Friday, 09 March 2018 18:23
මහනුවර අන්තරායකාරී පරිසරයක් නිර්මාණය කරන්නට ජාතික අසමගිය ඇති වන ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරමින් සිටි පුද්ගයින් 10 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද සවස දැනුම් දුන්නේය.
එහි ප්‍රධාන සැකකරු විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ සහ දෙවැනියා ලෙස හදුනාගත් නස්නාරං පට්ටියගේ සුරේද සුරවීර ද සිටින බව ඔහු සදහන් කළේය.
අමිත් ජීවන් වීරසිංහ යනු මින් ඉහත 2017 දෙසැම්බර් ගිංතොට මුස්ලිම් විරෝධි කලබලයක් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරමින් නිර්මාණය කරන්නට උත්සුකවීම නිසා
පොලිසිය සොයමින් සිටි සැකකරුවෙකි.
‘මහසෝන් බලකාය‘ නමැති කල්ලියක් ඔහු නිර්මාණය කර තිබුණ බවද පැවසුණ අතර නිරන්තරයෙන්ම සිය මුහුණින්ම ෆේස් බුක් වෙත සජීවීව එමින් අන්‍ය ජාතීන් හෙළා දකින අදහස් පැතිරීමට කතා පැවැත්වූ අයෙකි.
අමිත් ජීවන්ගේ සහායක ලෙස කටයුතු කරන නස්නාරං පට්ටියගේ සුරේද සුරවීර ‘සිංහලේ සුරේද‘ යන නමින් හදුන්වනු ලබන්නෙකු වන අතර ඔහුද ‘මහසෝන් බලකාය‘ ආරම්භක සාමාජිකයෙකු බවත් ඔහු විසින්ම තබන ලද සටහන් වලින් අනාවරණය වී තිබේ.
මේ දක්වා දිගන පූජාපිටිය ආශ්‍රිතව සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කරන ලදි.
මේ දක්වා මහනුවර සිදුවීම් 45 ක් වාර්තාවී තිබෙන බව දැන්වූ මාධ්‍ය ප්‍රකාශක සිදුවීම් වලින් දෙදෙනෙකු මියගොස් ඇති බවත් මුස්ලිම් කඩ සාප්පු 200 කට වැඩි ගණනක් විනාශ වී ඇති බවත් දන්වා සිටියේය.
මෙවැනි වැරදි සඳහා අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ට ඇප ලබාගැනීමට වුවද ඉතා සුවිශේෂී වූ කරුණු ඉදිරිපත් කළ යුතු බවත් 2018 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන සහ බලතල) රෙගුලාසි යටතේ කටයුතු සිදු කරමින් පවතින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
අමිත් ජීවන් වීරසිංහ තමාගේ මුහුණද යොදමින් මුහුණු පොතේ පළ කර තිබෙන මතවාදී අදහස් කිහිපයක කොටස් පහතින්
කිහිපයක කොටස් පහතින්

Friday, 09 March 2018 11:16
"ගැටුම් ගිනිදැල් මැදින් නැගී සිටි සැබෑ මිනිසුන්"

පසුගිය දින කිහිපය තුළ මහනුවර සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර අද බ්‍රහස්පතින්දා (මාර්තු 08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉහත කී සැකකරුවන් අතර 'මහසෝන් බලකාය' ලෙස හඳුන්වනු ලබන සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අමිත් ජීවන් වීරසිංහ නම් තැනැත්තකුද සිටින බවය.
දින කිහිපයක් පුරා මහනුවර ආශ්‍රිතව සිදුවන වර්ගවාදී ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි මෙන්ම දේපළ හානි රැසක් වාර්තා වී ඇත .
නිවාස, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන හා ආගමික ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කෙරුණ අතර එමගින් සිදු වූ අලාභය තවමත් ගණන් බලා නොමැති අතර ඒ සඳහා කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බව රජය පවසයි.
සිදු කළ අලාබ හානි පියවා ගැනීමට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ඇතුළු සෙසු ජනයාගේ බදු මුදල් යොදවමින් පෙරටත් වඩා හොඳින් එම ගොඩනැගිලි ඉදි කර දීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඔහුගේ සමාජ ජාල අඩවියේ පළකර ඇත.

