Tuesday, April 16, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

Ven. Watareka Vijitha thera assaulted

User Rating: / 7
PoorBest 
E-mailPrint
Ven. Watareka Vijitha  thera  who was reportedly abducted and beaten, was found from Bandaragama area this morning. He was admitted to the Panadura Hospital and was later transferred to the National Hospital for further treatments.





 

අර සේනාවෙන් දැන් මට ගහන්න ගනී.. එත් ඇත්ත කියලා ඕන එකක්…

User Rating: / 3
PoorBest 

June 19, 2014 at 11:53 am | lanka C news

අර සේනාවෙන් දැන් මට ගහන්න ගනී.. එත් ඇත්ත කියලා  ඕන එකක්…

යුද්ධය ජයග්‍රහණය කොට මේ රටට සාමය දිනා දුන්නේ එදා නොසිටි කාඩ්බෝඩ් වීරයන්ට මේ රට නැවත ලේ විලක් බවට පත්කිරීමට නොවේ යයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. මුස්ලිම් ජන සමාජය තුළත් අන්තවාදී කල්ලි සිටිනවා. ඒ අයට සෞදි අරාබියේ විවිධ සංවිධානවලින් සල්ලි එනවා. බෞද්ධ තලෙයිබාන්ලාත් ඉන්නවා. ඒ අයට නෝර්වේවලින් සල්ලි එනවා. නෝර්වේවලින් සල්ලි ආවත්, සෞදියෙන් සල්ලි ආවත් ඒ දෙකම පිටි පස්සේ ඉන්නේ එක්සත් ජනපදය යයි ද  හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඉදිකිරීම් කළමනාකරණ හා ප්‍රමාණ සමික්ෂණ වෘත්තීය පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මෙ උත්සවය කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “ දැන් ‍මේ අන්තර් ජාතික බලවේගවලට ඕනෙ සිංහල බෞද්ධය කියල කියන්නේ ගෝත්‍රික, කිසිම චාරයක් නැති සුළු ජාතික ජනතාව  පාගන, වට්ටන මහා නරුම ජනකොටසක් කියලා  ලෝකයට පෙන්වන්න අවශ්‍ය කරන පින්තූරය හදන්න. බුද්ධ චීවරධාරීන් සංවරයක්, ශික්ෂණයක් නැති අන්‍යමත ඉවසන්නේ නැති, පොඩි ප්‍රශන්යක් පවා විසඳීමට දන්නේ නැති හැම දේකටම කැති පොළු මුඟුරු  අරගෙන යන පිරිසක් කියලා පෙන්වන්න.

දැන් ඉන්නේ ඇඟිලි වැඩකරන පරම්පරාවක්නෙ. ඔවුන් ජංගම දුරකථනය අතේ තියාගෙන ඇඟිලි වැඩකරවමින් ඉන්නේ. ඉතිං ඔය අතර සමාජ ජාලා, වෙබ් අඩවිවල විශාල වශයෙන් තොරතුරු සංසරණය වෙනවා. ඒ වෙබ් අඩවිවල පළවෙනවා ස්වමීන් වහන්සේ අතේ පොලු තියාගෙන ඉන්න ඡායාරූප. ඉතිං ඕක තමයි බටහිරට අවශ්‍ය. මුස්ලිම් සහෝදරයෙක් පොල්ලක් තියාගෙන ඉන්න ඡායාරූප කිසිම තැනක පළවෙන්නේ නැහැ.එම පින්තූර තිබ්බත් දාන්නෙත් නැහැ. ඔවුන්ට ඕනෙ සිංහල ජනතාව කියන්නේ දෙමළ ජනතාව එක්ක එකට ඉන්න බැරි, මුස්ලිම් ජනතාව එක්ක එකට ඉන්න බැරි මහා සාහසික ජනකොටසක් කියන මතය හදන්න.

