Sunday, September 23, 2018
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • Voters List Details For 2019 Government Schools Grade One Admission Voters List Details For 2019 Government Schools Grade One Admission
    Assalamu Alaykum W W. Voters List details required for 2019 Government Schools Admission for Grade One (I.e. From 2013- 2017) could be obtained from below link of Elections Department : http://eservices.elections.gov.lk/myVoterRegistration.aspx
    Read More...
  • This could be your last Ramadaan
    REMEMBER the beginning of Ramadan last year: the festive supermarkets with their jampacked aisles, the makeshift roadside stalls outside restaurants selling crisp sambusas and subiya, the sounds of Adhan emanating from Masajid... My house overlooked a Maghsalat-Al-Amwaat Al-Khairiyyah (a charitable organization which prepares bodies for burial in the Islamic manner), and as I walked home from the neighborhood supermarket laden with packages of food and other essentials in preparation of the next day’s fast, I caught sight of a family accompanying a bier in a hearse. The women huddled together, sobbing quietly, while the men stood at a distance in somber silence. It struck me: While I was going home to the comfort of my home and the company of my family, this person was being dispatched alone, to answer the stern questioning of the grave....
    Read More...
  • Facebook staff to learn Sinhala insults after Sri Lanka riots
    Three months after Sri Lanka was rocked by deadly anti-Muslim riots fuelled by online vitriol, Facebook is training its staff to identify inflammatory content in the country’s local languages. The social network has been seeking penance in Sri Lanka after authorities blocked Facebook in March as incendiary posts by Buddhist hardliners fanned religious violence that left three people dead and reduced hundreds of mosques, homes and businesses to ashes. Until the week-long ban, appeals to Facebook to act against the contagion of hate speech had been met with deafening silence, at a time when the California-based tech giant was reeling from unprecedented global scrutiny over fake news and user privacy. “We did make mistakes and we were slow,” Facebook spokeswoman Amrit Ahuja told AFP in Colombo. The dearth of staff fluent in Sinhala...
    Read More...
  • Time-tested bond of Sinhala-Muslim Friendship
    The Muslims of Sri Lanka, since ancient times have been in peaceful coexistence with the other communities of the Island and has proved to be an integral and inseparable component of the Sri Lankan society.



    According to ancient chronicles, traders from countries like Rome, Greece, Persia( Iran ), China, India etc visited Sri Lanka on trade missions. Arab merchants having maintained friendly relationship with natives, had ventured into the interior and coastal areas of Ceylon for trading, even before the advent of Islam. Arabs were only interested in trading and commerce in Sri Lanka in an honest and a just manner The present day Muslims of Sri Lanka, could therefore be considered the descendants of many of these Arabs, Persians, Indians, and Malays etc.  

    During...
    Read More...
  • ‘වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ‘

    (ශාන්ත රත්නායක)

    බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය.

    ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන...
    Read More...
  • ආණමඩුව හෝටලයට ගිනි තැබු 7 දෙනා රිමාන්ඩ්
    ජුඩ් සමන්ත

    ආණමඩුව නගරයේ පිහිටි  මදීනා හෝටලයට පෙට්‍රල් බෝම්බ තබා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනා මෙම මස 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා අද (13) නියෝග කළේය.

    මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ ආණමඩුව සහ ඒ අවට පදිංචිව සිටි තරුණයින් 7 දෙනෙක් වේ. ඔවුන් වයස අවුරුදු 18 - 22 වියේ...
    Read More...
  • ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ
    ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල්
    පන්සලේ  හංගාගෙන නවාතැන් දුන්
    Read More...
  • මහසෝන් බලකා කාර්යාලයෙන් ප්‍රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි
    මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට...
    Read More...
  • UN condemns anti-Muslim attacks in Sri Lanka
    2018-03-12 11:10:35 4 2109 The UN's political chief on Sunday condemned anti-Muslim violence that has targeted mosques and businesses in Sri Lanka as he wrapped up a three-day visit to Sri Lanka. Under-Secretary-General for Political Affairs Jeffrey Feltman urged the government to bring the perpetrators of the violence and hate speech to justice. Feltman, who met with Muslim leaders to show solidarity during his visit, "condemned the breakdown in law and order and the attacks against Muslims and their property," a UN statement said. Sri Lanka has been rocked by a week of violent riots by Sinhalese mobs who have attacked 11 mosques and at least 200 Muslim-owned businesses, prompting the government to declare a state of emergency. Three people have been killed and 20 wounded in the anti-Muslim attacks. On Sunday a Muslim-owned...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

