Thursday, June 04, 2020
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • හිජාස්ගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න නියෝග
    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්  නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට  අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන්  වන විරෝධතා සතියක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) වැඩබලන පොලිස්පතිට...
    Read More...
  • Hejaaz Hizbullah, The Shining Young Attorney Held Incommunicado By Mass L. Usuf
        The dreaded Prevention of Terrorism (Temporary Provisions) Act No. 48 of 1979 (PTA) has been in public discussion ever since it was enacted. It was initially introduced in Parliament as ‘Temporary Provisions’ vide Section 29 of the Act which read: “The provisions of this Act shall be in operation for a period of three years from the date of its commencement.” Thereafter, this Temporary Provision paradoxically found a permanent abode, approximating four decades, by virtue of an amendment; “Prevention of Terrorism (Temporary Provisions) Amendment Act, No. 10 of 1982. It now reads: “Section 29 of the principal enactment is hereby repealed.” Widely condemned as an equivalent of Draco’s law, this statute was passed under the watch of the JR Jayewardene Presidency. It was specifically designed to confer on the police...
    Read More...
  • ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය, 'මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්', ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා
    Image copyrightTWITTER/ JUSTICE FOR HEJAAZ අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය. රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක කෙතරම් අවධානයට ලක් වූයේ ද යත් ඔහුගේ මිතුරන් මතු නොව, අධිකරණයේ දී ඔහුගේ ප්‍රතිවාදීන් වූ සගයින්...
    Read More...
  • NEC Chairman continuing as one-man commission: Hoole
    August, September dates  discussed for polls 
    Bills from 2019 presidential  election not paid
    My US citizenship oath nothing to  be ashamed of
    National Elections Commission (NEC) member Ratnajeevan H. Hoole has not been in good terms with NEC Chairman Mahinda Deshapriya in recent times and this has been evident in statements Hoole has made to the media. In an interview with Dailymirror, Hoole opens up on his issues with Deshapriya, concerns over the proposed dates for the parliamentary election and several other matters. Excerpts:

    Q  There was a lot of debate with regard to the postponed parliamentary poll and now the NEC has picked June 20 to hold the election. Why June 20?
    Many have asked why we chose the President’s birthday. I was not aware it is his birth date. Superstition is suggested because...
    Read More...
  • Sri Lanka’s Muslim Coronavirus Victims Deserve Honorable Religious Funeral
    While Sri Lankan government remains adamant on cremating bodies of Muslim coronavirus victims, despite an earlier decision to allow burials, doctors worldwide have come out with scientific facts to prove that   burials, now taking place in more than 180 countries worldwide, do not cause any harm to anyone.

    Burial for Muslim corona virus dead victims, according to World Health Organization guidelines and local funeral laws, was agreed all over the world  

    In a 16 minute video Dr Feroze M Mubarak, COVID-19 Practice Strategy Lead, Clinical Director, SAS North & Central London on scientific facts-Cremation of Covid 19 infected bodies, has explained clearly why in the case of Muslims, Christians and Jews burial should be permitted.

    https://youtu.be/NQQxvmgRp08   However here in Sri Lanka the government,...
    Read More...
  • Respect Burial Rights; Stop Hate Speech Against Muslims: UN Tells Gota
    The United Nations Special Rapporteur on freedom of religion or belief has urged President Gotabaya Rajapaksa to follow WHO guidelines on the disposal of deceased persons.