එදා කළු ජූලියෙන් වේළුපිල්ලේ පිරිබාහරන්ට ඒ උදව්ව ලැබුණා. එදා වේලි වේලි හිටපු වේළුපිල්ලේ පිරිබාහරන් ශක්තිමත්ත්‍රස්තවාදී කල්ලියක් නිර්මාණය කරගත්තේ කළුජූලියට පිංසිද්ධ වෙන්න. කළුජූලිය මුලින් ජාත්‍යාලයෙන් කළා. පස්සේ භාණ්ඩ ආලයෙන් කළා.  පටන් ගන්නේ ජාත්‍යාලයෙන්, ඉවර වෙන්නේ භාණ්ඩ ආලයෙන්. ඇයි ඉතිං කඩමනේ කඩන්නේ. කඩ දැක්ක ගමන් ජාතිය මතක් වෙනවා. ආගම මතක් වෙනවා. පැනලා කඩ කඩනවා. බඩු වලට ජාතියක් ආගමක් නැහැනේ. ඉතිං අරන් යනවා. දැන් එදා කළුජූලියෙන් කරපු අපරාධය  විදේශ සල්ලිවලින් යැපෙන කල්ලි මේ රටේ ආයිත් කරන්න යනවා. හැම ජනකොටසක් අතරෙම එහෙම කල්ලි ඉන්නවා.

ජනකොටස් කිහිපයක් එකට ඉන්නකොට අපි අතර විවිධ වාද බේද නිර්මාණය වෙන්න පුළුවන්. ඒ මොනවා තිබුණත් මනුස්සකමේ සීමාව රැකගෙන ඒවා විසඳාගත යුතුයි.  සමහර අප්‍රිකානු රටවල විවිධ ගෝත්‍ර මරා ගන්නවා. ගැටුම ඉවර වෙනකොට හැට හැත්තෑ දහසක ජනතාව මැරෙනවා.  අපිත් ඒවගේ විය යුතුද?  අපි බොහොම සීලාචාර බෞද්ධ සංස්කෘතියකින්  පණපෙවුණු රටක්.  මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ බුදුදහම  ස්ථාපති කළේ රටේ  රජතුමා මෝඩයෙක් ද නුවණැත්තෙක්ද කියලා විශේෂ බුද්ධි පරීක්ෂණයකින්  තීරණය කළාට පසුව.  රජතුමා මෝඩයෙක් කියලා තේරුණා නම් මිහිඳු හිමියන් ලංකාව දාලා යනවා.  මොකද මෝඩයින් එක්ක බුදුදහම ඉදිරියට ගෙනියන්න බැහැ.  එදා දේවානම්පියතිස්ස රජතුමා  මිහිඳු හිමියන්ගේ  ප්‍රශ්නවලට පිළිතුරු නොදී  මිහිඳු හාමුදුරුවනේ ඔබවහන්සේ ආපු අතක් බලාගෙන යන්න මං යනවා මුවා පස්සේ කියලා ගියා නම් මේ රටේ බුද්ධාගම  පැළපදියම් වෙන්නේ නැහැ.

එහෙත් අද අන්තර්ජාතික බලවේගවලට ඕන සිංහල  බෞද්ධයාවත්, බුද්ධ චීවරයත් අන්තර්ජාතික වශයෙන්කොන්කිරීම. මෙහෙම ගියොත් භික්ෂූන් වහන්සේ නමකට සිව්රක් පොරෝගෙන විදේශ රටකට අඩියක් තියන්න බැරිවෙනවා.  ඒ වගේම මුස්ලිම් නායකයන්ටත් තමන්ගේ සමාජයේ තිබෙන අන්තවාදය  මැඬලීමට කොන්දක් තියෙන්න ඕනේ. අපි කියනවා සිංහල හෝ වෙන යම් සමාජයක අන්තවාදයක් තියෙනවා නම් අපි ඒකට විරුද්ධයි කියලා. මුස්ලිම් සමාජයේ දේශපාලන නායකයිනුත් මෙවන් ක්‍රියාවලින් තල්ලුව අරගෙන ඒ තුළින් බලය තහවුරු කරගැනීම නොවෙයි කළ යුතු වන්නේ.