Latest

මනුෂ්‍ය ඝාතනයක් සහ කලහයක් මුල්කොට නුවරට ‍ඇදිරිනීති

Latest

User Rating: / 1
PoorBest 

මනුෂ්‍ය ඝාතනයක් සහ කලහයක් මුල්කොට නුවරට ‍ඇදිරිනීතිය

මැද මහනුවර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් මුල්කොට ගත් කලහකාරී සිදුවීම් කිහිපයකින් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා හෙට පෙරවරු 06.00 දක්වා පොලිස් ඇදිරිනීතිය පනවා තිබේ.

මැදමහනුවර අම්බාලේ පදිංචි දෙදරු පියෙකුට පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ගම්මාන කිහිපයක පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් අද (05) මහනුවර මහියංගණය මාර්ගය තෙල්දෙණිය නගරයෙන් අවහිර කොට විරෝධය පළ කළහ.

වෘත්තියෙන් ලොරි රථ රියදුරෙකුට ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් තෙල්දෙණිය ප්‍රදේශයේදී පොලුවලින් හා පුටුවකින් පහරදී තිබේ. තුවාල ලත් රියදුරු හා රිය සහායකවරයා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර රියදුරු ඉකුත් 02 වන දින මරණයට පත්ව ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එම්.ජී.කුමාරසිංහ නම් හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (04) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබුණි.

ඔහුගේ මළ සිරුර අම්බාලේ ග්‍රාමයට රැගෙන යන අවස්ථාවේදී මරණයට විරෝධය පළ කරමින් ගම්වාසීන් තෙල්දෙණිය උඩිස්පත්තුව මාර්ගයේ උඩිස්පත්තුවට හැරෙන ස්ථානයේ සිට ඉකුත් 02 දා මධ්‍යම රාත්‍රීය දක්වා විරෝධය පළ කළහ. මේ හේතුවෙන් මහනුවර මහියංගණ මාර්ගය පැය දෙකක පමණ කාලයක් අවහිර වී තිබුණි.

මෙම අර්බුදය ජාතිවාදී ගැටුමක් කරා පත් නොකරන ලෙස ගම්වාසීන්ට දැනුම් දී තිබුණ නමුත් පොලීසිය නිසි ක්‍රියාත්මක වීමක් නොමැති වූ බව ගම්වාසීහු කීහ. මේ හේතුවෙන් මේ වන විට උඩිස්පත්තුව, මොරගහමුල වෙළද සැල් කිහිපයකට පහරදීම් සිදුව තිබේ. කෙන්ගල්ල ප්‍රදේශයේ වෙළද සැලක් වෙත පෙට්‍රල් බෝම්බයක් එල්ල කර ඇති නමුත් එය පුපුරා යාමක් සිදුවී නොමැති අතර කලහකාරී ලෙස හැසිරිම සම්බන්ධයෙන් පුද්ගලයන් 24 දෙනෙකු තෙල්දෙණිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු තෙල්දෙණිය පොලීසිය  විසින් අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර සිද්ධිය සමනය කිරීම සඳහා දහසක පමණ පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් තෙල්දෙණිය හා ඒ අවට ස්ථාන රැසක ස්ථානගත කොට තිබුණි.




