Friday, April 19, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

එ. ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

User Rating: / 1
PoorBest 

කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය යැයි තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා ප්‍රකාශ කරයි.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ක්‍රිස් වැන් හොලන් මහතා ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කර තිබෙන කමිටුවේ හිටපු සම සභාපතිවරයා ද වේ.
අනිවාර්ය ආදාහනය මුල් කරගනිමින් ක්‍රිස් වැන් හොලන් මහතා මෙලස රවිනාථ ආර්යසිංහ මහතාට ලිපිය යවා ඇත.

ක්‍රිස් වැන් හොලන් මහතා යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.

‘‘කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වයිරසය එකතු වන බවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් භූමිදානය සහ ආදාහනය යන දෙකටම අවසර ලබා දී තිබෙනවාගිකොවිඩ්-19’ ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වෙන බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා. කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය බවට පත් කිරීම මානව හිමිකම් උල්ලංඝනයකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. මේ නිසා කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට මහත් ඕනෑකමින් බල කර සිටිනවා’’.

මේ අතර නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුවත් දැනුම් දීම සඳහා සති අන්තයේ දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ද මේ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

සන්ඩේ ටයිම්ස්

http://www.lankadeepa.lk/news/%E0%B6%91--%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/101-585422

 

Stop forced cremation of COVID-19 victims

User Rating: / 1
PoorBest 

A group of Muslims staged a protest outside the United Nations Office in Colombo today insisting the Government to stop forced cremation of COVID-19 victims. Pix by Nisal Baduge

http://www.dailymirror.lk/caption_story/Stop-forced-cremation-of-COVID-19-victims/110-204523

 

කොරෝනා ආසාදිත සිරුරු ආදාහනය නවත්වන්නැයි එ.ජා. සංවිධානයෙන් ඉල්ලයි

User Rating: / 1
PoorBest 


( තිළිණි ද සිල්වා)



කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතයින් වන අහමඩ් ශහීඩ්, ෆර්නැන්ඩ් ඩී වැරෙන්නස්, ක්ලෙමන්ට් නයලෙට්සොස්සි වූලේ සහ ලැලෙන්ග් මොෆෝකෙන්ග් මෙම ඉල්ලීම සිදු කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම විශේෂඥයින් සිව්දෙනා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි.


එසේම කොවිඩ් ආසාදිත හෝ සැක කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සැළකුව ද එම සිරුරු මිහිදන් කිරීමෙන් වයිරස ව්‍යාප්තිය ඉහළ යන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටකින් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවද එම එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පෙන්වා දෙති.

කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය හෙළා දකින බවත් , කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම එය මානව හිමිකම් කඩ කිරීමක් ද වන බවයි එම නිවේදනයේ සඳහන් වේ.

ඇතැම් අවස්ථාවලදී වාර්තා වල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකර අදාළ ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර ඇත.

එලෙස කොරෝනා වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින්නේ යැයිද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

http://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B6%91-%E0%B6%A2%E0%B7%8F--%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-585202

   

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා

User Rating: / 1
PoorBest 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

 

 


 

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට, බිරිඳට‍ සහ දරුවාට ද  කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අද(18) තහවුරු වූ බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකුට  කොරෝනා ආසාදනයවීම  හේතුවෙන්  අද එම සැලසුම් අංශය තාවකාලිකව වසා එම සහකාර  අධ්‍යක්ෂකවරයා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයන්  40 කට ආසන්න  සංඛ්‍යාවකට පී. සී. ආර්. පරීක්ෂණ කළ බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 15 වෙනිදා  විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්  කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර  එයට රාජ්‍ය අමාත්‍ය පියල්  නිශාන්ත මහතා   ඇතුළු  දේශපාලනඥයන් ගණනාවක්  මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වී ඇත.

එම කමිටු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහකාර  අධ්‍යක්ෂකවරයා අසලම  පුටුවක වාඩි වී සිට ඇතැයි  එම  ආරංචි  මාර්ග වැඩිදුර සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා බිරිඳ හා දරුවා  කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය.

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F/1-584820

 

 

 

 

State Minister Piyal Nishantha contracts COVID-19

User Rating: / 1
PoorBest 

Women and Child Development State Minister Piyal Nishantha tested COVID-19 positive, the State Minister confirmed.

Publishing a post on his official Facebook page, the State Minister said he has been infected with the virus and added that he would follow the instructions given by the health authorities.

“I also request those who came into contact with me in last few days, to take necessary steps and precaution as per the guideline given by health officials,” he said in the post.

He was confirmed to have been infected with the virus following a rapid antigen test.

Piyal Nishantha was also seen in the occasion held on January 14 to declare open Southeast Asia’s largest tyre manufacturing facility at Wagawatta in Horana, where President Gotabaya Rajapaksa and several Ministers and State Ministers were present.

Ministers Rohitha Abeygunawardena, Ramesh Pathirana, Mahinda Amaraweera, Wimal Weerawansa, State Minister Kanaka Herath and Defence Secretary, Gen.(Retd) Kamal Gunaratne were also among those present at the opening ceremony.

Meanwhile, State Minister Piyal Nishantha was also one of those parliamentarians who experimented and took a sip of the syrup at the Parliamentary complex on December 10, 2020, and the syrup that claimed to cure COVID-19. (Sheain Fernandopulle)


http://www.dailymirror.lk/breaking_news/State-Minister-Piyal-Nishantha-contracts-COVID-19/108-203997

   

Page 8 of 147

Login Form