Friday, April 19, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

Sri Lanka riots prompt international concern

User Rating: / 4
PoorBest 



 

http://www.aljazeera.com/news/asia/2014/06/sri-lanka-riots-prompt-international-concern-201461752248175495.html

 

Sri Lanka Muslims killed in Aluthgama clashes

16 June 2014 Last updated at 14:30 BST

At least three Muslims have been killed in overnight clashes with hard line Buddhists in southern Sri Lanka.

The men died of gunshot wounds near a mosque in the town of Aluthgama, in what is seen as Sri Lanka's worst outbreak of sectarian violence in years.

Charles Haviland reports.

 

http://www.bbc.com/news/world-asia-27865686

 

මතුගම, වැලිපැන්නත් ප‍්‍රචණ්ඩ වේ.. අයෙක් මරුට.. කඩ 10කට ප‍්‍රහාර.. එකකට ගිනි

මතුගම හා වැලිපැන්න ප්‍රදේශවල ඊයේ රාත්‍රී කාලයේ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ.

මතුගම හේනේගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක් වෙත කඩා වැදුණු පිරිසක් කළ පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර රාත්‍රී 9.00ට පමණ එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ගොවිපලේ මුරකරුවෙකු ලෙස කටයුතු කල 58 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය කියයි.

තුවාල ලත් එක් පුද්ගලයෙකු වෑත්තෑව රෝහලට ඇතුලත් කර ඇති අතර පහරදුන් පිරිස මෙතෙක් හඳුනාගෙන නැත.

වැලිපැන්න ප්‍රදේශයේද වෙලඳසැල් 10 කට පමණ ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් හානි කර ඇති අතර ආසන්නයේ පිහිටි සේවා ස්ථානයකට ගිනි තබා ඇත.

එම ප්‍රහාරයට පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් පැමිණ ඇති අතර ඉන් ඇතැමෙකු හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

 

http://lankacnews.com/sinhala/news/117580/

   

මේ රට සිංහල බෞද්ධයින්ගේ පමණක් නොවේ.. – වජිර හිමි

User Rating: / 2
PoorBest 

une 17, 2014 at 6:50 pm | lanka C news

මේ රට සිංහල බෞද්ධයින්ගේ පමණක් නොවේ.. – වජිර හිමි

මේ රට සිංහලයින්ට හා බෞද්ධයින්ට පමණක් උරුම රටක් බව තමන් පිළිනොගන්නා බවත්, අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සාමයෙන් ජීවත් වීමේ උරුමය රටේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම ලැබිය යුතු බවත් පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ පවසති.

කටකතා වලට නොරැවටී සාමය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන මෙන් තමන් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අද (17) ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් පිරිස් ‍රටේ සාමය, සංහිදියාව නැති කිරීම සඳහා උත්සහ කරමින් සිටින බවත්, එම උත්සහයන් වල අලුත්ම ප්‍රතිඵලය පසුගිය දිනක අලුත්ගම ප්‍රදේශයේදී දුටු බවත්, ‍‍එහිදී වජිර හිමි කීවේය.

ජාතිවාදය, ආගම්වාදය යන ක්‍රියාවලින් සිදු වු හානී අවුරුදු 30ක කාලයක් තිස්සේ මෙරටේ ජනතාව අත්විඳි බවත්, “වෛරයෙන් වෛරය නොසන්සිදේ” යන බුද්ධ වචන‍ය තේරුම් ගෙන කටයුතු කරන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්‍ සේ එම අවස්ථාවේදී අවධාරණය කර සිටියේය.

කවුරුන් වැරදී සිදු කළද එම වැරැද්දට නිසි දඬුවම් රජය විසින් ලබා දිය යුතු බවද පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී කිවේය.

පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානය සම සභාපති ධූරය දරණු ලබයි.

- Adaderana

http://lankacnews.com/sinhala/news/117586/

 

 

මඩකලපුවේ මුස්ලිම් හර්තාලයක්

User Rating: / 4
PoorBest 

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 17 අඟහරුවාදා - 10:01 GMT

සිසුන් නොපැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශවල පාසල් නොපැවැත්වෙන බවයි පැවසෙන්නේ

කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන ප්‍රචන්ඩ ක්‍රියා හෙලා දකිමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රදේශවල අද (17) හර්තාලයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙම කලබලකාරී තත්වය මඩකලපු දිස්ත්‍රිකයට අයත් මුස්ලිම් ප්‍රදේශ වන කාතන්කුඩි,එරාවුර්, ඔද්දමාවද්දී හා වලිච්චේනෙයි යන ප්‍රදේශවල එදිනෙදා කටයුතු වලට බලපා තිබේ.

කඩ සාප්පු වසා දමයි

කඩ සාප්පු සහ වෙළෙඳ ආයතන වසා දමා තිබෙන අතර සති පොළ පවත්වා නැති බවයි පැවසෙන්නේ.

සිසුන් නොපැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශවල පාසල් පැවැත්වෙන්නේ නැති අතර රජයේ කාර්යාල වල ද සාමාන්‍ය දින වල මෙන් නොව දෛනික කටයුතු වල මන්දගාමී ස්වරූපයක් දකින්නට තිබේ.

හර්තාලයට සහභාගී නොවන මෙන් එරාවුර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල ශබ්දවාහිණී මගින් පොලිසිය ව්‍යාපාරිකයන් ට දන්වා සිටිය ද එය ඉල්ලීම නොතකා කඩ සාප්පු වසා දමා තිබේ.

'බොදු බල සේනා තහනම් කරන්න'

මුස්ලිම් ජනතාවට විරුද්ධ ප්‍රචණ්ඩත්වය හෙලා දැක,බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බව ඉල්ලා කාතන්කුඩි මුස්ලිම් ජනතාව විසින් අද විරෝධතා පෙළපාලියක් ද පවත්වා තිබේ.

කාතන්කුඩි මෙත්ත පල්ලි දේවස්ථානය ඉදිරි පිට රැස් වුන දහස් ගණනක් වූ මුස්ලිම් වැසියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පෙළපාලියකින් ගොස් ජනාධිපතිවරයා වෙත යොමු කළ මේ සිදුවීම් සම්බන්ධ පෙත්සමක් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දී තිබේ.

කාතන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හා ජමඉයතුල් උලමා සභාව විසින් මෙම විරෝධතා පෙළපාලිය සංවිධානය කර තිබේ.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140617_madakalapu_muslim_protest.shtml

   

Page 189 of 213

Login Form