    Writing to the President, the UN Special Rapporteur on freedom of religion said: We would like to encourage your Excellency’s Government to reconsider the provisions in the MoH Guideline by taking into account of the key considerations provided by WHO Guideline for the disposal of the bodies of human beings deceased from the COVID-19, and revise the circular accordingly. In view of the challenges posed by the pandemic it is important that the Government avoids any unnecessary measures that are likely to raise tension and are running contrary to the respect of the fundamental human rights of the persons belonging to different communities that exist in Sri Lanka....
    Read More...
  • Anguish as Sri Lanka forces Muslims to cremate COVID-19 victims
    Rights group and activists accuse gov't of forcing cremation of Muslim COVID-19 victims in disregard to WHO guidelines. The forced cremation of two COVID-19 infected Muslims in Sri Lanka has sent shock waves among the minority community, which accused the authorities of violating Islamic burial rites. Bishrul Hafi Mohammed Joonus, a 73-year- old  man from the capital Colombo who died of COVID-19, was the second Muslim to have been cremated in the Indian Ocean island nation, which has registered 151 cases so far. Bishrul's son Fayaz Joonus, 46, said his father who had a kidney...
    Read More...
  • ආදරණීය සිිංහල මිතුරන්ගෙන් කරන ‌ඉල්ලීම
      ඊයේ දින ‌කොරෝනා නිසා මරණයට පත් වූ මීගමුවේ පුද්ගලයාගේ මිනිය භූමිදානය කිරීමට කළ උත්සාහයන් අසාර්ථක වීම ගැනත් ඒ පිළිබඳව රවූෆ් හැකීම් වැනි ‌අය නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගැනත් විවිධ අදහස් සමාජ මාධ්‍යය ඔස්සේ ඉදිරිපත් ‌වෙමින් පවතී. ඒ අය නීතියට පටහැනිව කිසිවක් ඉල්ලුුුුවේ නැත. ‌‌‌‌ලෝක ‌‌‌සෙ‍ෳඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය සහ ඒ අනුව...
    Read More...
  • Coronavirus toll in New York state passes 1,000: Live updates
      00:50 GMT - Death toll in New York state surpasses 1,000 More than 1,000 people have died from the coronavirus outbreak in New York state, according to a tally by The Associated Press  (AP) news agency. On Sunday evening, New York City said its toll had risen to 776. The total number of statewide deaths is not expected to be released until Monday, but with at least 250 additional deaths recorded outside the city as of Sunday morning, the state's total fatalities was at least 1,026, AP said. 00:30 GMT - China reports 31 new cases in mainland The number of COVID-19 infections in China continues to slow with health authorities in Beijing reporting 31 new cases at the end of Sunday. The figure includes one locally transmitted infection and marks a drop from the 45 cases reported a day earlier. There were no new cases for a sixth consecutive...
    Read More...
  • Iran urges US to free Iranian prisoners amid coronavirus pandemic
    Iran's government has urged the United States to release Iranians held in US jails on sanctions-related issues due to fears about the coronavirus outbreak. Iran's Foreign Minister Mohammad Javad Zarif accused Washington of holding a number of Iranians in its prisons and said under these circumstances they should be set free. Meanwhile, the death toll in Iran from the coronavirus rose to 2,378 on Friday, a jump of 144. Iran is one of the worst hit countries in the world. Zarif also referred to a report by The Guardian newspaper about Sirous Asgari, a science professor, who it said was still being...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

News

What is triggering communal violence in Sri Lanka?

Latest

User Rating: / 1
PoorBest 

Video :

https://www.aljazeera.com/programmes/insidestory/2018/03/triggering-communal-violence-sri-lanka-180307144515887.html

 

A nationwide state of emergency is being enforced in Sri Lanka to prevent attacks on Muslims. Buddhist mobs set fire to homes and businesses, killing a young Muslim.

The riots followed the death of a Sinhalese truck driver.

The unrest is a repeat of rioting four years ago, and, since then, there has been rising tension between communities.

A varied mix of ethnicities and religions make their home on the island, where a 26-year-long civil war ended in 2009.

What will it take to end the recurrent religious friction, long-term?

Presenter: Richelle Carey

Guests:

Thyagi Ruwanpathirana - legal adviser and human rights activist

Gehan Gunatilleke - Legal Director, Verite Research in Sri Lanka

Alan Keenan - Senior Analyst and Sri Lanka Project Director, International Crisis Group

Source: Al Jazeera News

https://www.aljazeera.com/programmes/insidestory/2018/03/triggering-communal-violence-sri-lanka-180307144515887.html

 