අපි සියලුදෙනා විශාල  කැපකිරීමක් කරලා මේ රටට යුද්ධය දිනාගත්තේ නිකම් නොවෙයි. මාවිල්ආරු සෙරොව්ව වැසූ දිනයේ සිට කිළිනොච්චිය අල්ලන අවස්ථාව දක්වා 190,000 ක් දක්වා තරුණයන් හමුදාවට බැඳුනේ මේ රට පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ආදරයක් හිතේ තියාගෙන.  සිංහල මුස්ලිම් මිනිස්සු, සිංහල දෙමළ මිනිස්සු මරාගන්න රටක් ඒ ජනතාව යළි බලාපොරොත්තු වන්නේ නැහැ.  ප්‍රශ්න වාද තියෙන්න පුළුවන්. ඒත් ඒවා ශිෂ්ඨ සම්පන්න රාමුවක් ඇතුළේ විසඳාගැනීමට අපිට හැකිවිය යුතුයි.

භික්ෂූන් වහන්සේ කෙනෙකුට හිරිහැර වෙන ආකාරයකට කවුද මුස්ලිම් තරුණයෙක් පහර දුන්නා කියනවා. සමහරු කියනවා රියදුරුට තමයි පහරදීලා තියෙන්නේ.  භික්ෂූන් වහන්සේට පහරදීමක් සිදුවෙලා නැහැ කියලා. එහෙත් ඒක වෙනකොට මෙහෙන් ඉතිරි ටික ගාණට යනවා. ආයත් මෙහෙන් ඉතිරි ටික කරනකොට අරහෙන්  ඒකට අවශ්‍ය අනෙක් ටික කරනවා.

දැන් මුස්ලිම් කඩත් පිච්චෙනවා. සිංහල කඩත් පිච්චෙනවා.  අන්තිමට මේ කිසිම දේකට සම්බන්ධ නැති මිනිසුන්ගේ දේපළ විනාශ වෙනවා. හදවත්වල  වෛරය ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන වෛරය පිසඳාන්න ලේසි වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව නැමැති පවුලේ තාත්තාගේ මානසිකත්වය සිංහල ජනතාවට තිබිය යුතුයි. අනෙකුත් ජනකොටස්වල කුමන හෝ ගැටලු තිබෙනවා නම් ඒවා විසඳාගැනීමේ ඥාණාන්විත භාවිතය තිබිය යුතුයි. එහෙම නැතුව අනෙකුත් ජනතාව කුපිත කරලා ප්‍රකෝප කරලා හදන්න  හදන්නේ කුමන රටක්ද?

මේක ලේ විලක් කළාම වාසි කාටද?  දැන් මේ වෙන දෙයක් නොවෙයි කරන්නේ. ඊළඟ ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ අපේක්ෂකයාට සුළු ජාතික පක්ෂ එකකවත් ඡන්ද වැටෙන එක වැළැක්වීම. මේක රෙජීම් චේන්ජ් එකක් එක්ක සම්බන්ධ ව්‍යාපාරයක්.

 

දැන් මධ්‍යස්ථ සිංහල ජනතාව ආණ්ඩුවට බණිනවා, මේ විකාර කරන්න ඉඩදීලා බලන් ඉන්නවා කියලා. අරහෙන් මුස්ලිම් ජනතාව බණිනවා අපිව ආරක්ෂා කළේ නැහැ කියලා. දෙපැත්තනේම ආණ්ඩුවට බැණුම් එනවා. දෙපැත්තනේම පොඩ්ඩ පොඩ්ඩ හරි ආණ්ඩුවෙන් තියෙන දෙයක් අඩු වෙනවා.  එතකොට මුස්ලිම් ජනතාවට මුස්ලිම් ජන නායකයින් කියනවා  මේ සිංහල හතුරු බලයට එරෙහිව අපි දෙමළ ජනතාවත් එක්ක එකමුතුවෙමු කියලා. ටී.එන්.ඒ. එක බලන් ඉන්නේ ඒ වැඩේ වෙනකල්. එතකොට තමයි ටී.එන්.ඒ. එකේ ඊළඟ උපාය මාර්ගයට යන්න පුළුවන්.  ඒ අනුව යළිත් මේ රට ගැටුම් බහුල දිශාවකට ඇදගෙන යන්නයි මේ හදන්නේ.

