Friday, April 19, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයි

User Rating: / 1
PoorBest 

බන්දුල ඉලේපෙරුම

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.
ජලයෙන් කොවිඩ් 19 ‍බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ මන්දැයි අසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ එය රීති ප්‍රශ්නයක් නොවන බව කියමින් කථානායකවරයා ඔහු වාඩි කළ නමුත් එහිදී එකවරම නැගී සිටි අගමැතිවරයා කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව කියා සිටියේය.

http://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%89%E0%B6%A9%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B6%B6%E0%B7%80-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/101-585880

 

එකම විකල්පය ආදාහනය පමණද?

User Rating: / 1
PoorBest 


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කරන්නැයි ජාත්‍යන්තරයෙන් යළිත් බලපෑම් එල්ලවෙමින් තිබේ. එම පුද්ගල මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේ දී ඇති එකම විකල්පය ආදාහනය බවට තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුලපුරන හේතුවක් විය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට අනතුරු අඟවා ඇති බවට ද වාර්තා පළවෙමින් තිබේ      

මෙරට කොවිඩ් ආසාදිත මරණවල අවසන් කටයුතු සිදුකිරීම ජාත්‍යන්තරයේ සාකච්ඡා විය යුතු ප්‍රශ්නයක් නොවිය යුතු බව අපගේ විශ්වාසය වෙයි. එසේ සිදුවී ඇත්තේ එකී මරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ නම්‍යශීලී බවක් නොමැති නිසා බව බැලූ බැල්මට පෙනී යයි. කොවිඩ් හේතුවෙන් රෝගීන් මියයන සෙසු කිසිදු රටක එම සිරුරු සම්බන්ධ අවසන් කටයුතු සිදුකිරීම ජාත්‍යන්තරයේ සාකච්ඡාවට ලක්වෙන කරුණක් බව අපගේ දැනීමේ හැටියට දැනගන්නට නැත. එසේ නම් ශ්‍රී ලංකාව පමණක් මෙවැනි අනවශ්‍ය අත පෙවීමකට මැදිවීමට හේතුවක් තිබිය නොහැක. හරි වෙලාවේදී හරි තීන්දුවක් නොගැනීම මෙවැනි මතභේදකාරී තත්ත්වයකට මඟ පෑදුවා වන්නට ඇතැයි අපි සිතමු.

ශ්‍රී ලංකාව ස්වාධීන, ස්වෛරී රටක් බැවින් මේ රටේ අභ්‍යන්තර කාරණාවලට ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් අවශ්‍ය නැත. එවැනි ඇඟිලි ගැසීම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට නොපැකිලිව ඉදිරිපත් විය යුතුය. එහෙත් අනවශ්‍ය ලෙස මතවාදී ගැටුම් ඇතිකර ගනිමින් එවැනි ඇඟිලි ගැසීම් සඳහා දොරටු විවෘත කර ගැනීම්වලින් අපි ද වැළකී සිටිය යුතු වෙමු. කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් අප සිටින්නේ නිවැරැදි මතවාදයක නම් අපේ රට දෙසට ජාත්‍යන්තරයේ ඇඟිල්ල දිගුවීමට ඉඩක් නැත.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට අමෙරිකා සෙනෙට් සභිකයකු විසින් යොමුකර ඇති ලිපියේ සඳහන් වන්නේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන්ගේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට මහත් ඕනෑකමින් බලකර සිටින බවය. එම ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වයිරසය එකතු වන බවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් භූමදානය සහ ආදාහනය යන දෙආකාරයටම අවසර ලබාදී තිබෙන බවය. එසේම ආසාදිත මළසිරුරු භූමදානයෙන් කොවිඩ් - 19 වයිරසය පැතිරෙන බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් සඳහන් කරන බවය.

ශ්‍රී ලංකාව තුළ මළසිරුරු අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැවොම පිළිගන්නා විශ්වාසයන් සහ සම්ප්‍රදායන් තිබේ. මේ බොහොමයක් සම්ප්‍රදායයන් ආගමික විශ්වාස සහ ඇදහීම් මත ගොඩනැංවුණු ඒවා වෙයි. එම සම්ප්‍රදායන්ට දීර්ඝ ඉතිහාසයක්ද තිබේ. මෙරට ජීවත්වන ජනතාවගෙන් අතිබහුතරය බෞද්ධ වන අතරම හින්දු-මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ඇතුළු වෙනත් ආගම් අදහන බොහෝ පිරිසක්ද රටේ වෙසෙති. මේ සියලු‍දෙනා මෙතෙක් කාලයක් මෘතදේහ අවසන් කටයුතු සිදුකළේ සෙසු පිරිස්වල විරෝධයකින් තොරවය. මේ තත්ත්වය වෙනස් කරනු ලැබුවේ කොවිඩ් වසංගතය මගිනි.