දේපල විනාශ කිරීම තමන් විසින් තමන්ම විනාශ කර, රට තවදුරටත් ණය උගුල්වල සිර කරන ක්‍රියාවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පෙන්වා දෙයි.
මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට සිදු කළ හානිය ගැන දැඩි අවධානයක් යොමු වෙමින් පවතිද්දී පෞද්ගලික දේපල,දේවස්ථාන සහ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වළක්වමින් ඒවා ආරක්ෂා කළ සිංහල සහ මුස්ලිම් ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව ගැන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.
"හිතවත! හිතවතිය! ඔබේ 'ගෙලිඔය' නගරය ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ වගකීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය කැටි කර ගෙන අපි ඉදිරියට යා යුතුයි. අපේ නගරය වගේම එහි ජීවත් වන සියලු දෙනා ආරක්ෂා කිරීම අපගේ වගකීමයි", සිංහල මුස්ලිම් ජනතාව එක්ව ජිවත්වන ගෙළිඔය නගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයේ ප්‍රචාරක රථය මෙවැනි නිවේදන නිකුත් කරමින් වීදී සංචාරයේ යෙදුණි.
"අපේ වටිනා නිවාස, ජිවිත ආරක්ෂා කර ගැනීම සහ ගැටුම් වලට නොයෑම අපේ යුතුකමයි. අපේ මනසට විෂබීජ දාලා. අපේ නගරය, රට විනාශ කරන වැඩපිළිවෙල අපි නැවැත්විය යුතුයි" යනුවෙන් නිවේදනය කළ එම ප්‍රචාරක රථය පැය කීපයක් ගෙලිඔය ප්‍රදේශයේ සංචාරය කරමින් සාමය ආරක්ෂා කිරීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
සබැඳී තොරතුරු:
සමාජ මාධ්‍යජාල මිනිසුන් එක් කිරීමටද?භේද කිරීමටද?

තවදුරටත් ගැටුම් ඇති නොකර නිවාසවල රැඳෙමින් සිංහල හා මුස්ලිම් සමගිය ආරක්ෂා කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස අකුරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියේ ශබ්දවාහිනිය මගින් දිගින් දිගටම නිකුත් කළ නිවේදන එහි සිටි මාධ්‍යවේදීන්ට අසන්නට ලැබුණි.
මුරුතලාව ප්‍රදේශයේ තම පල්ලිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු සිංහල තරුණයන් පිරිසක් එහි රාත්‍රිය ගත කළ බව මුරුතලාව ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයෙක් පවසයි.
නිවාස විනාශ වීම නිසා ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නවාතැන් පහසුකම් ලබා දීමට ද ඇතැම් අසල්වැසි සිංහල නිවැසියන් ඉදිරිපත් වී ඇති බව දිගන ප්‍රදේශයෙන් වාර්තා විය.
මුල් සිද්ධියේදී ජීවිතය අහිමි වූ සිංහල සහ මුස්ලිම් තරුණයන්ගේ ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මෙම මරණ හේතුකොටගෙන තවත් ගැටුම් නිර්මාණය කර නොගන්නා ලෙසයි.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැති නිසා, අද (මාර්තු 08) උදෑසන 10 සිට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.
මෙම සාමකාමී තත්වය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි සංචාරයේ යෙදිය හැකි අතර, දැනට එහි සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී එහි සිටින සංචාරකයන්ට අවශ්‍ය නම් ප්‍රදේශයෙන් පිටවී යෑම සදහා විශේෂ බලපත්‍රයක් නිකුත් කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණි.
http://www.bbc.com/sinhala/sri-lanka-43331179