යුද්ධය දිනලා මේ රටට සාමය ගෙනාවා කියන්නේ  අපිට චණ්ඩි පාට් දාන්න බලයක් දුන්නා කියන එක නෙමෙයි. යුද්ධයක් ජයග්‍රහණය කළායින් පසුවයි වැඩියෙන් නිහතමානී විය යුත්තේ.  යුද්ධය දිනුවට පස්සේ තමයි අන්‍ය ජනකොටස් පිළිබඳ වඩ වඩාත් සානුකම්පිත විය යුතු. අපි අපේ ඇමති තනතුර කවදාවත් ජාතිවාදී අයුරින් භවිත කර නැහැ. අපි එක දෙයයි කියන්නේ. මේ රට බෙදන්න හදනවා නම් සිංහල වුණත් අපි ඊට විරුද්ධයි. සිංහල එන්.ජී.ඕ. පප්පලා ඉන්නේ, ඔවුන්ටත් අපි විරුද්ධයි.

අසීලාචාර සුළුතරයකට මේ රටේ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදිය යුතුයි. සීලාචාර අතිමහත් නිහඩ බහුතරය  නැඟිටිය යුතුයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ සීලාචාර නිහඩ අතිමහත් බහුතරය ප්‍රේක්ෂකයින් බවට පත්වෙලා. අසීලාචාර  සුළුතරය හොඳින් ඔවුන්ගේ වැඩකටයුතු සිදුකරගෙන යනවා. අන්තිමට රටේ දිශානතිය, ඉරණම අර අසීලාචාර සුළුතරය විසින් තීරණය කරනවා.

දැන් අර මොකක්ද සේනාවෙන් මට ගහන්න ගනියි. ඒක් ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කියලා ඕන ප්‍රතිචාරයක්, ඒකට ඔට්ටුයි. මේ රට ලේ විලක් කරන්න ඉඩදෙන්න බැහැ.  විශේෂයෙන්ම  තරුණ පරපුර තමයි මේකේ ගොදුරු බවට පත්වෙන්නේ. අලුත්ගම මිනිස්සු කියනවා ඊයේ දර්ගා නගරයේ හෙල්මට් දාගෙන හිටියේ ගමේ මිනිස්සු නොවෙයි කියලා. බහුතරය එතනදී අසරණයි . නිහඩයි. යළි මේ රට කැරකෝප්පුවක් කිරීමට ඉඩ නොදිය යුතුයි.

මුස්ලිම් සමාජයේ මධ්‍යස්ථ බුද්ධිමත් ජනතාවට  අපි ආරාධනා කරනවා. කිසියම් රටවලින් මුදල් අරගෙන මේ රට අස්ථාවර කරන්න හදන කල්ලි මුස්ලිම් සමාජයෙන් පරාජය කරන්න.  ඒ වගේම නෝර්වේවලින් සල්ලි අරගෙන සිංහල ජනතාව ඒ වගේම භික්ෂූන් වහන්සේගේ අතිගෞරවනීය බුද්ධ චීවරයේ ගෞරවය කෙළසන්න හදන බෞද්ධ තලේබාන්ලාට එරෙහිවත් නිහඩ බෞද්ධ බහුතරය නැඟිටිය යුතුයි ” යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංයේ  මඟපෙන්වීම  පරිදි  ඉදිකිරීම් අභ්‍යාස  හා සංවර්ධන ආයතනය (ICTAD) විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

මේ යටතේ  උසස් ඉදිකිරීම් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව, ප්‍රමාණ සමීක්ෂණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව, ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව, ප්‍රමාණ සමීක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව හා ඉදිකිරීම් කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාව යන  පාඨමාලාවන් හැදෑරූ වෘත්තිකයින් 270 දෙනෙකු සඳහා මෙදින සහතික  පත්‍ර ප්‍රදානය කෙරිණ.

