Tuesday, 13 March 2018 20:09

දිගන ප්‍රදේශයෙන් ආරම්භ වී මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත්
දිගන සහ තෙල්දෙණිය: මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ බෞද්ධ භික්ෂු මෙහෙයුම
දිගන ප්‍රදේශයෙන් ආරම්භ වී මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශවලටත් ජාතිවාදී ගැටුම් පැතිරෙමින් තිබුණු අවස්ථාවක සිංහල ගම්වලට මැදිව සිටි දෙහිගම, මුරුතලාව, කුරුගම හා දෙහිඅංග යන ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනතාව තැති ගැනී සිටියහ.
ඒ කොයි මොහාතක හෝ සිය නිවාසවලටත් ආගමික මධ්‍යස්ථානයටත් ප්‍රහාරයක් එල්ලවනු ඇති දැයි බියෙනි.
තමන් වැඩ සිටින නෙල්ලිගල, බෞද්ධ මධ්‍යස්ථානය අවට මතුවෙමින් පැවති තත්වය වටහාගත් එම බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ අඟහරුවාදා (මාර්තු 06) රාත්‍රියේ සිය සහෝදර භික්ෂුන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග ආරකෂක වැඩපිළිවෙලක් දියත් කළහ. ඒ නෙල්ලිගල අවට සිටින මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම සඳහාය.
"අපිට තොරතුරු ලැබුණා, සංවිධානාත්මක පිරිස් පිට ඉඳන් ඇවිල්ලා මේ ප්‍රදේශයට පහර දෙන්න ඉන්නවා කියලා. අඟහරුවාදා රාත්‍රී 9 ඉඳලා බදාදා එළිවෙනකම් අපි ඒ ස්ථානවලට ගිහිල්ලා ප්‍රදේශ ආරක්ෂා කළා," වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ බීබීසී සිංහල සේවයට පැහැදිලි කළහ.
"අවස්ථා හතරකදී ප්‍රහාර එල්ලකරන්න සුදනම් වෙද්දී ඒවා සාර්ථකව වළක්වන්න අපිට හැකිවුනා. එක් අවස්ථාවකදී ඉක්මනට පොලිසිය ගෙන්නා ගත්තා. ඊට අමතරව ඔවුන් ස්ථානගත වෙලා ඉන්න තැනට ගිහිල්ලා මේකේ තියෙන බරපතල කම, අශිලාචාර කම ඔවුන්ට පහදලා දීලා ඔවුන් ඒකෙන් මුදවා ගැනීමට අපිට හැකිවුනා."

මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන ඉදිරිපිට සිට ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කළ බව පැවසූ උන්වහන්සේ කලහකාරීන්ගේ අරමුණ වූයේ මුස්ලිම් ජනතාවගේ දේපලට හානි කිරීම බව ද පෙන්වා දුන්නේය.
"පල්ලි 14ක් හෝ 15ක් මේ ගම්වල තියෙනවා ඒ එකකට කිසිදු හානියක් නොවී අරකෂා කරන්න අපිට හැකිවුනා," වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පැවසූහ.
"මහජාතියේ වගකීම සුළු ජාතිය ආරක්ෂා කිරීම කියන එකයි මගේ මතය. ඒ දේ කරන්න අපිට පුළුවන් වුනා."
පෙට්‍රල් බෝම්බ යොදාගෙන ප්‍රදේශයේ අසාර්ථක ප්‍රහාර දෙකක් ද එල්ල වී තිබුණු අතර, පෙට්‍රල් බෝම්බ කිහිපයක්ද සොයාගෙන විනාශ කිරීමට කටයුතු කළ බවත් උන්වහන්සේ පැවසූහ.
"අපිට පළවෙනි දවස් දෙකේ අන්තවාදීන් දැඩි ලෙස දෝෂාරෝපණය කළා. නමුත් "සිකුරාදා දිනයේ මුස්ලිම් පල්ලිවලට ආරක්ෂාව දෙන්න රට පුරා ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වී ඇති ආකාරය දකින විට ගොඩක් සතුටුයි."