මතුවූ අර්බුදයෙන් රට පසුපසට යනවා

Latest

මතුව ඇති අර්බුදය හේතුවෙන් රට පසුබෑමට පත්වන බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ.
දේශපාලනික වශයෙන් බෙදීම මෙම නොසන්සුන්කාරී තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග උන්වහන්සේ කීහ.
අද (7) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ඒ මහතා එම පාර්ශ්වයේ මහානායක හිමියන් බැහැ දැක රටේ මේ වන විට පත්ව ඇති තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළහ. එහිදී මහානායක හිමියන් හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අතර දිගු වේලාවක් සාකච්ඡාව පැවැත්වුණි.
මෙවැනි සිද්ධි මෙරට ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් එල්ල කරන බවත් ජාතික සමගිය ආරක්ෂා කරගැනීම සමස්ත ජනතාවගේ හා බලධාරීන්ගේ වගකීමක් යැයි උන්වහන්සේ කීහ.
මහානායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඒ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දැක උන්වහන්සේ සමගද සාකච්ඡා කළහ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීය.
තිස් වසරක යුද්ධයෙන් බැට කෑ ජනතාව අද කිසිසේත්ම අරගලවලට කැමැති නැහැ. නමුත් යම් දේශපාලනික අවශ්‍යතාවක් මත තමයි ජාතිවාදය උත්සන්න වෙමින් පවතින්නේ. වර්ධනය වෙමින් පවතින ජාතිවාදය ඉතා ඉක්මනින් පරාජය කළ යුතුයි.
බලයේ සිටින කණ්ඩායම් බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්ද බලය අහිමි වූ පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම වෙනුවෙන් මේ ජාතිවාදී ක්‍රියාවන් කරනවා. නමුත් ජාතිවාදය මේ සමස්ත ඉතිහාසය තුළදී ජනතාවට ලබා දුන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් නැහැ.
ඒ නිසා ජාතිවාදී, වර්ගවාදී ගැටුම් සඳහා කිසිදු උත්තේජනයක් ලබා නොදී සියලු ජනතාව සාමයෙන්, සහෝදරත්වයෙන් ජීවත්වීමට කටයුතු කළ යුතුයි. සිංහල ජනතාවට මෙන්ම දමිළ ජනතාවටද අද කොටියා එපාවෙලා. නමුත් කොටියා අහිමිවීම නිසා තැවුලට පත් ඇතැම් දේශපාලන නායකයන් අප වැනි පක්ෂවලට චෝදනා කරනවා හැර වෙනත් කාර්යයක් කරන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ගයාන් ජානක හේරත් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
නදීක දයා බණ්ඩාර - මහනුවර

https://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/9742-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B6%A7-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F

 

මහනුවර ආරක්‍ෂාව තර කෙරේ ඇඳිරි නිතිය පනවයි පූජාපිටියේ බෝම්බ ප්‍රහාරයෙන්අයෙක්‌ මරුට: 6 කට තුවාල

Latest

p1 1පොලිසියේ - හමුදාවේ 5000ක්‌ මහනුවරට

- මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී ඊයේ (07 වැනිදා) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස්‌ තවත් හය දෙනකු බරපතළ තුවාල ලැබීමත් සමගම මහනුවර දිස්‌ත්‍රික්‌කයට ඊයේ (7 වැනිදා) පෙරවරුවේ සිට අද (8 දා) ප.ව. 4.00 වනතෙක්‌ නැවත ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන ලදී.

මහනුවර, පූජාපිටිය, කටුගස්‌තොට, අකුරණ, අඹතැන්න ප්‍රදේශවල ඊයේ (7 වැනිදා) ඇති වූ කලබලකාරී සිදුවීම්වලින් නිවාස විසි පහක්‌ පමණ ගිනිගෙන විනාශ වූ අතර ආගමික ස්‌ථාන තුනකට ද හානි සිදුකර තිබිණි. මෙම ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් 66 දෙනකු පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.

මහනුවර, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල දින කිහිපයක්‌ තිස්‌සේ පැවැති කලබලකාරී තත්ත්වය ඊයේ පෙරවරුව වන විට පාලනය වී තිබිණි. එහෙත් පූජාපිටිය මුල්ලේගම ප්‍රදේශයේ විහාරස්‌ථානයකට කිසියම් පිරිසක්‌ ගල්මුල් ප්‍රහාර එල්ලකර විනාශ කිරීමත් සමඟම ඊයේ පෙරවරුවේ එම ප්‍රදේශයේ ජනතාව කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇත.