නදීක දයා බණ්ඩාර - මහනුවර

 

https://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/9682-%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7-%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7-%E2%80%8D%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA

 

ගෝඨා ජනපති කර මිස සටන අතහරින්නේ නෑ

Latest

User Rating: / 1
PoorBest 
වත්මන් ආණ්ඩුවට එරෙහි වී ඇති ජනතාව සමග එක්ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරමින මිසක් සටන අත්නොහරින බව රාවණා බලය සංවිධානයේ මහ ‍ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති. තමන් වහන්සේ ඇතුළු මෙරටේ ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගෙන් කළ ඉල්ලීමට අනුව වත්මන් රජයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමෙන් ලෝකයට ඔප්පුකර පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව මාතෘභූමියට ආදරය කරන බව යැයිද උන්වහන්සේ සඳහන් කළහ.
තලංගම සමෘද්ධි උත්සව ශාලාවේදී පැවැති රැස්වීමකදී සද්ධාතිස්ස හිමි මේ බව සඳහන්  කළහ.  නුගේගොඩ ආනන්ද සමරකෝන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණේ ජයග්‍රාහී සැමරුම සඳහා සංවිධානය කර ඇති ජන රැළිය සාර්ථක කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
පළාත් පාලන මැතිවරණයේදී මේ රජය ප්‍රතික්‍ෂේප කරමින් ජනතාව දුන් තීන්දුව මේ දක්වා රජයට අවබෝධ වී නැති බැවින් 7දා ජන රැළිය ආණ්ඩුවේ ඔළුවට ‍පොල්ලෙන් ගහන ජන බලයක් කර ගත යුතු බවද උන්වහන්සේ කීහ. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ද රැස්වීම ඇමැතූහ.
https://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/9675-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%B8%E0%B7%92%E0%B7%83-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1-%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91
 

Today's Incidant

Latest

User Rating: / 1
PoorBest 

https://www.facebook.com/anees.ahamed.376/videos/10214027360170571/

 

මහනුවර පාසල් හෙට 6 වැසේ

Latest

User Rating: / 1
PoorBest 

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියලු පාසල් හෙට 6 වසා දමන බව රජය දැනුම් දී තිබේ.

අද තෙල්දෙණියේ කලබලය නිසා පැනවූ ඇදිරි නීතිය හෙට උදේ 6 ට ඉවත් කිරීමට නියමිතව තිබුණත් තත්වය සන්සුන් වනතුරු ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේ නිසා පාසල් වලට නිවාඩු දීමට සිදුව ඇත

http://www.gossiplankanews.com/2018/03/kandy-issue-update.html

 

කඩයක් ගිනි තැබූ අය නිදහස් කරන ලෙසට ඉල්ලා තෙල්දෙණියේ කලබල මහනුවරට පොලිස් ඇදිරි නීතිය

Latest



කඩයක් ගිනි තැබූ අය නිදහස් කරන ලෙසට ඉල්ලා
තෙල්දෙණියේ කලබල

මහනුවරට පොලිස් ඇදිරි නීතිය


මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.හෙට(06) පෙරවරු 6 දක්වා එය ක්‍රියාත්මකය.
මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් මෙයට මුල් විය.
මේ හේතුවෙන් අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.
කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇත.

පසුගිය පෙබරවාරි 22 වන දින තෙල්දෙණිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලොරි රථයක රියදුරුවරයෙකු ලෙස රැකියාවේ නිරත වූ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමක් සිදුවී පහරකෑමට ලක්වූ තැනැත්තා ඊයේ (04) දා පාන්දර  මහනුවර රෝහලේදී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ
තෙල්දෙණිය, මොරගහමුල, පුවක් ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි හීපිටියේ ගෙදර කුමාරසිංහ නම් 42 හැවිරිදි අයෙක්.

එදින රාත්‍රියේ කුමාරසිංහගේ ලොරි රථය ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට ඉඩ ලබා නොදුන් බව සහ මාර්ගය අවහිර කර ඇති බවට සඳහන් කරමින් ත්‍රීරෝද රථයක සිටි තරුණයන් හතරෙදෙනෙකු ඔහුට අමානුෂික ලෙස පහරදී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පසුව රෝහල් ගත කර ඇති අතර මියයන තෙක්ම ඔහු මැෂින් අධාරයෙන් සිට ඇති බවද වාර්තාවෙයි

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් හතරදෙනාම එදිනම පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සිව් දෙනාම ලබන මාර්තු 07දා දක්වා බන්ධනාගාරගත කර ඇත.


