Friday, April 19, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය, 'මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්', ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය.

රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක කෙතරම් අවධානයට ලක් වූයේ ද යත් ඔහුගේ මිතුරන් මතු නොව, අධිකරණයේ දී ඔහුගේ ප්‍රතිවාදීන් වූ සගයින් ද ඔහු පැසසීමට පසුබට නොවූහ.

නඩුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීති විරෝධී ලෙසින් අගමැතිවරයා පදවියෙන් පහකොට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට එරෙහිව පැවති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගයයි.

එම තරුණ නීතිඥයා පෙනී සිටියේ ජාතික මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔහු එදා තර්ක කළ ආකාරය The Hindu පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රීනිවාසන් මෙසේ වාර්තාකර තිබුණි

එදා නීතිවේදියාගේ තර්ක පෙළහර කෙතරම් සුවිශේෂී වූයේ ද යත් නඩු විභාගය අවසානයේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ඇතුළු අනෙක් සියලු ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් නැගිට සිටියදී සමූහ ඡායාරූපයේ අසුන්ගෙන සිටියේ ඔහු පමණය.

එසේ අසුන් ගන්නා මෙන් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ඔහුගෙන් පෙරැත්ත කොට ඉල්ලා සිටියේ ඔහු පෑ දස්කමට ගරු කිරීමක් වශයෙනි.

'සටන්කාමියෙක්'
එලෙස ජාතික වශයෙන් වැදගත්කමක් පවතින නඩු විභාග ගණනාවකට පෙනී සිටීමෙන් නොනැවතුණු ඔහු අසාධාරණය සහ අයුක්තිය ලෙසින් ඔහු දුටු දේට එරෙහිව වීදි බට 'හාන්සි පුටු සටන් කාමියෙකු' නොවූ සැබෑ සටන්කාමියෙක් ද විය.

එසේ නීති ක්ෂේත්‍රයේත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගරු කළ බොහෝ දෙනාගේත් නොමඳ ප්‍රසාදයට ලක් වූ ඒ තරුණ නීතිඥයා පසුගිය අප්‍රේල් 14 වෙනි දින සිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

ඔහු හිජාස් හිස්බුල්ලාය.

ඔහුට යුක්තිය පතා ආරම්භ කර තිබෙන Justice For Hejaaz ට්විටර් ගිණුම අනුව ඔහු 'සියලු ආකාරයේ අන්තවාද ප්‍රසිද්ධියේ හෙලා දුටු, ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව උදෙසා පෙනී සිටි, අසරණයන්ට සරණ වූ' නීතිවේදියෙකි.

පොලිසිය පවසන්නේ ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූයේ යයි ලැබී තිබෙන තොරතුරු මත තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවය. මාස තුනක රඳවා ගැනීමේ නියෝගයක් මත ඔහු රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් සිය නීතිවේදියා සමඟ නිදහසේ අදහස් හුවමාරු කරගැනීමට පවා නීතිවේදී හිජාස් හිස්බුල්ලාට මෙතෙක් අවස්ථාවක් ලැබී නැති අතර, පාස්කු ප්‍රහාරයට ඔහු සම්බන්ධ බවට එල්ලවන චෝදනාව ඔහුගේ පවුලේ සාමාජිකයෝ තරයේ ප්‍රතික්ෂේප කරති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන, නීතිවේදීන්ට පවා ඔහු හමුවීමට අවස්ථාවක් නොදෙමින් සහ ඔහු අධිකරණයට ඉදිරිපත් නොකරමින් ආණ්ඩුව ගෙන යන ක්‍රියාදාමය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද හෙලා දැකීමට ලක්වෙමින් පවතී.

ජාත්‍යන්තර ප්‍රතිචාර
මැයි 26 වෙනි දින ට්විටර් පණිවුඩයක් නිකුත් කළ යුරෝපා සංගමය, නීතිවේදී හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම පිළිබඳව ප්‍රබල අවධානය පළකරමින් තමන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ලිපියක් යොමු කළ බව සඳහන් කර තිබුණි.
ලොව පුරා රටවල විනිසුරුවරුන් නියෝජනය කරන ජාත්‍යන්තර නීති විශාරදයින්ගේ කොමිසම ද (ICJ) එයින් දින කිහිපයකට පෙර නිකුත්කළ නිවේදනයක දැක්වුණේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ දී මානව හිමිකම්වලට ගරු කරමින් හිජාස් හිස්බුල්ලා සම්බන්ධ විමර්ශන සාධාරණ සහ නිසි ක්‍රමවේදයට අනුකූලව පවත්වන මෙන් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.
නීතිවේදී හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයේදී නීතියේ ආධිපත්‍යයට අදාළ මූලධර්ම මත පිහිටා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින්, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සම්මේලනයේ මානව හිමිකම් ආයතනය ද, අධිකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා වෙත විවෘත ලිපියක් යොමුකර තිබිණි.

'මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්'
ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ, පවතින කොරෝනා වෛරස් වසංගත සමයෙහි, දේශපාලන ප්‍රතිවාදීන් සහ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වෙනස්කම් සිදුකෙරෙමින් ඇති කාලයක බවත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සම්මේලනයේ මානව හිමිකම් ආයතනය පෙන්වා දී තිබිණි.

විශේෂයෙන්ම සිංහල කාන්තාවන්ට 'වඳ සැත්කම්' කළ බවට ව්‍යාජ චෝදනා එල්ල වූ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා ද ඔහුය. (එම චෝදනාව සනාථ කිරීම සඳහා සාක්ෂි නොමැති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ)
තවත් බොහෝ දෙස්, විදෙස් සංවිධාන සහ නීතිවේදීන්, සිවිල් සංවිධාන සහ ක්‍රියාධරයෝ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රශ්න කළහ.

හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම හා බැඳුනු සිදුවීම් ගැන දීර්ඝ ලිපියක් ලියමින් මාධ්‍යවේදිනී ජයනි අබේසේකර අවධාරණය කර තිබුණේ, කොරෝනාවෛරස වසංගතය යනු නීතියට පිටින් කටයුතු කිරීමට පොලිසියට හෝ ආණ්ඩුවට දුන් බලපත්‍රයක් නොවන බවය.
මේ අතර, ඩේලි එෆ්ටී පුවත්පතේ ලිපියක් උපුටා දක්වමින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරන නීතිවේදී ගෙහාන් ගුණතිලක, සැකකරුවෙකු වැරදිකරුවෙකු කිරීමට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මෙතරම් කැසකවන්නේ මන්දැයි ප්‍රශ්න කර තිබිණි.
හිජාස් හිස්බුල්ලාගේ පවුලේ සාමාජිකයින් පවසන පරිදි, ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා පොලිසිය හැසිරුණු ආකාරය බරපතල සැක සංකා ගණනාවක් මතු කරන්නකි.
පවුලේ සාමාජිකයින් විසින් අධිකරණයේ ගොනු කරන ලද හිබයාස් කෝපුස් පෙත්සම් සහ ඉන් අනතුරුව නිකුත් කරන ලද ඉහත දැක්වෙන නිවේදනයට අනුව, පොලිසිය මෙන්ම බොහෝ ජනමාධ්‍ය ද හැසිරෙන ආකාරය පිළිබඳ පහත දැක්වෙන කරුණු අවධානයට ලක් කර තිබේ.

ඔහු අත්ඩංගුවට ගැනීම පිණිස පොලිසිය පැමිණීමට පෙර ලැබුණු දුරකතන ඇමතුමක සඳහන් වූයේ නිරෝධායන කටයුත්තක් සලකා බැලීම පිණිස සෞඛ්‍ය බලධාරීන් නිවසට පැමිණෙන බවකි.
නිලධාරීන් නිවසට පැමිණි වහාම ඔහුට මාංචු දමා ප්‍රකාශයක් සටහන් කරගත්හ.
අත්ඩංගුවට ගත් අවස්ථාවේ සිට මෙතෙක් ඔහු අධිකරණයක් වෙත ඉදිරිපත් කොට නැත.
ඔහුට සිය නීතිවේදියා හමුවීමට අවසර ලැබුණේ අවස්ථා දෙකකදී පමණි. ඒ, විමර්ශන නිලධාරියෙකු ඉදිරිපස දී විනාඩි 10 ක පමණ කාලයකටය. එහිදී ඔහුට තමන්ට එරෙහි චෝදනා ගැන අදහස් දැක්වීමට අවසර නොලැබුණි.
ඔහු මද්රාසා පාසලක විදුහල්පති බවටත්, පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වූ සහ්රාන් හෂීම් එහි පැමිණ දේශන පැවැත්වූ බවටත් හදිසියේම මාධ්‍ය වාර්තා පළවිය. එම පාසලේ ඉගෙනුම ලබන සිසුවෙක් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කරන ලද බව පැවසෙන රහසිගත ප්‍රකාශයක් ද මාධ්‍ය වාර්තාවලට ඇතුළත් විය.
අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පවසන පවුලේ සාමාජිකයෝ, එසේ රහසිගත ප්‍රකාශයක් කළේ නම් එය මාධ්‍ය වෙත ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න කරති.
මේ අතර පොලිසිය තමන්ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගත් බවට මද්රාසා පාසලේ සිසුන් දෙදෙනකුගේ දෙමාපියන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
සිංහල මාධ්‍ය වාර්තා විශ්ලේෂණය කරන ethics eye ආයතනය ද එම වාර්තාවල සදාචාරාත්මක බව ප්‍රශ්න කර තිබිණි.
පොලිසියේ ප්‍රතිචාරය
පොලිසිය පවසන්නේ, නීතිවේදී හිජාස් තවමත් අධිකරණයට ඉදිරිපත් නොකළේ අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති නිසා බවය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, වරෙන්තුවකින් තොරව නිවාසවලට පිවිස සෝදිසි කිරීමට සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය පැවරේ.