මෙම පිරිස්‌ පූජාපිටිය වෙලේකඩේ මංසන්ධිය වෙත ගමන් ගනිද්දී ඔවුන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල විය.

එම ප්‍රහාරයෙන් පුද්ගලයකු එම ස්‌ථානයේදීම මියගිය අතර තවත් හය දෙනෙක්‌ බරපතළ තුවාල ලැබූහ. එම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු අකුරණ, පූජාපිටිය, මුල්ලේගම ප්‍රදේශ නැවතත් උණුසුම් වූ අතර කලහකාරී පිරිස්‌ මාර්ගවල ටයර් පුළුස්‌සමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇත.

මෙම ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය නැවත ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කරන ලදී.

ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව, යුද හමුදා විශේෂ බළකාය කැඳවා තිබිණි.

මහනුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය, ආර්. එල්. රණවීර, රවී පීරිස්‌ යන මහත්වරුන් එම ප්‍රදේශය වෙත පිටත් කර යවා ඇත.

ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පන්දහසක්‌ පමණ එම ප්‍රදේශ වෙත යෑවීමට කටයුතු කර තිබිණි.

මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ද මහනුවර ප්‍රදේශය වෙත ගොස්‌ මෙම කලබලකාරී තත්ත්වය ඇතිකිරීමට කටයුතු කරන පුද්ගලයන් සෙවීමේ විමර්ශන ආරම්භ කළහ.

පොලිසිය පවසන්නේ මහනුවර ප්‍රදේශයේ ස්‌ථාන කිහිපයක ඇතිවී තිබෙන මෙම කලබලකාරී තත්ත්වය පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

තෙල්දෙණිය, අම්බාලේ ප්‍රදේශයේදී ලොරි රථ රියෑදුරකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථාන රැසක ඇතිවූ කලබලවලින් මේ වන විට පුද්ගලයන් සිව් දෙනකු මියගොස්‌ පනහකට ආසන්න පිරිසක්‌ තුවාල ලබා ඇත.

වෙළෙඳසල්, නිවාස, ආගමික ස්‌ථාන ඇතුළු ගොඩනැඟිලි සියයකට වැඩි ප්‍රමාණයක්‌ මේ වන විට විනාශයට පත්වී ඇති අතර මෙම කලබලකාරී තත්ත්වයන්ට සම්බන්ධ පුද්ගලයෝ සියයකට වැඩි පිරිසක්‌ මේ වන විට අත්අඩංගුවට ගෙන සිටිති.

මහනුවර නගරයේ තත්ත්වය ඉතාම සාමකාමීව පැවතුණු අතර මෙම කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවී තිබුණේ මහනුවරට නුදුරු ප්‍රදේශවලදීය. මහනුවර නගරයටද විශේෂ ආරක්‍ෂාවක්‌ ලබාදීමට පොලිසිය කටයුතු කර ඇත.

ජාතිවාදය පතුරුවමින් කලබලකාරී තත්ත්වයන් ඇති කරන ඕනෑම පුද්ගලයකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන එම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් මහනුවර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට නියෝග කර තිබේ.

හේමන්ත රන්දුණු, සිරිල් විමලසුරේන්ද්‍ර, අරසු ආරියසේන, සමන්තී වීරසේකර

 

http://divaina.com/daily/index.php/main-news/8468-2018-03-07-14-22-54

 

සවස මහනුවර ගිය ජනපති ද්වී ආගමික නායකයින් හා ක්‍රියාදරයින් හමුවේ

Latest


මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.

මේ අවස්ථාවට මල්වතු, අස්ගිරි උභය පාර්ශව නියෝජනය කරමින් අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය හා මුස්ලිම් මව්ලවිතුමාලා ඇතුළු අන්‍යාගාමික නායකයෝ, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ද එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
“අද දවස වන විට මහනුවර දිස්ත්‍රික්කයේත් ඉන්පිටස්තර ප්‍රදේශවලත් ඇති වී තිබෙන අපේ ජාතික සමගිය බිද වැටීමේ අපේ ගැටුම් සහගත අවසනාවන්ත තත්වය සම්බන්ධයෙන් අපේ අනුනානයක හාමුදුරුවනේ රජය විදිහට මීට දින තුනක සිට රජය පැත්තෙන් ගන්න පුලුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තා කියලා කියන්න පුුලුවන්. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගෞරවනීය පුජනීය මහා සංඝරත්නය විසින් විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශය තුල වැඩවසන ඔබවහන්සේලාගේ අනුශාසාන අවවාද මහනුවර ප්‍රදේශයට විතරක් නෙවේ. අපිට රට වශයෙන්ම වැදගත් වෙනවා.