මේ අතර  ඝාතනයට ලක්වූ පුද්ගලයා සිංහල පුද්ගලයෙක් වීමත්, පහර දුන් පුද්ගලයන් සිව් දෙනා මුස්ලිම් ජාතිකයන් වන බවටත් සඳහන් කරමින් ඊයේ රාත්‍රියේ ප්‍රදේශයෙන් පිට පිරිසක් පැමිණ තෙල්දෙණිය මොරගහමුල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් කඩයක් ගිනි බත් කොට ඇත.

එයින් පසුව පොලිසිය විසින් පුද්ගලයන් 24ක් අත් අඩංගුවට ගෙන ඇති අතර එයින් 10දෙනෙක් සෘජුවම මෙම ගිනි තැබීමට සම්බන්ධ බව වාර්තා විය.
එම සිදුවීමෙන් පසු අත් අඩංගුවට ගත් පුද්ගලයන් කිහිප දෙනා පොලිස් අත් අඩංගුවෙන් මුදා හරින ලෙසට  තෙල්දෙණියේ පොලිසිය අසල අද කලබල වාර්තා වූ අතර පොලිසිය ජනතාව විසිරුවාහැරීමට කදුළු ගෑස් භාවිත කර තිබිණි..








http://www.gossiplankanews.com/2018/03/kandy-in-tense-situ.html


 

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පැනවේ

Latest

User Rating: / 1
PoorBest 
තෙල්දෙණිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට හෙට (මාර්තු 06) උදෑසන 6 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පහරදීමකට ලක්වූ පුද්ගලයෙකු මියයාමෙන් අනතුරුව තෙල්දෙණියේ හටගත් සිදුවීම්වලින් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් තැන්වල මතුවූ නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මීට පෙර පොලිසිය පවසා තිබුනේ පුද්ගලික ආරවුලක් මත හටගත් ගැටුමකින් පුද්ගලයකු මිය යාමේ සිද්ධියකට ජාතිවාදී මුහුණුවරක් දීමේ උත්සාහයක් හේතුවෙන් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් දී ඇති බවය.

රථවාහන සම්බන්ධ ගැටලුවක් මුල්කොට ගනිමින් පසුගිය සතියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී සෙනසුරාදා (මාර්තු 03) මිය යාමත් සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.

අදාළ පුද්ගලයා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකරන තරුණයක් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ බන්ධනාගාර ගතකර තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියට ජාතිවාදී මුහුණුවරක් ලබාදීමට ඇතැම් පිරිස් ගත් උත්සාහයෙන් හේතුවෙන් ඉරිදා (මාර්තු 04) දිනයේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබෙන බව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ මහනුවර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

තෙල්දෙණිය

එම නොසන්සුතාව හේතුවෙන් වෙළෙඳසල් කිහිපයකට පහරදීමේ සිදුවීම් වාර්තා වී තිබෙන අතර, ප්‍රදේශවාසියෙක් බීබීසියට පැවසුවේ එක් වෙළඳසලක් සම්පූර්ණයෙන්ම ගිනිබත් වී තිබෙන බවය.

එම පහරදීම්වලට සම්බන්ධ යයි සැකකරෙන පුද්ගලයන් 24 දෙනෙකු පොලීසිය ඉරිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමෙන් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සඳුදා සිදුකිරීමට නියමිත අතර තෙල්දෙණිය නගරයේ කඩසාප්පු සියල්ලම පාහේ වසා දමා තිබෙන බව ද ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.

ප්‍රදේශයේ ආගමික ස්ථානවලට ද විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් වාර්තා වේ.