- Con. Media

 

MCSL request to investigate and Ban BBS

19th June 2014

His Excellency Mahinda Rajapaksha

President

Democratic Socialist Republic of Sri Lanka

Presidential Secretariat

Galle Face,

Colombo 1

Your Excellency,


The Muslim Council of Sri Lanka calls upon your Excellency to immediately investigate the actions ofall extremist groups and ban those who have been carryout a campaign of hate, intimidation and violence against Muslims, Christians and other religious minorities. The incitement and provocations have been well documented and are available in the public realm. The consequences as witnessed in Aluthgama and Beruwela this week, but also during periodic flare-ups in several other places, have been dire. Appeals made to the police and other authorities by several Muslim groups and the Muslim politicians to stop the rally in Alutgama that preceded the attack was not heeded. We feel that it is necessary and urgent that the climate of impunity with which these groups have been permitted to act thus far is challenged. We urge decisive action by your Excellency’s Government to restore and uphold the rule of law in this country. It is necessary that a culture of respect for ethnic and religious tolerance-- a part of this country’s rich and ancient heritage --is endorsed and encouraged at the highest levels. Five years after the end of the war as this country attempts to strengthen peace, democracy and development under your leadership, this violence and hate threatens to undermine the stability that serves as the foundation for the progress of Sri Lanka.


The BLACK June 2014 for Muslims in Aluthgama and Beruwela reminds us of the black July of 1983, where thousands of Tamils lost lives, livelihood and their properties. The recent incidents have heightened fears that the violence will spread and that Muslims in other areas will come under attack, resulting in deaths and injuries, the destruction of businesses and homes, and the mass flight of Muslims from their homes and communities.Immediately after the pogrom in Aluthgama, extremists had organized a rally in Mawanella on the 18th withprovocative messages on leaflets. It was with a court order that the rally was stopped. On the 17th, a rally was organized in Badulla which led to damages to two shops. Organizing these rallies during the troubled times shows the intention of the extremists. There has been a strategic build up to this violence during the last two years by the Bodu Bala Sena, the Sihala Ravaya and the Ravana Balakaya. Your Excellency, the violence in Aluthgama and Beruwela is not something that happened spontaneously, but was a well planned and coordinated assault to attack the Muslim community and their economic base.


Extremists continue to inflame and incite violence against the Muslims and other religious minorities, and this must be stopped. It is important that, under your Excellency’s able leadership, Sri Lanka will not repeat the same mistakes of July 1983. This country cannot continue to witness private feuds being turned in to racial violence. Therefore we urge you to commence an investigation into these groups’ activities, including into the hate speech, inciting violence and direct involvement in violence, and ensure that they function within the law of this country.  We also urge your Excellency to ban any group that continues with hate campaigns and inciting violence.


The Muslim community are committed citizens of this country and your Excellency’s decisive and immediate action at this juncture will reinforce their faith in your Excellency’s resolve to ensure that all communities will be treated as equal citizens of this, our blessed nation.


Thanking you for your kind consideration.


Yours sincerely

N M Ameen Asker Khan

President  Secretary

   

Aftermath of Aluthgama Atrocities

User Rating: / 3
PoorBest 
http://www.lankanexpats.com/aftermath-of-aluthgama-atrocities/


» Videos » Aftermath of Aluthgama Atrocities

Aftermath of Aluthgama Atrocities

 

Karunanidhi condemns Aluthgama incident

User Rating: / 2
PoorBest 

CHENNAI: DMK President M Karunanidhi today condemned the anti-Muslim riots in Sri Lanka and urged India to come forward to voice its concern for members of the minority community in the island nation.

While countries like the US had expressed concern over the riots that had left three persons dead and around 100 injured, the Centre and Tamil Nadu Government were yet to raise this issue even as Muslim outfits were staging protests in the state, he said.

"After the genocidal attacks on Tamils in Sri Lanka, Muslims are being attacked now and Centre and state government should come forward to voice concern for their safety," he said in a statement here.

Three persons were killed and nearly 100 people were injured in ethnic violence after a Buddhist majority nationalist group staged a rally in Muslim-dominated areas of Beruwala, Dharga Town and Aluthgama on the south-western coast of Sri Lanka on June 15. (Economic Times)

http://www.nation.lk/edition/breaking-news/item/30384-karunanidhi-condemns-aluthgama-incident.html

   

Page 185 of 213

Login Form