එබැවින් ඔහු තවදුරටත් අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ රඳවාගනු ලැබ සිටින බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න, "විමර්ශන ඉවර වෙනතුරු අපිට ඔහු රඳවාගන්න වෙනවා," යනුවෙන් ද සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීමට පෙර සෞඛ්‍ය නිලධාරීන් ලෙසින් හඳුන්වා ගනිමින් ඔහුට ඇමතුමක් දුන් බවක් විමර්ශන නිලධාරීන් තමන්ට දැනුම් දී නැතැයි පවසන පොලිස් ප්‍රකාශකවරයා, විමර්ශනය තවමත් පැවැත්වෙන බැවින් පොලිස් මාධ්‍ය ඒකකය මාධ්‍ය වෙත ලබා දෙන්නේ තමන්ට හෙළි කළ හැකි තොරතුරු පමණක් බව ද පැවසීය.

පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසන පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන දේශපාලන අරමුණකින් යුතුව කෙරෙන්නක් නොවේ. එබැවින් එයට කිසිදු දේශපාලන බලපෑමක් නැත.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකයක් තිබුණේ නම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම පිණිස ප්‍රහාරයෙන් වසරකට ආසන්න කාලයක් ගත වූයේ මන්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවමත් පැවැත්වෙන බැවින් තවත් සැකකරුවන් ගැන ඉදිරියේදී පවා තොරතුරු අනාවරණය වීමට ඉඩ තිබෙන බවය.

https://www.bbc.com/sinhala/sri-lanka-52662992?at_custom2=facebook_page&at_custom1=%5Bpost+type%5D&at_custom3=BBC+Sinhala&at_custom4=4BF84252-B6E3-11EA-9B47-AA464D484DA4&at_campaign=64&at_medium=custom7&fbclid=IwAR1bgJKqd3rrcp1qvROLxHbrrzROzWUUJjL4s02W7wONgRuYGz5rmhSdMOQ

 

ත්‍රස්ත විරෝධී නීතිය සහ නීතිඥ හිජාස් හිස්බුල්ලා

User Rating: / 1
PoorBest 

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක තීන්දු කළා.

පෙරෙට්ටුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, එහිදී සැකකරු හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් වශයෙන් ඉස්ලාමීය මද්ද්‍රසා පාසලක ඉගෙනුම ලැබූ බාලවයස්කාර ළමුන් කීපදෙනෙකු යොමු කිරීමටද නියමිතව තිබුණා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ එයට විරෝධය පළ කළ නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර, ඉදිරිපත් කිරීමට නියමිත ළමුන්ට සැකකරුගේ ඡායාරූප පෙන්වා ඔවුන් බිය ගන්වා අදාල හඳුනා ගැනීම් සිදු කිරීමට උත්සාහ කරන බවට පොලිසියට චෝදනා කළා.

එම ළමුන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායක රහස් පොලිසිය ළමුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමේ ක්‍රියාදාමයට එරෙහිව ඔවුන්ගේ දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබෙන බවයි.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් කියා සිටියේ, සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීම තුළින් කිසිවකුට අගතියක් සිදු නොවන බවයි.

තවත් විස්තර පහත ලිපියෙන්.

 

A True Patriot will never Harm Minorities

User Rating: / 1
PoorBest 

A True Patriot will never Harm Minorities
https://ceylontoday.lk/news/a-true-patriot-will-never-harm-minorities

By Mass L. Usuf | Published: 8:27 PM Jun 14 2020


“The concealed malignancy of hypocrisy is more harmful than open hostility.” (Ayatollah Agha Pooya).

Today, we live in a society where hypocrisy is seen in abundance.  In fact, two-facedness is common in many fields, be it party politics, religious persuasion, social interaction, inter-ethnic relations, family relationship and so on.  No one would admit his/her hypocrisy because it has, some way or the other, attained the status of an accepted ‘new normal’. The admittance of the ‘new normal’ per se proves the extent to which even the society itself has condescended. If necrophilism or cannibalism for whatever reason disgusts us, hypocrisy too should be disgusting to us. Hypocrisy, undoubtedly, is a spiritual and moral abomination and a disturbing mental condition that threatens society.  When it is said to them:

"Do not make mischief (corruption, conflict) on the earth, “they say: "We only want to make peace (reforms)." (Quran, Chapter 2 Verse 11).

It is said that the term hypocrite refers to a person whose inward reality differs from his outward appearance; One who is two-faced or a double-dealer. Hypocrites do not use logic or rational reasoning to achieve their personal goals or profits; instead, they unjustly oppose whichever is of benefit to them.. A hypocrite says something with his tongue that he does not believe in his heart.