 

http://www.bbc.com/sinhala/sri-lanka-43285985

 

අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත සිදුවූ බවට සැකයි

Latest

User Rating: / 1
PoorBest 

අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත ක්රියාත්මක වූයේ දැයි සෙවීමට පරික්ෂණයක් - ඇමැති රාජිත කියයි
සෞඛ්, පෝෂණ හා දේශීය වෛද් අමාත් දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ දෙමළ රූපවාහිනී නාලිකාවක් සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවක දීය.

එම සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ් අමාත්යවරයා - වාර්ගිකත්වය පදනම් කර ගනිමින් සිදු කරන ප්රචණ්ඩ ක්රියාවලට සම්බන්ධ වූවන් දැනට පවතින අණපනත් වලට අනුව අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කළ යුතුයි. වත්මන් රජය ජාතිවාදයට සහ ආගම් වාදයට විරුද්ධයි.

රජය ජාතිවාය හා ආගම්වාදය පතුරන අයට විරුද්ධව ක්රියාකිරීමට නීති රීති ඉදිරිපත් කළා. එම නීති ක්රියාත්මක කළ යුතුයි. ලබාදි ඇති සාමය භුක්තිවිදීමට නොදන්න අයට දඩුවම් ලබා දිය යුතුයි.
අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධනේ දැඩි ක්රියාමාර්ග ගත යුතුයි. පොලීසිය මන්දගාමිව කටයුතු කිරිම පිළිබදව ප්රශ්න තිබෙනවා. මෙය අමූලික බොරු සිද්ධියක්. වදපෙති කියා ඖෂධයක් ශ්රී ලංකාවේ පවතින වෛද් ක්ෂේත්රයේ නැහැ. ශ්රී ලංකාවේ සාක්ෂරතාවය වැඩි දියුණු වී තිබුන මෙවැනි කරුණු පිළිබදව ඇත්තේ මන්ද බුද්ධික බවකි. සුළු සිද්ධියක් මුල්කර ගෙන රටවල් ගිනි තැබීමට හදනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ක්රියාමාර්ග ගන්නා ලෙස මම අග්රාමාත්යවරයාගෙන් ඉල්ලා සිටියා. අග්රාමාත්යවරයා මට පොරොන්දු වුනා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා කියලා.
අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත ක්රියාත්මක වී ඇත් පිළිබදව පරීක්ෂණ පවත්වනවා. පසුගිය රජයේ ප්රධානියෙකුගේ චෝදනා ලැබූ පුද්ගලයෙකු සිද්ධිය සිදු වූ දින කිහිපය පුරා අම්පාර ප්රදේශයේ පොලිස් නිලධාරීන් සමග සුහද හමු පැවැත්වීමේ සිද්ධි කිහිපයක තොරතුරු වාර්තා වි තිබෙනවා. වද පෙත්ත මුවාවෙන් එම පුද්ගලයා ජාතිවාදය පැතිරවීමේ උත්සාහයක් ක්රියාත්මක කර ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා. කෙසේ වෙතත් ලබා දී ඇති නිදහස අයුතු ලෙස ප්රයෝජනයට ගැනීමට ඇතැම් අය පෙළඹී සිටිනවා. බණ්ඩාරනායක මහතා නිදහස ලබාදුන් පසු ඇතැම් අය කථානායක පුටුවෙත් වාඩිවෙන්න උත්සාහ කළා. ලැබූ නිදහසින් බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුනා.

http://www.gossiplankanews.com/2018/03/ampara-incident.html

 

No infertility tablets in western medicine: Health DG

Latest

User Rating: / 1
PoorBest 

No infertility tablets in western medicine: Health DG

2018-03-04 09:38:29
25
5064

Health Services Director General Dr. Anil Jasinghe said no tablet had been invented in the western medicine which can cause infertility.

Dr. Jasinghe, in a statement, said the Health Ministry had received inquiries about ‘infertility tablets’ following several incidents took place in the country.

