June 17, 2014 at 9:41 am | lanka C news
**
අලුත්ගම ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සඳහා සම්බන්ධ වූයේ දර්ගා නගරයේ වැසියන් නොවන බව එම නගරයේ වෙසෙන සිංහල හා මුස්ලිම් වැසියන් කියා සිටිති.
රාත්‍රියේ විශාල වශයෙන් පිට පළාත් වලින් පැමිණි පිරිස් නගරයේ කලහකාරී ලෙස හැසිරුණු බව ගම්වාසීන් පවසති.
ගැටුම් පැවති බොහෝ ස්ථානවලට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් පොලිස් ආරක්ෂාව ලැබෙන මොහොත වන විට පහර දීම් සිදු වී අවසන්ව තිබුණු බවත් ඔවුන් කියා සිටී.
මේ අතර අලුත්ගම නගරයේ සිදු වූ ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජනතාව ප්‍රකාශ කරති.
ගැටුම් ආරම්භ වීමත් සමග දෙපාර්ශවය ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.
ඉන් අනතුරුව වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙඩි වැදීමෙන් මරණයට පත්ව තිබේ.
- BBC
http://lankacnews.com/sinhala/main-news/117549/
June 17, 2014 at 12:01 am | lanka C news
තම සංවිධානය ජාතිවාදී සහ ආගම්වාදී බව සැබෑවක් යයි බොදු බල සේනා සංවිධානය පවසයි.
එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් මේ බව පැවසුවේ පසුගිය 15 වනදා අලූත්ගම නගරයේ පැවති බොදු බල සේනා විශේෂ සමුළුව අමතමිනි.
එම සමුළුවෙන් පසුව අළුත්ගම නගරයේ ඇතිවූ ගැටුම් නිසා තිදෙනෙකු මියගොස් 80 දෙනෙක් පමණ තුවාල ලැබීය.
http://lankacnews.com/sinhala/main-news/117535/