Vulgarised Patriotism

This column will briefly examine the prevalence of hypocrisy in the vulgarised adaptation of ‘patriotism’ in Sri Lanka.  A style, definition and interpretation concocted fluidly to suit the agendas of our far-right politicians and the notoriously deviant monks. There was an amusing poster in the social media recently with a picture of police brutality and two onlookers.  One of them asks, “where did this happen?” The other person said, “In Sri Lanka”. The questioner replied, “Then don’t talk about it, you will be considered unpatriotic”. This gives us a sense of perceived ‘patriotism’. 

All stand up with respect and that innate sense of sanctity, when the national flag flutters, as if choreographed to the tune of the accompanying national anthem. We do experience a strange feeling when singing along. Sometimes even goose bumps.  Such sensations are stimulated by the flow of inner spirituality that lay deep within us. This affection reminds us of our natural link to the belly of the soil in which we were born – Mother Lanka. Just like the umbilical cord connecting the mother to her infant. Through the medium of the national anthem, we express this attachment by eulogising that sentiment of reverence and closeness.

Change the National Anthem

For a moment reflect on the following words in the anthem, eka mawakuge daru kela bewina (as children of one mother). The extreme right wingers ‘patriotically’ utter these words with unbounded passion.  Despite this, given an opportunity, they would not hesitate to cause mayhem in the society. Abusive allegations and accusations are relentlessly hurled at the Tamil Sankaralingam, the Muslim Abdullah and the Christian Joseph.  Hate statements are not censured but tolerated, for example; ‘They do not belong here. They need to be kept in their places. They are invasionists, terrorists, fundamentalists, separatists and dangerous conspiracists. They should not be given any recognition. They are minorities.’ Basically, denying the minorities their bond to the motherland.

If that is the limit of the understanding of these dumb heads about plurality and diversity in a 21st century globalised setting, they may need to change the words in the national anthem. 

It is interesting to analyse the display of blatant hypocrisy by such people in relation to the National flag. We have seen them standing up for the national anthem and bowing to the national flag with much respect.  However, when these extremists are in the act of violence, they hypocritically carry an altered or distorted national flag. The Orange stripe depicting the Tamil ethnicity and the Green stripe showing the Moor ethnicity is brazenly removed.  These stupids ignorantly and unashamedly retain the saffron border of the flag.  This saffron border has been aesthetically designed to depict Buddhism.  Not only that it also has another purpose and, that is, to symbolise ‘unity among the people’ of a plural Sri Lanka. Imagine the extent of confusion and barefacedness of these right-wing extremists when they chose to alter the Sri Lankan national flag.

Compulsive Liars

Buddha’s teachings on ethics and conduct especially, of the monks are of a very high standard.  To uphold such teachings and disseminate it to the layman is the responsibility of the clergy.  The majority of the clergy sincerely engage in this dharmic cause and have earned the respect and esteem of the people.

There is however, another bunch of few robed monks who are completely different from the respected venerables.  They add fuel to fire by craftily intervening to give prominence to the hypocrites from among the laymen.  By doing so opportunistically exploit to their favour and fame the reverence given to the saffron robe. The paragons who are expected to refrain from speaking lies, falsehood and fabricated information very commonly violate this precept unchallenged by anyone.  These monks continue to lie knowing well that you know that they are lying. The media and the general public respect the saffron robe. The police because of this respect, hardly apply the rule of law to the monks.

Of course, most of the people belonging to the Sinhala community are severely embarrassed by the behaviour of these monks. They know there is nothing in their hearts except to cause trouble. They are like hallow timber, which is useless by itself, and has to be propped up against other things. This is very evident because you see them showing up from hibernation given the slightest chance. Unfortunately, these monks very unkindly and callously also, dishonour by their ill-mannered conduct, the deep respect and reverence that is due to some of the most respected venerable monks. 

One may wonder if these ill-behaved monks are mentally diseased and, therefore, deserve our kindness, care and concern.  Charles Ford, a professor of psychiatry at the University of Alabama Birmingham and author of Lies! Lies!! Lies!!! says, when it comes to compulsive liars, "words seem to flow out of their mouths without them thinking about it."  Robert Reich, M.D., psychiatrist and expert in psychopathology, says compulsive lying is associated with a range of diagnoses, such as antisocial, borderline and narcissistic personality disorders.

“When you look at them, their physical appearance attracts you and when they speak, you carefully listen to them. In fact, they are like propped up hollow trunks of wood (unable to stand on their own).”

(Quran, Chapter 63 Verse 4).

Not Acceptance but Respect

Sankaralingam, Abdullah and Joseph are not pleading from these extremists and ethno-racist nationalists to accept them.  They are demanding that they be respected as human beings, respected as equal citizens, respected as those belonging to this soil and to be respected as equal to any true patriot of this soil.