He said the only method available in the western medicine to infertile someone, was the surgery.

http://www.dailymirror.lk/article/No-infertility-tablets-in-western-medicine-Health-DG-146732.html

 

PM orders to probe Ampara incident

Latest

User Rating: / 1
PoorBest 

PM orders to probe Ampara incident

2018-03-04 18:42:28
10
3032

Prime Minister and Minister of Law and Order Ranil Wickremesinghe has ordered another inquiry into the recent clashes in Ampara, as the initial report already submitted by the police is said to be incomplete.

A release from the Ministry of Law and Order said there were evidence to suggest that there had been lapses in enforcing law and order during the clashes.

The release added that arrangements had been made to pay compensation to those who were affected during the clashes.

The ministry also thanked the Maha Sanga and the Muslim clergy for their contribution in carrying out the investigations. (Yohan Perera)

http://www.dailymirror.lk/article/PM-orders-to-probe-Ampara-incident-146738.html

 

වඳ පෙත්තක් මෙතෙක් සොයාගෙන නෑ- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

Latest

User Rating: / 1
PoorBest 

වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍යවිද්‍යාවේ මේ වන තෙක් ඖෂධයක් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

බටහිර වෛද්‍ය විද්‍යාව අනුව වන්ධ්‍යාකරණය සඳහා ඇති එකම ක්‍රමය ශල්‍යකර්මය බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

අනිල් ජාසිංහ මහතා මෙලෙස සඳහන් කරන්නේ සමාජයේ දැඩි කතාබහකට ලක්වී ඇති ‘වඳපෙති‘ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. පසුගියදා අම්පාරේදී වඳපෙති ඇතැයි කියමින් හෝටලයකට පහරදීමේ සිද්ධියක් සහ පල්ලියකට පහරදීමේ සිද්ධියක් වාර්තා විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B6%B3-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%B1%E0%B7%91--%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82/1-525075

 

'වඳ පෙති' සිද්ධිය මුල්කොට අම්පාරට දැඩි පොලිස් ආරක්ෂාවක්

Latest

User Rating: / 1
PoorBest 

පසුගිය 26 වෙනිදා රාත්‍රියේ සංවිධානාත්මක පිරිසක් අම්පාර නගරයේ හෝටලයකට සහ ආගමික ස්ථානයකට පරහදීමේ සිද්ධියත් සමඟ හටගත් නොසන්සුන්තාවය මුල්කොට මේ වන විට අම්පාර නගරයේ පොලිස් ආරක්ෂාව තර කොට තිබේ.

අම්පාර නගරයේ ඇතැම් හෝටල් වල ආහාර වලට 'වඳ පෙති' එක් කරන බවට කතා පැතිරීමත් සමඟ එම ආහාර පාර්සලයක තිබී දම් පැහැති පෙති කිහිපයක් හමුවී ඇතැයි යන පුවතක් මුල්කොට පසුගිය 26 වෙනිදා රාත්‍රියේ දෙසීයකටත් අධික පරිසක් පැමිණ අම්පාර නගරයේ භෝජන ශාලාවකට දේවස්ථානයකට සහ ඒ අවට තිබූ වාහන කිහිපයකට දැඩි හානි සිදුකොට තිබේ.

එහෙත් මේ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ප්‍රකාශකොට ඇත්තේ මෙය මෙරට සාමය, සංහිදියාව බිද දැමීම සඳහා දියත් කළ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් බවය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඇතැම් අන්තවාදීන් වත්මන් රජය අස්ථාවර කිරීම පිණිස සැලසුම් සහගතව මෙම ක්‍රියාවන් සිදුකරන අතර අග්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරය භාර ගැනීමත් සමඟ මෙම පිරිස් මෙවැනි කටයුතු වල නියැළීම පිළිබඳ විශේෂයෙන් සිතා බැලිය යුතු බවය.