ආරකෂක අංශවල ද උපකාරයෙන් මෙවන් ආගම්වාදී, ජාතිවාදී ගැටළු තාවකාලිකව මර්ධනය කිරීමට හැකි වුවත් බෞද්ධ හා මුස්ලිම් යන දේපාර්ශ්වයම මෙම ගැටළුවට සාමකාමී විසඳුමක් ඇතිකරගත යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.
"මම මේකට සිංහල බෞද්ධ ජනතාවටම චෝදනා කරන්නේ නැහැ. මම වගකීමකින් කියනවා මුස්ලිම් අන්තවාදීන් පිරිසකුත් ක්‍රියාත්මක වෙනවා. සිංහලත් හැමෝම නෙවෙයි අන්තවාදීන් ඉන්නවා. ඔවුන් මේ තත්වයට වගකියන්න ඕනේ. මේ පාර්ශව දෙකේම අන්තවාදීන් මර්ධනය කිරීමේ වැඩපිලිවෙලක් කරන්න ඕනේ."
ජාතිවාදී ප්‍රකාශ වැළැක්වීම පිණිස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති.
පසුගිය සඳුදා (මාර්තු 05) සිට මහනුවර මුස්ලිම් පල්ලි 17 කට පහරදී තිබෙන අතර, ව්‍යාපාරික ස්ථාන 91 සහ නිවාස 62 සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේ ප්රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ සිංහල ජාතික දෙදරු පියෙකු මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය.
ඔහුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් ජාතික තරුණයන් සිව් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.
මුස්ලිම් විරෝධී ගැටුම් ගැන තවත් වාර්තා:
මුස්ලිම් විරෝධී ගැටුම් ගැන තවත් වාර්තා:
- සමගි ජාතීන් දෙක අතර හදිසි ගැටුමේ ඉතිහාසය
- මුස්ලිම් විරෝධී ප්‍රහාර පාලනය කිරීමට සමාජ ජාල තහනම 'පිටිවහලක් වුනා'
- "ශ්‍රී ලංකාවේ බෞද්ධ ජාතිකවාදය උත්සන්න වෙලා"
- මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන දේශපාලන නායකයෝ
- විපක්ෂයට චෝදනා කරන්නේ කුලප්පු කරන්න - මහින්ද
- ගැටුම් අතර දුටු මිනිසත්කම
- 'මහසෝන් බලකායේ' ප්‍රධානියා අත්අඩංගුවට
http://www.bbc.com/sinhala/sri-lanka-43356574
Tuesday, 13 March 2018 20:08

ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල්
පන්සලේ හංගාගෙන නවාතැන් දුන්
ගොමගොඩ හාමුදුරුවෝ
මහනුවර ජාතිවාදී කලබලයක් මතුවෙමින් පැවති ඉකුත් 06 වැනිදා ගොමගොඩ පන්සලේ ඇතිවූ සංසිද්ධිය බෞද්ධ හිමි නමකගේ විශිෂ්ට හැසිරීමක් සම්බන්ධව රටට ආදර්ශයක් සැපයූ වකි.
“අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. “ගොමගොඩ මුස්ලිම් පිරිසක් ඔවුනගේ දරු පැටව් සමග ගොමගොඩ පන්සලේ හාමුදුරුවෝ ළඟට
මහනුවර ජාතිවාදී කලබලයක් මතුවෙමින් පැවති ඉකුත් 06 වැනිදා ගොමගොඩ පන්සලේ ඇතිවූ සංසිද්ධිය බෞද්ධ හිමි නමකගේ විශිෂ්ට හැසිරීමක් සම්බන්ධව රටට ආදර්ශයක් සැපයූ වකි.
“අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. “ගොමගොඩ මුස්ලිම් පිරිසක් ඔවුනගේ දරු පැටව් සමග ගොමගොඩ පන්සලේ හාමුදුරුවෝ ළඟට ආවේ අඳුර පැතිර යමින් රැය ආරම්භ වූ
මොහොතකය.