The following lines picked from an article, ‘Buddhism and the race question’, explains:

“Buddhism from the first proclaimed the oneness of mankind and denied that birth in a particular race or caste was or should be an obstacle towards anyone developing his potentialities as a man or

as a spiritual being.  Such obsessions, which are the accumulated products of acquired erroneous beliefs, are among the intoxicants (avijjasava) of the mind and have to be got rid of by a process of self-analysis and conscious elimination. (G. P. Malalasekera and K. N. Jayatilleke.)

If you claim to be a true patriot, then respect the words in the national anthem and, also, do not distort the national flag.  Accept both of these honestly and with sincerity before making the grand claim of being a patriot.  Let us all unite to focus in directing our combined energy and efforts towards taking care of Mother Lanka.

__._,_.___
Posted by: Mass Usuf < This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it >

   

Order to produce Hijaaz Hizbullah in court to be delivered on July 1

User Rating: / 2
PoorBest 

An order to produce Attorney-at-Law Hijaaz Hizbullah, who is currently under detention, in Court will be delivered by Colombo Fort Magistrate on July 1.

Hijaaz Hizbullah was arrested by the Criminal Investigation Department (CID) on April 14 for his alleged link to the Easter Sunday attacks.

However, the CID did not present him before Court after his arrest and detention.

When the matter was taken up before Colombo Fort Magistrate Ranga Dissanayake, the CID said that they are still recording statements and conducting investigations into the matter.

However, Wasantha Nawarathna Bandara PC with Hafeel Farisz, Pasan Weerasinghe, Ashan Bandara and Harshana Nanayakkara who are appearing on behalf of Hijaaz Hizbullah informed the Court that the detention order was signed by the President upon the fact for aiding and abetting a suicide bomber named Inshaf Ahmed.

"The CID had failed to present at least a single fact pertaining to the detention order and a political hand is suspected behind this issue," PC Wasantha Nawaratne Bandara said.

He raised questions as to how the two confidential statements given before the Magistrate earlier by two young children were leaked to the media.

PC Bandara claimed that the CID leaked the contents of the two confidential statements to the media. (Yoshitha Perera)


http://www.dailymirror.lk/breaking_news/Order-to-produce-Hijaaz-Hizbullah-in-court-to-be-delivered-on-July-1/108-190198

 

இலங்கையில் கொரோனா, முஸ்லிம் சமூகத்துக்கு எதிரான வேறுபாடு, பயங்கரவாத தடைச் சட்டம், ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ்

User Rating: / 1
PoorBest 

 

 

இலங்கையில் கொரோனா, முஸ்லிம் சமூகத்துக்கு எதிரான வேறுபாடு, பயங்கரவாத தடைச் சட்டம், ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ்

 

 

  • சரோஜ் பதிரண

சில மாதங்களுக்கு முன்பு இலங்கையின் உயர்நீதிமன்றத்தில் நடந்த வழக்கொன்றில் இளம் வழக்கறிஞர் ஒருவர் வாதாடிய விதம் அனைவரது உள்ளத்தையும் கொள்ளை கொண்டது. முழு நாட்டினதும் கவனத்தை ஈர்த்த இந்த வாதம், அவரது தரப்பினரால் மட்டுமன்றி எதிர்த்தரப்பினராலும் பாராட்டப்பட்டது. ஜனாதிபதி மைத்திரிபால சிரிசேன சட்டவிரோதமாக பிரதமரை பதவியில் இருந்து இறக்கி, பாராளுமன்றத்தைக் கலைத்தமைக்கு எதிரான அடிப்படை உரிமை மீறல் வழக்கே அது. தேசிய தேர்தல்கள் ஆணைக்குழுவின் உறுப்பினர் பேராசிரியர் ரத்னஜீவன் ஹூல் தாக்கல் செய்த மனு சார்பிலேயே இந்த இளம் வழக்கறிஞர் ஆஜராகியிருந்தார். இவரது வாதம் குறித்து த இந்து பத்திரிகையின் ஊடகவியலாளர் மீரா சிறீநிவாசன் குறிப்பிடும் போது, அத்தியாயம் 33(2)(இ) இல் குறித்துரைக்கப்பட்டுள்ள ஒரு நபரின் (ஜனாதிபதியின்) பார்வை, மக்களினதும் அவர்களது உரிமைபெற்றவர்களினதும் பார்வையை விட சக்தி வாய்ந்தது என்ற வாதம் முன்வைக்கப்பட்ட போது, அதற்கு ஒரே ஒரு வார்த்தை மட்டுமே உள்ளது, அது தான் சர்வாதிகாரம் என  ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ் அதனை எதிர்த்து வாதாடினார் எனக் குறிப்பிடுகின்றார். இவரது வாதம் எவ்வளவு பலமானது என்றால், விசாரணையின் முடிவில் மனுதாரர் சார்பில் ஆஜராகிய சட்டத்தரணிகள் உட்பட அனைத்து மூத்த வழக்கறிஞர்களும் சேர்ந்து எடுத்துக் கொண்ட புகைப்படத்தில் ஏனையவர்கள் நின்றிருக்க இவர் மட்டுமே இருக்கையில் அமர்ந்திருந்தார். அவரது திறமையை மதிக்கும் வகையிலேயே அவரை இவ்வாறு செய்வதற்கு ஏனையவர்கள் வற்புறுத்தியிருந்தனர்.