එමෙන්ම මෙම ආහාර වලට 'වඳ පෙති' මුසු කරන්නේ නම් එය සූක්ෂම අයුරින් සිදු නොකොට මෙලෙස 'ප්‍රදර්ශනාත්මක ලෙසින්' සිදුකරන බවක් කෙසේ වත් පිළිගත නොහැකි බව මැදහත් පාර්ශව පෙන්වා දෙයි.  මේ සම්බන්ධයෙන් ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛදවරුන් මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත්තේ ස්ත්‍රීන් හෝ පුරුෂයන් වඳ භාවයට පත් කළ හැකි බෙහෙත් පෙත්තක් මෙ‍තෙක් ලෝකයේ නිපදවා නොමැති බවය.. ඒ කෙසේ හෝ  පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට අල්ලස් දීමෙන් කාන්තාවන්ගේ වඳ භාවයට ඉවහල්වන ආහාර පාන  සහ පෙති වර්ග බෙදා දෙන බවට මේ වන විට රට පුරා දූෂමාන ආරංචි පැතිරෙමින් පවතී.

මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි සේ නීති ක්‍රියාත්මක කළ යුතු බවට ඊයේ (27) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රදේශයේ දේශපාලඥයන් සහ ආගමික නායකයන් ආරක්ෂක අංශ වලට උපදෙස් දී තිබේ.

එස්.ටී.පී.සිල්වා

 

http://www.lakbima.lk/index.php/2016-04-26-11-38-18/9558-%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A

 

Tension in Ampara town

Latest

User Rating: / 1
PoorBest 

Tension in Ampara town

2018-02-27 17:53:32
21
11460

Four shops and a place of religious worship were damaged and three people injured in a clash between two groups in Ampara town and is said to have flared up after some tablets were allegedly found in a meal served by a wayside restaurant to a customer.

The incident had first taken place at the restaurant in the vicinity of temple junction in Ampara on Monday night and the officers of the Ampara Police had come to the scene and launched investigations.

Later an angry mob had attacked several shops in the area with the police finding it difficult to bring the situation under control. Thereafter, police reinforcements had been rushed from nearby police stations and the mob dispersed with the assistance of the STF.

Senior DIG (East) Kapila Jayasekera and major General Mahinda Mudalige, General Officer Commanding – 24th Division and Ampara District Secretary P. Wanigasinghe had also arrived at the scene.

As a precautionary measure, these officers took steps to safeguard all vulnerable religious places of worship in the Ampara Town by deploying the army, police and the special task force and the questionable food referred to the government analyst for further investigations.

http://www.dailymirror.lk/article/Tension-in-Ampara-town-146513.html

Amid discussions held with the Maha Sangha, parliamentarians and the security forces, it was resolved to prevent such incidents in future.

Senior DIG Kapila Gunasekera of the Eastern Division said he was taking steps to arrest the members of the mob and that security would be provided to all the places of religious worship until the unrest subsides. (Wasantha Chandrapala)

   

Tense situation in Ampara now under control - Police

Latest

User Rating: / 1
PoorBest 
Tense situation in Ampara now under control - Police

Tense situation in Ampara now under control - Police

February 27, 2018   12:51 pm

The Police Headquarters says that a tense situation which had prevailed in the Ampara town last night has presently been brought under control.

The tense situation was the result of a dispute after a group of persons had visited a shop located on D.S. Senanayake Street in Ampara for a meal.

The group in question had attacked the establishment and also caused damages to several nearby places of business and a mosque. They had also caused damages to several vehicles parked near those businesses.

Following the incident, the Police had taken steps to maintain law and order in the area while the Police Special Task Force (STF) was deployed to tighten the security in the area last night.

When contacted y Ada Derana, the Police Spokesman SP Ruwan Gunasekara said that the tense situation which had prevailed last night has been brought under control as of now and that security has been ensured in the area.

However, statements have been recorded from several persons with regard to the incident while legal action will be initiated based on that information and CCTV footage, he said.

The spokesman said that should the need arise, the assistance of the military will be sought.

 

http://www.adaderana.lk/news/46147/tense-situation-in-ampara-now-under-control-police

 

මුස්ලිම් වෙළෙඳසල්වලට ප්‍රහාර: අම්පාරේ ආරක්ෂාව තර කෙරේ

Latest

User Rating: / 1
PoorBest 
අම්පාරේ ආරක්ෂාව තර කෙරේ

අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා වෙළඳසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

අම්පාර නගරයේ ආපන ශාලාවක "වඳ පෙති" සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ සඳුදා (පෙබරවාරි 26) රාත්‍රියේ කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබේ.

