෝ පස්සේ ගියා. එය හරි සුන්දරයි. අපි ඉතින් ඇස්වලින් ඉඟිබිඟි පෑවා. එහෙම අතීතයක් මටත් තිබුණා. නමුත් මට මතක විදියට අවුරුද්දක් දෙකක් විතර එහෙම හැඟීම් මෝදු වුණා. මහණ දිවියට ඇතුළත් වුණාට පසුව ඒ සේරම වතුරෙ ගියා.

පෙම්වතියක් ඒ කාලේ හිටියද?
එහෙම එක්කෙනෙක් නෙවෙයි. මට ඉතින් ඒ කාලේ සාහිත්‍ය සංගමයේ ආදී සංගම්වල මොනදේ තිබ්බත් මම තමා ගීත ගායනා කරන්න දක්ෂ. ඉතින් ඒ වගේ දේවල් නිසා මට හරියට ගෑනු ළමයින්ගේ ආකර්ෂණය හිමි වුණා. ටොෆි, චොක්ලට් දෙන්න, තේ දෙන්න ඕන තරම් කෙල්ලෝ හිටියා. අහවලා කියලා පෙම්වතියක් හිටියේ නැහැ.

නන්ද හාමුදුරුවන්ටත් ගිහි ජීවිතයේ පෙම් කළ ජනපද කල්‍යාණිව අමතක කරන්න බැරි වුණා. ඔබ වහන්සේ පැවිදි වුණාට පසුව ගිහි දිවියේ පෙම්වතියන් අමතක කරන්න පුළුවන් වුණාද?
එහෙම හැඟීම් මතු නොවුණා නෙවෙයි. මනුස්සකමට එහෙම වුණත් අපි ගිහි ජීවිතයේ ඉඳලා පැවිදි ජීවිතයට ආව සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා නෙවෙයිනේ එන්නේ. මටත් ඔබට දැනෙන හැඟීම්, ආශා, රාගය ආදී හැඟීම් විවෘතයි. මට කියලා ඒක විශේෂයක් නැහැ. නමුත් යම් වැඩපිළිවෙළකට හිත යොමු කළාට පසුව ඒ ශික්ෂණය නිසා ඒ දේවල් යටපත් වෙනවා. ඒ පරිසරය තුළ කවදාවත් ස්ත්‍රියකට ළං වෙන්න ආරරය කරන්න ඉඩ නැහැ. ඒ හැඟීම් සේරම මැරිලා ගිහින් ඉවරයි.

සුන්දර කාන්තාවක් දුටුවාම කවදාවත් ඔබවහන්සේගේ සිත සැලිලාම නැද්ද?
මෙහෙමයි. ලස්සන දෙයක් දැක්කොත් ඒක ලස්සනයි කියලා විඳගන්නවා. ඒක මනුස්ස ස්වභාවය. හැබැයි ඒක දකිනවා ඒක කර තියාගෙන යන්නේ නෑ. ඒ මොහොතේ ඒ සුන්දරත්වය දැක්කා. “ලස්සන කෙනෙක්” කියලා හිතුවා. ඒ හැඟීම ඒ මනෝභාවය පමණයි. එතැනින් එහාට කරේ තියාගෙන ඉන්නේ නැහැ.

ගිහි ජීවිතය තුළ ඔබවහන්සේ මත්පැන්, දුම්වැටි පානය කළාද?
කවදාවත් නැහැ.

බුදුරජාණන් වහන්සේටත් පෙම් බැන්ද ස්ත්‍රීන් හිටියා. තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදියට ඔබට ස්ත්‍රීන්ගෙන් ප්‍රේමාරාධනා ලැබිලා නැද්ද?
අනන්තවත් එහෙම දේවල් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවල බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙනවා හැසිරෙන්න ඕනෑ විදිය. මේ වගේ දේවල් වීම හරිම සාමාන්‍යයයි, ස්වාභාවිකයි.
අවස්ථා කිහිපයකදී මම එවැනි අපහසුතාවන්ට ලක්වුණා. මට මතකයි 2004 අමා වැස්ස කරන කාලේ හෙළ උරුමය පටන්ගන්න උදවු කරන කාලේ අපි ට්පධභදඤ එකේ වැඩ. එතැනදි මම කවදාවත් දැකලා නැති තරුණියක් ඇවිත් මං දිහාම බලාගෙන ඉන්නවා. මම යන යන තැනට එනවා. ඇය දිගටම එහෙම ආවා. මම යන්නේ කොතැනද එයා එතැන බලාගෙන ඉන්නවා. පසුව එතැන වැඩිහිටියන්ට මේ ගැන කිව්වා. එතකොට තමයි මම දැන ගත්තේ අර තරුණිය මට ප්‍රේම කරන නිසා කොයි තරම් මානසික පීඩාවෙන්ද ඉන්නේ කියලා. මාව දකින්න ඕනෑ, නොදැක ඉන්න බෑ කියලා තිබුණාට ඇය කවදාවත් මා සමඟ කතා කරලා නැහැ. මම පැයක් උන්නත් ඇය එතැන බලාගෙන ඉඳලා යනවා විතරයි.
බුදුන් අපිට දේශනා කළා එවැනි අවස්ථාවල මැය මගේ අක්කා වගේ, නංගී වගේ, දුව වගේ, අම්මා වගේ කියලා හිතන්න කියලා. ඒ ආකල්පය ඇති වුණාට පසුව කවදාවත් අපි වරදකට පෙලඹෙන්නේ නැහැ. නමුත් ඒ දේවල් ඇති වෙන්නේ නෑ කියන්න බෑ. එය හරිම ස්වාභාවිකයි. මොකද අපි සාමාන්‍ය මිනිස්සු.