போராளி

இப்படி தேசிய அளவில் முக்கியத்துவம் வாய்ந்த பல வழக்குகளில் ஆஜராகிய இவர் அத்துடன் நிறுத்திக் கொள்ளாமல் அநீதி, அநியாயம் என அவர் காணும் எந்த விடயத்துக்காகவும் வீதியில் இறங்கிப் போராடுபவராக இருந்தார். சுழலும் நாற்காலியிலமர்ந்து போராட்டம் நடத்துபவராக அவர் இருக்கவில்லை. இப்படி நீதித்துறையிலும், ஜனநாயகத்தையும் மனித உரிமையையும் மதிக்கும் பலராலும் மதிக்கப்படும் இந்த இளம் வழக்கறிஞர் ஏப்ரல் 14 முதல் பொலிஸாரினால் தடுப்புக் காவலில் வைக்கப்பட்டுள்ளார். அவர் தான் ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ்.

அவருக்கு நீதி தேடி ஆரம்பிக்கப்பட்டுள்ள Justice for Hijaz என்ற டுவிட்டரில் அவரைப் பற்றி தெளிவாகக் குறிப்பிடப்பட்டுள்ளது. சட்டத்தின் ஆட்சியை உறுதிப்படுத்துவதும், ஜனநாயகத்தைப் பாதுகாப்பதும், விளிம்பு நிலையிலுள்ள குரலற்ற மக்களின் குரலாகச் செயற்படுவதும், நல்லிணக்கத்துக்காக உழைப்பதும், தீவிரவாதத்துக்கு எதிராக வாதிடுவதும் தேசப்பற்று என்றிருந்தால், ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ் உண்மையான தேசப்பற்றாளர் என அதில் குறிப்பிடப்பட்டுள்ளது.

இவருக்கு ஈஸ்டர் தாக்குதலுடன் தொடர்பிருப்பதாக தகவல் கிடைத்துள்ளதனால் தொடர்ந்தும் விசாரணை நடைபெற்று வருகிறது என பொலிஸார் தெரிவிக்கின்றனர். மூன்று மாத தடுப்புக் காவல் உத்தரவு பெறப்பட்டு அவர் தடுத்து வைக்கப்பட்டு விசாரிக்கப்படுவதாக பொலிஸ் ஊடகப் பேச்சாளர் ஜாலிய சேனாரத்ன பிபிசி சிங்கள சேவைக்குத் தெரிவித்துள்ளார். தமக்கு எதிராகச் சுமத்தப்பட்டுள்ள குற்றச்சாட்டுகள் தொடர்பில்  தமது வழக்கறிஞர்களுடன் சுதந்திரமாகக் கலந்துரையாடுவதற்குக் கூட அவருக்கு அவகாசம் வழங்கப்படவில்லை. ஈஸ்டர் தாக்குதலுடன் அவரைத் தொடர்புபடுத்துவதை அவரது குடும்பத்தினர் கடுமையாக மறுக்கின்றனர். பயங்கரவாதத் தடுப்புச் சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டு வழக்கறிஞர்களைச் சந்திப்பதற்குக் கூட வாய்ப்பு வழங்காமல் அவரை நீதிமன்றத்திலும் ஆஜர்படுத்தாமல் அரசாங்கம் முன்னெடுக்கும் செயற்பாடுகள் இலங்கையில் மட்டுமன்றி சர்வதேச அளவிலும் கண்டனத்துக்கு உள்ளாகியுள்ளன.

சர்வதேசத்தின் எதிர்வினை

சட்டத்தரணி ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ்வைக் கைது செய்து தடுத்து வைத்திருப்பது குறித்து ஆழ்ந்த கவலை தெரிவிக்கும் வகையில் இலங்கை அரசாங்கத்துக்கு தாம் கடிதம் அனுப்பியுள்ளதாக ஐரோப்பிய ஒன்றியம் மே 26 இல் டுவிட்டர் செய்தி வெளியிட்டிருந்தது. உலகெங்கிலும் உள்ள நீதிபதிகளைப் பிரதிநிதித்துவப்படுத்தும் சர்வதேச சட்ட ஆலோசகர்கள் கவுன்ஸில் (ICJ) சில நாட்களுக்கு முன் வெளியிட்ட அறிக்கையில், ஈஸ்டர் தாக்குதல் தொடர்பிலான விசாரணைகளின் போது, மனித உரிமைகளுக்கு மதிப்பளித்து ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ் தொடர்பிலான விசாரணைகளை நீதியாகவும் சரியான முறையிலும் நடத்துமாறு தாம் இலங்கை அரசாங்கத்தைக் கேட்டுள்ளதாகத் தெரிவித்துள்ளது. சட்டத்தரணி ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ் தொடர்பான வழக்கு விசாரணைகளில் சட்டத்தின் மூலவேர்களில் நின்று செயலாற்றுமாறு சர்வதேச சட்டத்தரணிகள் சங்கத்தின் மனித உரிமைகள் பிரிவு நீதியமைச்சர் நிமல் சிரிபால டி சில்வாவிடம் வேண்டுகோள் விடுத்துள்ளது.