පන්සලට පැමිණි මුස්ලිම් කාන්තාවන් අතර එක් කාන්තාවක් අත මාස දෙකක බිළිඳෙකු ද සිටිනු ගොමගොඩ පන්සලේ කහගල ධම්මානන්ද හිමියන් දුටුවේය. මේ පිරිස දැකීමෙන් උන්වහන්සේගේ හදවත සංවේදි විය. පන්සලට පැමිණි මුස්ලිම් දෙමළ පිරිමි ගැහැනු හා දරුවන් සියලු දෙනාම පන්සල ඇතුළට කැඳවා ගත් හාමුදුරුවෝ ඔවුන්ට නවාතැන් දුන්නේය. පන්සලේ තිබුණු කොට්ට පැදුරු සියල්ල පන්සලේ ගොඩනැගිල්ලේ ඇතුළත බිම දමා බියටත් කම්පනයටත් පත්ව සිටි පිරිස හිදුවා හාමුදුරුවෝ ඔවුන්ට බිස්කට් හා තේ වතුර සංග්‍රහයක්ද සූදානම් කළෝය.
එසේ කළ ධම්මානන්ද හිමියෝ පණිවුඩ යවා ගමේ දායකයින් කීප දෙනෙකු කැඳවා ගත්තේය. අපේ ගමේ කිසිකෙනෙක් කලබලවලට හවුල් වෙන්න බෑ. මේ බලන්න මේ අහිංසකයෝ කිරි කැටි දරුවෝ එක්ක ගුලිවෙලා ගැහෙනවා. අපි කව්රුත් මනුෂ්‍යයෝ සිංහලයෝ මුස්ලිම් අයට ගහනවා කියලා මේ අය පන්සලට දුවගෙන ආවේ අපෙන් ඔවුන්ට කරදරයක් නැති බව විශ්වාසයෙනි. අපි ඔවුන් රැක බලා ගන්න ඕනේ ධම්මානන්ද හිමි පන්සලට පැමිණි දායකයින්ට කීහ.
කිරි කැටියන් තුරුල් කරගත් මුස්ලිම් කාන්තාවක් බයෙන් ගැහෙනු දැක ඔවුන්ගේ හදවත්ද සසල විය. ඔවුන්ද මේ අසරණභාවයට පත්ව සිටි පිරිසට ආහාර පිළියෙළ කර දෙන්නට ඉදිරිපත් වූහ. ඒ වන විටත් ධම්මානන්ද හිමි උන්වහන්සේට හැකි අයුරින් බිස්කට් විස්කෝතු සමග ඔවුන්ට තේ බොන්නට දී තිබුණි. බඩ ගින්නට වඩා ඔවුන්ට තිබුණේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බියකි.
දෙමසක් වයසැති බිළිඳකු අතැතිව සිටි ෆාතිමා අපට කීවේ මෙවන් කතාවකි. එදා අපි ගෙදර හවස කෑම උයමින් සිටියේ. අපි දැන ගෙන හිටියා දිගන නගරයේ කලබල තියෙනවා කියලා අපිත් බයේ තමයි හිටියේ. ඒ ගැන හිතමින් සිටියදී තමයි ත්‍රීවීලර් එකකින් කට්ටියක් කෑ ගහගෙන ගියේ.
ඔවුන් කිව්ව දේ අපට පැහැදිලිව ඇහුණෙ නෑ. ඒ වුණාට මුස්ලිම් අය සිංහල කෙනෙක් මැරුවා කියල සිංහල අය මුස්ලිම් අයට ගහන්න එනවා කියලා අපිට ආරංචි වුණා. අපි බය වුණේ මේ පුංචි දරුවත් අරගෙන මටවත් අපේ ගෙදර අයටවත් යන්න තැනක් තිබුණෙනැති නිසයි මේ ගැන හිත හිත ඉන්න කොට තමයි ගමේ මුස්ලිම් අය හැමෝම පන්සලට යමු කියලා තීරණයක් ගත්තේ. අපේ හාමුදුරුවෝ කාටවත් කරදර කරන්නේ නෑ. උන්වහන්සේ ගැන අපිටත් විශ්වාසයක් තිබුණා. ඒ නිසා අපි උයන්න ගත්තුව එහෙම දාලා සමහර අයගේ ගෙවල්වල බාගෙට ඉදුණු බත් එක නිවා දාලා පන්සලට ආවා. හාමුදුරුවෝ අපිට ආරක්ෂාව දීලා කන්න බොන්න දීලා නිදා ගන්නත් ලෑස්ති කරලා දුන්නා යැයි ඇය කීවාය.
