Latest
http://www.sailanmuslim.com/news/nsc-statement-on-aluthgama-beruwala-violence/
අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට සම්බන්ධ 55 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ද, 35 දෙනකු රිමාන්ඩ් කැර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
තවත් 35 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය, රහස් පොලිසිය හා තවත් කණ්ඩායම් තුනක් පරීක්ෂණ පවත්වන බවත්, තරාතිරම නොබලා වැරදිකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවත් ඔහු පවසයි.
අලුත්ගම රැස්වීමක් පැවැත්වීමට බොදු බල සේනාව අවසර නොගත් බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ඉල්ලා නොතිබුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි
http://www.lankadeepa.lk/index.php/articles/243830
https://www.facebook.com/photo.php?v=338793856278369&set=vb.103678496456574&type=2&theater
|
June 19, 2014 at 9:08 am | lanka C news
ජාතික බල සේනාවේ කැඳවුම්කරු මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන්ගේ සිවුරු ගලවා අත් පා ගැටගසා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී හමු වූ බව පොලීසිය පවසයි.
පහරදීම් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසු වූ එහිමියන් රෝහල්ගත කර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
උන් වහන්සේගේ ජනනේන්ද්රියට තුවාල සිදු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.
(වීඩියෝ දසුන් සහිතයි)
පානදුර රෝහලේ මූලික ප්‍රතිකාර වලින් පසුව වටරැක විජිත හිමියන් මින් මද වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව වෛද්‍යවරු කියති.
ඒ හිමියන්ගේ ජනනේන්ද්‍රියේ සුළු තුවාල ඇතැයිද ඔවුහු කියති.
(වීඩියෝ සිරි මහබෙල්ලන)
(වීඩියෝ සිරි මහබෙල්ලන)
වීඩියෝ - බිමල් ශ්‍යාමන් බණ්ඩාර
More Articles...
Page 184 of 213