முஸ்லிம் சமூகம் மீதான வேறுபாடு

கொரோனா தொற்று பரவுகின்ற நிலையில், அரசியல் எதிரிகளால் முஸ்லிம்கள் மீது வேறுபாடு காட்டப்படுகின்ற சூழ்நிலையிலேயே அவர் கைது செய்யப்பட்டதாக சர்வதேச சட்டத்தரணிகள் சங்கத்தின் மனித உரிமைகள் பிரிவு சுட்டிக் காட்டியுள்ளது. சிங்களப் பெண்களை மலடாக்குவதற்கான அறுவைச் சிகிச்சை செய்ததாக போலியாகக் குற்றஞ்சாட்டப்பட்ட (இந்தக் குற்றச்சாட்டை உறுதிப்படுத்துவதற்கான சாட்சிகள் இல்லை என குற்றப் புலனாய்வுத் திணைக்களம் நீதிமன்றத்துக்கு அறிவித்திருந்தது) டொக்டர் ஷாபி ஷிஹாப்தீன் சார்பில் ஆஜராகியவர் ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ் என்பது குறிப்பிடத்தக்கது. இன்னும் பல உள்நாட்டு வெளிநாட்டு அமைப்புக்கள், சட்டத்தரணிகள், சிவில் நிறுவனங்கள், சிவில் செயற்பாட்டாளர்கள் எனப் பல தரப்புக்களும் அரசாங்கத்தின் செயற்பாடு தொடர்பில் தீவிரமாக கேள்வி எழுப்பியுள்ளன.

ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ்வைக் கைது செய்வதுடன் தொடர்புடைய சம்பவங்கள் குறித்து ஊடகவியலாளர் ஜயனி அபேசேகர வரைந்துள்ள நீண்ட கட்டுரையில் கொரோனா வைரஸ் காவல்துறையினருக்கோ அரசாங்கத்துக்கோ சட்டத்துக்குப் புறம்பாகச் செயல்படுவதற்கு வழங்கப்பட்ட லைசன்ஸ் அல்ல எனக் குறிப்பட்டுள்ளார். இதற்கிடையில் ஒக்ஸ்போர்ட் பல்கலைக்கழகத்தில் கலாநிதிக் கற்கையில் ஈடுபட்டிருக்கும் சட்டத்தரணி கெஹான் குணதிலக, சந்தேக நபர்களைக் குற்றவாளியாக்க இலங்கை ஊடகங்கள் ஏன் இவ்வளவு ஆசைப்படுகின்றன என  டெய்லி எப்டியின் கட்டுரையொன்றை மேற்கோள் காட்டி கேள்வி எழுப்பியுள்ளார்.

ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ்வின் குடும்பத்தினர் சுட்டிக் காட்டுவதன்படி, பயங்கரவாத தடைச் சட்டத்தின் கீழ் அவர் கைது செய்யப்பட்டதிலிருந்து பாதுகாப்புத் துறையினர் நடந்து கொண்ட விதம் கடுமையான சந்தேகங்களைக் கிளப்பியுள்ளது. குடும்ப உறுப்பினர்களால் நீதிமன்றத்தில் தாக்கல் செய்யப்பட்ட ஆட்கொணர்வு மனு மற்றும் அவர்களால் வெளியிடப்பட்ட அறிக்கைகளின்படி, பொலிஸ் மற்றும் பெரும்பாலான ஊடகங்கள் செயற்படும் விதம் தொடர்பில் பின்வரும் விடயங்களைக் குறித்துக் காட்ட முடியும்.