ධම්මානන්ද හිමියන් අපිට පැවසුවේ බුද්ධාගමේ උගන්වන්නේ මනුෂ්‍ය ගුණධර්ම ගැනයි. අපි බෞද්ධයෝ නම් ඒ ගුණධර්ම ආරක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ. මුස්ලිම් අය කීප දෙනෙක් පහර දීලා අපේ සිංහල මනුෂ්‍යයෙක් මැරුණා. අපි ඒක අනුමත කරන්නේ නෑ. සිංහල සිංහල අයත් මුස්ලිම් මුස්ලිම් අය අතරෙත් ඔය වැනි සිද්ධි වෙනවා. එහෙම වෙලාවට අපි මේ විදියට කලබල කර ගන්නවාද? ඇයි මේ ආරවුල් ජාතිවාදී ආරවුල් බවට පත් කරගන්නෙ ආරවුලට සම්බන්ධ වූ අයට පමණක් අපේ අය දඬුවම් දෙනවා නම් ඒක තරමක් හෝ සාධාරණයි කියල හිතන්න පුළුවන්. එහෙම නැතිව ගැටුමට කිසිම සම්බන්ධයක් නැති අයට පහර දීලා ඔවුන්ගේ දේපළවලට හානි කිරීම කව්රු කළත් වැරදියි.
මොන ජාතියට අයත් වුණත් අසරණ වෙලා අපේ ළඟට එන්නෙ අපි ගැන විශ්වාසයෙන්. ඒ නිසා අපිට අහක බලාගන්න බෑ. කිරි කැටියෝ තුරුල් කරගෙන ගැහෙමින් ජීවිත ආරක්ෂාව ඉල්ලාගෙන පන්සලට ආවා. මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට මට පුළුවන් විදියට පන්සලේ නවතින්න ඉඩකඩ දුන්නා. මට පුළුවන් විදියට කන්න බොන්නත් දුන්නා. මගේ දායකයිනුත් ඔවුන්ට කන්න ගෙනත් දෙන්නද කියලා මගෙන් ඇහුවා. ඒ විදියට අපේ ගමේ මගේ දායකයෝ සමගියෙන් කටයුතු කරනවා. මගේ දායකයෝ කව්රුත් ඔය කලබලවලට ගියේ නෑ. ධම්මානන්ද හිමියෝ අප සමග කීහ.
මුස්ලිම් තරුණයින්ගේ පහර දීමෙන් මියගිය අයගේ නිවසට යන පාරේ පිහිටි මුස්ලිම් පල්ලියට හා ඒ ප්‍රදේශයේ මුස්ලිම් දේපළවලට හානියක් නොවී රැක ගත්තේද අපේ බෞද්ධ හිමි නමකි. උන්වහන්සේ අම්බාලේ පේරකැටිය විහාරයේ අධිපති කීණපැලැස්සේ උපාලි ඤාණිස්සර හිමියන්ය. මියගිය තැනැත්තාගේ ගමේ පන්සල පේරකැටිය විහාරයය. එහෙම අයද ගැටුම්වලට සම්බන්ධ වීම වළක්වා ගෙන ඇත්තේ උපාලි හිමියන්ය. රටක් ගිනි තියන්න ඇතැම්හු අවස්ථා සොයමින් සිටියදී ගිනි ගැනීම් වළක්වන්නට කටයුතු කළ මෙවැනි යථිවරයන්ද සිටි බව අපි සටහන් කරන්නේ ඔබට යමක් සිතන්නට ඉඩ ඉතිරි කරමිනි.
සටහන - ජයසූරිය උඩුකුඹුර
ඡායාරූප :ලක්මාල් වසන්ත