මෙතනදි ඇත්තටම වැදගත් වෙන්නේ. මහජනයාට සියලු පාර්ශවවලට අදහස් දෙන එක අපි කොහොමද සන්සුන්ව ඉන්නේ සාමය ආරක්ෂා කරගන්නේ කියන කාරණය තමයි ඒ සදහා අපි හැම කෙනෙක්ම කැපවෙන්න ඕනේ”
http://www.gossiplankanews.com/2018/03/maithri-kandy.html


 

අද තත්වය හා ඉදිරි පියවර ගැන - අගමැති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

Latest


  • අද කටුගස්තොට කඩ ගිනි තිබ්බා
  • අඹතැන්නේ අත් බෝම්බයක් පුපුරා ගියා
  • පූජ්‍ය පක්ෂයට සිදුවූ හානි ගැන කතා බොරු
  • මහනුවර ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෙහෙයවීමට
    මේජර් ජෙනරල් රුක්මන් ඩයස් පත් කළා
- අගමැති රනිල්ගේ විශේෂ ප්‍රකාශය


මේ වනවිට මහනුවර පවතින සත්‍ය තත්වය හා ආරක්ෂක විධිවිධාන ගැන නීතිය හා සාමය ඇමති අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් මෙසේය..

“මා අද දින මේ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ඇති වී තිබෙන
තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටයි. තෙල්දෙණිය ප්‍රදේශයේ රියදුරෙකුට
පහර දී, ඔහු මරණයට
පත්වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන වල සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කඩාකප්පල්කාරී
ක්‍රියා පිළිබඳවත්, හදිසි නීතිය පැනවීම පිළිබඳවත් මා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු
කළා.  මේ වන විට රටපුරා හදිසි නීතිය පනවා තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයට පනවා තිබූ පොලිස්
ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කළා.

අද දින, කටුගස්තොට හා අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගිනි තැබීම් සිදු වී
තිබෙනවා. දැනට වාර්තා වී ඇති අන්දමට අඹතැන්න ප්‍රදේශයේ දී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත
තිබූ අත් බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. මේ පිළිබඳව පොලිසිය විමර්ශන සිදු කරනවා. මහනුවර
දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල නීතිය හා සාමය ක්‍රියාත්මක වෙනවා.

පවතින තත්ත්වය සළකා බලා හදිසි නීතිය යටතේ නැවතත් අද දින සවස 4.00 සිට මහනුවර දිස්ත්‍රික්කයට
ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා.

පූජ්‍ය පක්ෂයට අනතුරු සිදු වී ඇති බවට විවිධ කටකතා පතුරුවන නමුත් එබඳු කිසිඳු සිදුවීමක් සිදු වී
නොමැති බව මම ප්‍රකාශ කරනවා.

එසේම, මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මේ වන
විට යොදවා තිබෙනවා. ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු හා පොලිස් කටයුතු සම්බන්ධීකරණය සඳහා මධ්‍යම
ප්‍රදේශයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුක්මන් ඩයස් මහතා පත් කොට තිබෙනවා. ඕනෑම
ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සුදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩිපුර හමුදා භට පිරිස් මෙම ප්‍රදේශවලට පිටත් කොට තිබෙනවා.

ඒ වගේම, මහජනතාව නොමග යවන, වෛරය පතුරවන හා ජනතාව කුපිත කරවන සුළු අසත්‍ය ප්‍රචාර
මැඩ පැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කොට තිබෙනවා.


මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවා ඇති බැවින් හා රටපුරා හදිසි නීතිය ද ක්‍රියාත්මක වන
බැවින් සාමකාමීව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම, ඔබේ ප්‍රදේශ වල
නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටේ අනෙකුත් ප්‍රදේශවල තත්වය සාමකාමී බව කියන්නට කැමතියි. බොරු ප්‍රචාර වලට නොරැවටී
වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල මෙන්ම කොල්ල කෑම් ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත වන
පුද්ගලයින්ට හා කණ්ඩායම්වලට එරහිව නීතිය තදින් ක්‍රියාත්මක  කිරීමට රජය සෑම පියවරක්ම ගනු ලබන
බව කියා සිටීමට කැමතියි.

මේ නිසා මා අවසන් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඇතුළු සියලුම ජන කොටස් වලින් ඉල්ලා
සිටින්නේ මේ උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරීම සඳහා ඔබගේ උපරිම සහාය ලබා දෙන ලෙසයි.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
http://www.gossiplankanews.com/2018/03/ranil-statement.html#more
 

කඩාකප්පල්කාරීන්ගේ තොරතුරු ගන්න මධ්‍යස්ථානයක්

Latest


රංජන් කස්තුරි 

ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ  මෙසේද සඳහන් වේ.

‘‘රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය කීරිමට ගතයුතු සියලු පියවර මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී පිරිස විසින් ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කර ගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන් හී නිරත වීමට කටයුතු කරමින් සිටින බවද ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන්හී නිරතවන හා එවැනි ක්‍රීයාවන් සැලසුම් කරන පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබාගැනීමටත් එම ක්‍රීයාවන් ක්ෂණිකව මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් සහය සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දවසේ පැය 24 පුරා අඛණ්ඩව ක්‍රීයාත්මක වන මෙම ක්ෂණික සහාය සේවා මධ්‍යස්ථානයේ දුරකථන අංක 0711 261 261 හෝ This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාදෙන ලෙසත් , අවශ්‍ය ක්ෂණික සහාය ලබා ගන්නා ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී‘

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-525271

 

Violence in Digana: Kiriella says Buddhists must apologise to Muslims

Latest

User Rating: / 1
PoorBest 

Violence in Digana: Kiriella says Buddhists must apologise to Muslims

2018-03-06 17:41:19
0
55

House Leader Lakshman Kiriella today said that a resolution should be brought in parliament and Buddhists should apologise to the Muslims in connection with the violence in Digana and Teldeniya.

He told parliament that the state intelligence services had collapsed resulting in the violence in Digana and Teldeniya.

"This situation was created by some outsiders. Police were aware about the people who came there from other areas. Even we got to know about them. But the police higher-ups were kept in the dark about the impending violence," the minister said.

He said Buddhist and Muslim Religious leaders in the area had agreed to settle the matter amicably while businessmen of both communities had agreed to pay compensation to the victimised families but some people who had arrived from other areas had provoked the people and this led to a communal clash.

He said compensation would be paid to those affected and for damaged property. (Ajith Siriwardana and Yohan Perera)

 

http://www.dailymirror.lk/article/Violence-in-Digana-Kiriella-says-Buddhists-must-apologise-to-Muslims-146837.html

 

Invocation against ENEMY

Latest

User Rating: / 1
PoorBest 

131. Allaahumma munzilal-kitaabi, saree'al-hisaabi, ihzimil-'ahzaaba, Allaahumma ihzimhum wa zalzilhum.

Allah, Revealer of the Book, Swift to account , defeat the groups (of disbelievers) . O Allah , defeat them and shake them.

Reference: Muslim 3/1362.

 

දිගන ගිනිගත් නිවසක මුස්ලිම් තරුණයෙකුගේ මළ සිරුරක්

Latest

දිගන ගිනිගත් නිවසක
මුස්ලිම් තරුණයෙකුගේ මළ සිරුරක්

ඊයේ මහනුවර දිගන කලහකාරී සිදුවීමක් ඇතිවූ ප‍්‍රදේශයේ ගින්නට හසු වූ නිවසක තිබූ මළ සිරුරක් හමු වී
තිබේ.
28 හැවිරිදි අබ්දුල් බාස්ත් නම්