  • அவரைக் கைது செய்வதற்கு பொலிசார் வருவதற்கு முன்னர் கிடைத்த தொலைபேசி அழைப்பில், தனிமைப்படுத்தலைக் கருத்திற் கொண்டு சுகாதார அதிகாரிகள் அவரது வீட்டுக்கு வருவதாகக் குறிப்பிடுகிறது
  • அதிகாரிகள் வீட்டுக்கு வந்ததும் அவரைக் கைவிலங்கிட்டு வாக்கு மூலம் பெற்றனர்
  • கைது செய்யப்பட்டதிலிருந்து இதுவரை அவர் நீதிமன்றத்தில் ஆஜர் செய்யப்படவில்லை
  • அவரது சட்டத்தரணியைச் சட்டத்தரணியைச் சந்தி்ப்பதற்கு இரண்டு தடவைகள் மட்டுமே அவர் அனுமதிக்கப்பட்டார். அதுவும் புலனாய்வுப் பிரிவு அதிகாரியின் முன்னால் வழங்கப்பட்ட 10 நிமிடங்கள் மாத்திரமே. அதிலும் அவர் மீதான குற்றச்சாட்டுக்கள் குறித்துப் பேசுவதற்கு அனுமதி வழங்கப்படவில்லை.
  • அவர் ஒரு மத்ரஸாவின் அதிபர் எனவும், ஈஸ்டர் தாக்குதல் சூத்திரதாரி ஸஹ்ரான் ஹாஷிம் அங்கு வந்து விரிவுரை நிகழ்த்தியுள்ளதாகவும் திடீரென ஒரு குற்றச்சாட்டு இவர் மீது முன்வைக்கப்பட்டது. இந்த மத்ரஸாவின் மாணவர் ஒருவர் நீதிமன்றத்துக்கு முன்வைத்ததாகச் சொல்லப்படுகின்ற இரகசிய வாக்குமூலமொன்றும் ஊடகங்கள் வாயிலாக வெளிப்படுத்தப்பட்டது.
  • இந்தக் குற்றச்சாட்டை அப்பட்டமான பொய்யென மறுத்த குடும்பத்தினர், இரகசிய அறிக்கையொன்று எப்படி ஊடகங்களுக்குக் கிடைத்திருக்கும் எனக் கேள்வி எழுப்புகின்றனர்.
  • இதற்கிடையில் பொலிஸார் பலவந்தமாக வாக்குமூலம் பெற்றதாக மத்ரஸா மாணவர்கள் இரண்டு பேரின் பெற்றோர் நீதிமன்றத்தில் முறைப்பாடு செய்துள்ளனர்.

சிங்கள ஊடக அறிக்கைகளை பகுப்பாய்வு செய்யும் ethics eye அமைப்பும் இந்த அறிக்கைகளின் நெறிமுறைகளை கேள்விக்குட்படுத்தியுள்ளது.

பொலிஸாரின் எதிர்வினை

விசாரணைகள் இன்னும் முடிவடையாததாலேயே சடடத்தரணி ஹிஜாஸை இதுவரை நீதிமன்றத்தில் ஆஜர்படுத்தவில்லை என பொலிஸார் தெரிவிக்கின்றனர். பயங்கரவாத தடுப்புச் சட்டத்தின் கீழ் பிடிவிராந்து இல்லாமல் வீடுகளில் நுழைந்து எவரையும் கைது செய்வதற்கு பொலிசாருக்கு அதிகாரம் இருக்கிறது. எனவே அவர் இன்னும் சிஐடியின் கீழ் தடுத்து வைக்கப்பட்டுள்ளதாக பொலிஸ் ஊடகப் பேச்சாளர் ஜாலிய சேனாரத்ன பிபிசிக்கு தெரிவித்திருந்தார். விசாரணை முடியும் வரை நாங்கள் அவரைத் தடுத்து வைக்க வேண்டி வரும் எனவும் அவர் குறிப்பிட்டிருந்தார்.

கைது செய்யப்படுவதற்கு முன்னர் சுகாதார அதிகாரிகளாகச் சொல்லப்பட்டவர்கள் எவரும் அவருக்கு தொலைபேசி அழைப்பு எடுத்ததாக தமக்கு எந்தவித தகவல்களும் அறிவிக்கப்படவில்லை எனக் கூறும் பொலிஸ் ஊடகப் பேச்சாளர், விசாரணைகள் தொடர்ந்தும் நடைபெறுவதால் தம்மால் வெளிப்படுத்த முடியுமான தகவல்களை மாத்திரமே ஊடகங்களுக்கு வழங்க முடியும் எனவும் தெரிவித்தார்.

பொலிஸ் அதிகாரி ஜாலிய சேனாரத்ன தெரிவிப்பதன்படி, ஈஸ்டர் தாக்குதல் தொடர்பான விசாரணைகள் அரசியல் நோக்கம் கொண்டவையல்ல, எனவே அதற்கு அரசியல் அழுத்தங்கள் ஏதும் இல்லை. ஈஸ்டர் தாக்குதலில் சம்பந்தம் இருப்பதாகச் சந்தேகம் இருந்தால் ஹிஜாஸைக் கைது செய்வதற்கு ஏன் ஒருவருட காலம் எடுத்தது என பிபிசி சிங்கள சேவை கேட்டதற்கு, தாக்குதல் தொடர்பில் விசாரணைகள் தொடர்ந்தும் நடைபெற்று வருவதால் மேலும் சந்தேக நபர்கள் தொடர்பிலும் முன்வரும் காலங்களிலும் தகவல்கள் வெளிவரக் கூடும் என அவர் தெரிவித்தார். – பிபிசி சந்தேசய

 


http://meelparvai.net/?p=25320&fbclid=IwAR3wJYc2_xEzlJH1h4Gsa0wOiSKS6L-_PuHzspXaRqUxIsppoWQ_IOzDpCE

   

Page 22 of 213

Login Form