-
පැයකට පෙර
රටේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ආගමික අන්තවාදය තර්ජනයක් බව මියන්මාර්හි ප්‍රථම රෝමානු කතෝලික කාදිනල්වරයා වන චාර්ල්ස් මොන්ග් බෝ (Charles Maung Bo) පවසයි.
රොයිටර්ස් ප්‍රවෘති ඒජන්සිය සමඟ සාකච්ජාවකට එක්වූ අලුතින් පත්වූ කාදිනල්වරයා පැවසුවේ බෞද්ධ ජාතිකවාදය, මුස්ලිම් ප්‍රජාව තුලින් මතු විය හැකි ප්‍රචණ්ඩත්වයකට හේතු පාදක විය හැකි බවයි.
ආගමික සහජීවනයක් ඇතිවිය යුතු බවයි ඔහු කියා සිටියේ.
රැඩිකල්වාදී බෞද්ධ භික්ෂුන් විසින් කරනු ලබන වෛරී කථා නවතා දැමීමට රජය ක්‍රියා කල යුතු බවයි ඔහු පැවසුවේ.
බෞද්ධ සහ මුස්ලිම් ජන කොටස් අතර හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එක් ලක්ෂ හතලිස් දහසක් පමණ මුස්ලිම් ජනතාව මේ වන විට ජීවත් වෙන්නේ අවතැන් කඳවුරුවලයි.