කොවිඩ් වසංගතය පැතිරුණු මුල් අවධියේ මේ රටේ සිදුවූ මරණ සංඛ්‍යාව සීමිත විය. එහෙත් එම සීමාව ඇතුළතද සිදුකෙරුණු පළමු මුස්ලිම් මෘතදේහය පිළිබඳ අවසන් කටයුත්තේදී මේ ගැටලු‍ව මතුවිය. එහෙත් ඒ කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පැහැදිලි නොවීය. එසේම වයිරසයේ ව්‍යාප්තිය භූමදානය කෙරෙන මළසිරුරු හරහා සිදු නොවනු ඇති බවට සහතිකයක්ද නොවීය. මේ නිසා වෙනසකින් තොරව සියලු‍ මෘතදේහ ආදාහනය කිරීම හැර වෙනත් විකල්පයක් අපට නොතිබිණි. එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක ඉතාම පැහැදිලිව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මෘතදේහ අවසන් කටයුතු සඳහා ඔවුන්ගේ නිර්දේශය වන්නේ ආදාහනය හෝ භූමදානයයි. මේ දෙආකාරයේදීම එය සිදුකළ යුතු තත්ත්වයන් සම්බන්ධව උපදෙස් පවා නිකුත් කර තිබේ. මෙරටේ දෙවැනි රැල්ල සමඟ වැඩිවූ මරණ සංඛ්‍යාව හේතුවෙන් අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ගතයුතුව තිබිණි. එම තීන්දුව රටේ කිසිදු ජාතික හෝ ආගමික හෝ පටහැණි නොවිය යුතු වීමද අවශ්‍ය විය. මේ සියලු‍ අංශ සලකා බලා අවසන් තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විශේෂඥ කමිටුවක්ද පත් කෙරිණි. එම කමිටුවේ වාර්තාව එළියට නොපැමිණි අතර රජයෙන් ප්‍රකාශ වූයේ ආදාහනය පමණක් නිර්දේශ කර ඇති බවය. මේ හේතූන් නිසා අපේ රටේ කොවිඩ් ආසාදිත මෘතදේහ අනිවාර්ය ආදාහනයකට යටත් කර ඇති බවට ජාත්‍යන්තරය තුළ මතයක් පැතිර  ගියේය.

අපගේ වැටහීම වන්නේ අපේ රටේ ‘‘අනිවාර්ය ආදාහන’’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම තවමත් ප්‍රමාද නැති බවය. කොවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය නොකිරීමට ප්‍රමාණවත් හේතු නොතිබේ නම් භූමදානයට ඉඩදීම වැරැද්දක් නොවන බව අපගේ විශ්වාසයයි.

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%91%E0%B6%9A%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA-%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%AF-/1-585784

 

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට බලකිරීමක්

User Rating: / 1
PoorBest 

(හර්ෂණ තුෂාර සිල්වා)

ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායවලට ගරු කරන්නැයි ශ්‍රී ලංකාවට බල කර සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

එසේ කිරීම තුළින් ජනතාවට සිය විශ්වාසවලට අනුකූලව ඔවුන්ගේ ආදරණීයන්ට නිසි පරිදි සමුදීමට අවස්ථාව උදා වනු ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

‘කොවිඩ්-19’ ඛේදවාචකය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇතැයි ද එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.

එම ට්විටර් පණිවුඩය නිකුත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය සැලකිල්ල සහ මහත් ඕනෑකම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකාවේ බහුවිධ ප්‍රජාවල සම්ප්‍රදායවලට ගරැ කරන්නැයි බල කර සිටින බවත් ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ‘කොවිඩ්-19’ ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කළ හැකි බව ද එම සංවිධානයේ මාර්ගෝපදේශ උපුටා දක්වමින් තානාපතිනිය තවදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අනුකූලව ඔවුන්ගේ ඇදහිලි පිළිපැදීම සඳහා අවසර දීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය සඳහා ගරැ කළ යුතු වේ යැයි මෙරට ඇමෙරිකානු තානාපතිනිය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/1-585418

   

එ. ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

User Rating: / 1
PoorBest 

කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය යැයි තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා ප්‍රකාශ කරයි.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ක්‍රිස් වැන් හොලන් මහතා ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කර තිබෙන කමිටුවේ හිටපු සම සභාපතිවරයා ද වේ.
අනිවාර්ය ආදාහනය මුල් කරගනිමින් ක්‍රිස් වැන් හොලන් මහතා මෙලස රවිනාථ ආර්යසිංහ මහතාට ලිපිය යවා ඇත.

ක්‍රිස් වැන් හොලන් මහතා යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.

‘‘කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වයිරසය එකතු වන බවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් භූමිදානය සහ ආදාහනය යන දෙකටම අවසර ලබා දී තිබෙනවාගිකොවිඩ්-19’ ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වෙන බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා. කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය බවට පත් කිරීම මානව හිමිකම් උල්ලංඝනයකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. මේ නිසා කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට මහත් ඕනෑකමින් බල කර සිටිනවා’’.

මේ අතර නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුවත් දැනුම් දීම සඳහා සති අන්තයේ දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ද මේ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

සන්ඩේ ටයිම්ස්

http://www.lankadeepa.lk/news/%E0%B6%91--%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/101-585422

 

Stop forced cremation of COVID-19 victims

User Rating: / 1
PoorBest 

A group of Muslims staged a protest outside the United Nations Office in Colombo today insisting the Government to stop forced cremation of COVID-19 victims. Pix by Nisal Baduge

http://www.dailymirror.lk/caption_story/Stop-forced-cremation-of-COVID-19-victims/110-204523

   

Page 13 of 213

Login Form