ආණ්ඩුව තුළ ඔබවහන්සේ කැමැතිම සහ අකැමැතිම දේශපාලනඥයා කවුද?
මම කැමැතිම දේශපාලන චරිතය පාඨලී චම්පික රණවක මහත්මයා. අකැමැතිම දේශපාලන චරිතය රාජිත සේනාරත්න, වාසුදේව, ඩිලාන් පෙරේරාට කැමැති නෑ.

එ.ජා.ප.ය තුළ කැමැතිම සහ අකැමැතිම දේශපාලන චරිතය කවුද?
මට එහෙම කෙනෙක් නැහැ. පංචස්කන්ධ ගැන ගැටලු නෑ. මතවාද සමඟයි ගැටලුව.

ජේ.වී.පී.යේ කැමැතිම සහ අකැමැතිම පුද්ගලයෝ කවුද?
මම අනුර කුමාර දිසානායකට කැමැතියි. මම ජ.වි.පෙ. වැඩපිළිවෙළට කැමැතියි. ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ගේ මතවාදයට මම කැමැති නෑ. ජේ.වී.පී.ය පිළිගන්නවා නම් මේක සිංහල, බෞද්ධ රට කියලා අන්න එදාට අපි ඔවුන්ව ඉහළට ඔසවා තබාවි.

මේ අය ගැන එක වාක්‍යයකින් හඳුන්වා දෙන්න.
ඩිලාන් පෙරේරා – ජාතිකවාදී සියල්ලන්ටම පෙන්නන්න බෑ.රාජිත සේනාරත්න – එමමයි.මර්වින් සිල්වා – දෙපත් නයෙක් වගේ.එස්.බී. දිසානායක – හොඳ කටකාර චරිතයක්.

ඔබවහන්සේ ටෙලි නාට්‍ය චිත්‍රපට නරඹනවාද? නරඹනවා නම් අන්තිමට බැලූ නිර්මාණය මොකක්ද?
බලනවා. සෑහෙන කාලෙකින් බැලුවේ නැහැ. දඬුබස්නාමානය බැලුවා. මෑත කාලීනව නම් “මලී” බැලුවා. මොකද ගුප්ත දේවල් පෙන්නුව නිසා.

ඔබවහන්සේ මස් මාංස අනුභව කරනවාද?
ම්ම්ම්ම්ම්………. දැන් නම් බොහොම අඩුයි.

ඒ කියන්නේ තාමත් වළඳනවා……..?
ඔව්. සියල්ල නෙවෙයි. මස් මාංස කෑවත් මගේ තියෙන්නේ මධ්‍යස්ථ ප්‍රතිපදාව.

බෞද්ධ භික්ෂුවක් මස් මාංස වැළඳීම හොඳයිද?
අපි පිළිගන්නේ බුදුහාමුදුරුවන්ගේ බණ මිසක දේවදත්තගේ බණ නෙවෙයි. දේවදත්තත් බුදුන්ට කිව්වේ ජීවිත කාලයම මස් මාංසයෙන් වළකින්න කියලා. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළානේ. බුදුහාමුදුරුවෝ මජ්ජිම නිකායේ ජීවක සූත්‍රයේ දක්වලා තියෙනවා කන්න ඕන මස් මොනවාද නොකෑ යුතු මස් මොනවාද කියලා.

ඔබවහන්සේ සුවඳ විලවුන් පාවිච්චි කරනවාද?
ඔව්. මම ඒකට හරිම කැමැතියි.

ඔබවහන්සේ ගීත අසනවාද?
ඔව් අහනවා. මම හරිම කැමැතියි සුනිල් එදිරිසිංහ මහත්මයාගේ “මේ තරම් සියුමැලිද කළුගල්” ගීතයට.

කැමැතිම ප්‍රේම ගීතය කුමක්ද?
අමරසිරි පීරිස් මහතාගේ ළඳුනේ ගීතයට මම කැමැතියි.

අනවශ්‍ය යැයි හිතෙන ඇමැතිවරුන් ලංකාවෙන් නෙරපන්න අවස්ථාව ලැබුණොත් ඔබවහන්සේ නෙරපන්නේ මොන ඇමැතිවරුන්ද?
විශාල ප්‍රමාණයක් ඉන්නවා. 225න් තුනක් හතරක් ඉතිරිවෙලා සාතිශය බහුතරය නෙරපනවා. අෑත දූපතක ඒ අයව සිරගත කරනවා. සියලු පහසුකම් සහිතව.

– මවුබිම පුවත්පතිනි

http://lankacnews.com/sinhala/main-news/121850/

Login Form