තරුණයෙකු මෙසේ මිය ගොස් ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ පැවැත්වෙයි.
මේ අතර ඊයේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට යවා ඇත.මේ වන විට දිගන යළි ඇදිරි නීතිය සහ රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මියගිය
තරුණයාගේ සිරුර නිවැසියන්ට හමුවන අවස්ථාවේ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි
එය පහතින්

https://www.facebook.com/Diganariots/videos/2090791357605279/?t=46

 

http://www.gossiplankanews.com/2018/03/digana-muslim.html

 

රට තුළ හදිසි නීතිය දින 10ක්

Latest

රට තුළ හදිසි නීතිය දින 10ක්


 

අජන්ත කුමාර අගලකඩ

රට තුළ හදිසි නිතිය දින 10කට පැනවීමට  කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අදාල ගැසට් නිවේදනය අද (6) නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.

තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර  ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර  ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව ඔහු කීවේය.

 

http://www.lankadeepa.lk/top_story/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-10%E0%B6%9A%E0%B7%8A/10-525166

 

 

Live From Parliment

Latest

User Rating: / 1
PoorBest 

https://www.facebook.com/dailyceylon/videos/1733363143390862/?t=2160

 

තෙල්දෙණිය සන්සුන් කරන්න මහනුවරට පොලිස්‌ ඇදිරි නීතිය

Latest

p1 1තෙල්දෙණිය ප්‍රදේශයේ දී දෙපිරිසක්‌ අතර ඊයේ (05 වැනිදා) දහවල් ඇතිවූ ගැටුම්කාරී සිද්ධියක්‌ පාලනය කරගැනීම සඳහා ඊයේ පස්‌වරු 3.30 සිට අද (06 වැනිදා) පෙරවරු 6.00 දක්‌වා මහනුවර පරිපාලන දිස්‌ත්‍රික්‌කයට බල පැවැත්වෙන පරිදි පොලිස්‌ ඇඳිරි නීතිය පැනවූ බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය සඳහන් කරයි.

මෙම පොලිස්‌ ඇඳිරි නීතිය පැනවීම නිසා අද මහනුවර දිස්‌ත්‍රික්‌කයේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන ඇමැති අකිල විරා- කාරියවසම් මහතා විසින් පියවර ගනු ලැබීය.

ඉකුත් පෙබරවාරි 22 වැනිදා ලොරි රථ රියෑදුරකු සහ ත්‍රිරෝද රථ රියෑදුරන් කිහිප දෙනකු අතර ඇතිවූ බහින්බස්‌ වීමක්‌ දුර දිග යාමෙන් එම දෙපිරිස අතර ගැටුමක්‌ ඇතිව තිබේ. එම ගැටුමේදී තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ පදිංචි දෙදරු පියකු වන හතළිස්‌ එක්‌ හැවිරිදි එම්. ජී. කුමාරසිංහ මහතා බරපතළ තුවාල ලබා තෙල්දෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත. හෙතෙම ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 2 දා මියගිය බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් උරණ වූ පිරිසක්‌ උඩිස්‌පත්තුව ප්‍රදේශයේ වෙළෙඳසල් 2 ක්‌ පෙරේදා (4 දා) රාත්‍රියේ ගිනිතබා ඇති බව පොලිසිය පවසයි. කුමාරසිංහ මහතාගේ අවසන් කටයුතු සිදු කළ ඊයේ (5 දා) සිද්ධියට අදාළ දෙපිරිස අතර යළි ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවූ අතර එය සමනය කිරීමට ඊයේ රාත්‍රි පොලිස්‌ විශේෂ කාර්ය බළකා සෙබළු යොදවා තැබීමට ද කටයුතු යොදා තිබිණි.

වෙළෙඳසල් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පුද්ගලයන් 24 දෙනකු තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දිගන ප්‍රදේශයේ වෙළෙඳසල් 27 කට අධික සංඛ්‍යාවක්‌ ඊයේ දහවල් කඩා බිඳ දමා කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ලකළ ද පිරිස පෙරළා පොලිසියට පහරදීමට උත්සාහ කර තිබේ. තත්ත්වය බරපතළ වූ බැවින් පොලිස්‌ ඇඳිරි නීතිය පැනවූ බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය පවසයි.

සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්ති වීරසේකර, තෙල්දෙණිය ගාමිණි පුටුහපුව, උඩිස්‌පත්තුව එස්‌. බණ්‌ඩාර

http://divaina.com/daily/index.php/main-news/8344-2018-03-05-15-36-51

   

Troops deployed to quell violence

Latest

User Rating: / 1
PoorBest 

Troops deployed to quell violence

* Police curfew in Kandy



By Rathindra Kuruwita and Cyril Wimalasurendra


Troops moved into Digana, Kandy yesterday afternoon when the police failed to bring a tense situation there under control. Police curfew was imposed in the Kandy administrative District until 6.00 am today.


Earlier the police and the STF used teargas and water cannon in a bid to disperse the protesters and arrested 24 persons. However, by 3.00 pm the situation deteriorated and the army had to be called in.


The protesters attacked several commercial establishments in Digana, Kandy on Sunday night and Monday morning after the funeral of a lorry driver who succumbed to his injuries after being beaten by four youth, who belong to a different religious community.


"The police have requested the army to step in and we will be sending forces immediately," military spokesperson Brigadier Sumith Atapattu said.


Police spokesman, SP Ruwan Gunasekera said that they would bring the situation under control with the assistance of the army and would take swift legal action against those involved in the violent clashes.


Last week M. G. Kumarasinghe, a lorry driver was assaulted by four youth travelling in a three wheeler and he succumbed to his injuries. The incident took place on February 22 at a fuel filling station in Teldeniya. Protesters gathered after his funeral and attacked several shops in Moragahamula, near Teldeniya on Sunday night. Police and STF were deployed in Teldeniya, Udispattuwa, Meda Mahanuwara and Ambala.


The DIG Headquarters in Kandy said that the four assailant had been arrested and the trishaw they had been travelling taken into custody.


Last week ethnic violence erupted in Ampara town following a brawl in an eatery.


On Sunday the Ministry of Law and Order said the government would take swift and severe action against those who got involved in incidents that hurt ethnic harmony and coexistence.


http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=180976
 

ජන කැළඹීමකින් තෙල්දෙණිය දිගන උණුසුම් වේ

Latest

User Rating: / 1
PoorBest 

ජන කැළඹීමකින් තෙල්දෙණිය දිගන උණුසුම් වේ

ඉන්ධන පිරවුම්හලක් අසලදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට විරෝධය පළ කරනු පිණිස අද (5) තෙල්දෙණීය පොලීසිය අසලට රැස්වූ දෙදහසක පමණ පිරිසක් මහා මාර්ගය අවහිර කොට ටයර් පුළුස්සමින් උද්ඝෝෂණය කළහ. මේ අතර ඇතමුන් වෙළදසැල්වලට හානි කොට ඇති අතර කලහකාරීන් පාලනය කිරීම සදහා පොලීසිය ජල හා කදුළුගෑස් ප්‍රහාර එල්ල කොට තිබේ.

එහිදී ප්‍රකෝප වූ විරෝධතාකරුවන් පොලීසිය වෙතද ගල්වලින් ප්‍රහාර එල්ල කොට ඇති අතර මේ හේතුවෙන්  වාහන කිහිපයකට ද හානි වී ඇත.

මේ අතර තවත් පිරිසක් තෙල්දෙණියේ සිට කිලෝමිටර් පහක්  දුරින් පිහිටි දිගන නගරයේ නිවාස වෙළදසල් කිහිපයකට ද හානි කොට තිබේ.

මේ සිද්ධි නිසා මහනුවර - මහියංගණ මාර්ගය තෙල්දෙණිය හා දිගන නගරවලින් පැය කිහිපයක් අවහිරවී තිබුණි.

මෙම මිනිස් ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනෙක්ද කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 24දෙනෙකුද අද අත්අඩංගුවට පත්විය.

මේ අතර හෙට (06) පෙරවරු 06.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කය පුරා පැනවු පොලිස් ඇදිරි නීතියෙන් පසුව කළහකාරීන් විසිර ගිය අතර පස්වරු පහ පමණ වන විට මහනුවර ඇතුලු ප්‍රධාන නගර පාළු ස්වාභාවයක් ඉසිලීය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

https://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/9684-%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B1-%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%9A

   

Page 6 of 56

Login Form