අදාළ ආපන ශාලාව "වඳ පෙති" දමා අහාර ලබාදෙන බවට එල්ල කරන චෝදනාව ගැන ද වෙනම පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පවසයි.

තවත් කියවන්න:

මෙම ප්‍රහාරයෙන් වාහන කිහිපයකට ද අලාභ හානි සිදු වී තිබේ.

ප්‍රහාරවලින් අනතුරුව අම්පාර නගරයේ පොලිස් ආරක්ෂාව ද තර කොට තිබේ.

ගිණි තබා තිබුණු යතුරු පැදියක්Image captionගිණි තබා තිබුණු යතුරු පැදියක්ප්‍රහාරයට ලක් වූ ස්ථානයක්Image captionප්‍රහාරයට ලක් වූ ස්ථානයක්

මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු යයි ප්‍රදේශයේ දේශපාලකයන්, ආගමික නායකයන් හා ආරක්ෂක අංශ අතර අඟහරුවාදා (පෙබරවාරි 27) දහවල් අම්පාර දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

ප්‍රදේශයේ සාමය ආරක්ෂාවන ආකාරයට කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ එහිදී සියලු පාර්ශව වලින් ඉල්ලා සිට තිබේ.

අඟහරුවාදා උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද මෙම පිළිබඳව අවධානයට ලක් වී තිබේ. මෙම "සංවිධානාත්මක ප්‍රහාරයන්" ගැන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම කැබිනට් මණ්ඩලයේදී අදහස් දැක්වූ බව අමාත්‍ය මනෝ ගනේෂන් බීබීසී සිංහල සේවයට පැවසීය.

"බෞද්ධ ජාතිකවාදය"

අම්පාර ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය දයා ගමගේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ "රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සුළු සිද්ධීන් කිහිපයක් ඇතිකර තිබෙන" බවය.

ඇම්නස්ටි ජාත්‍යන්තරයේ වාර්ෂික වාර්තාවImage copyrightAMNESTYImage captionඇම්නස්ටි ජාත්‍යන්තරයේ වාර්ෂික වාර්තාව

"රජය අපකීර්තියට පත්කිරීමේ අරමුණින් සහ සාමය, සංහිඳියාව කඩා බිඳ දැමීම මුල්කරගෙන ඇතිවූ මෙම තත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ විරෝධය මැඩපැවැත්වීමට වහා පියවර ගෙන තිබේ," යනුවෙන් ද අමාත්‍ය දයා ගමගේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය ගැන සිය වාර්ෂික වාර්තාව නිකුත් කළ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය, සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි ප්‍රහාරයළිත් වරක් මතුවීම සහ අතීත වැරදිවලට දඬුවම් නොදීම බරපතල අවධානයට ලක්ව තිබෙන බව සඳහන් කළේය.

ගතවගිය 2017 වසර තුළ වරින්වර තැනින් තැන වාර්තා වූ සහමුළින්ම අවසන් කිරීම දුෂ්කර ජනවාර්ගික නොසංසුන් තත්වයන් සහ සුළු ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර පිළිබඳව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සයිඩ් අල් හුසේන් කුමරු ද අවධානය පළ කර තිබුණි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2017-18 වසරට අදාළ සිය වාර්තාව මානව හිමිකම් මණ්ඩලය වෙත යොමු කරමින් ඒ බව පවසන මහ කොමසාරිස්වාරයා, උදාහරණයක් ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ගිංතොට ප්‍රදේශයේ පැතිර ගිය සිංහල-මුස්ලිම් ගැටුම් නිසා මුස්ලිම් ජනයා සතු නිවාස සහ ව්‍යාපාරික ආයතන හැත්තෑවක් පමණ විනාශ වූ බව සිහිපත් කර තිබුණි.

තවත් පුවත්:

http://www.bbc.com/sinhala/sri-lanka-43210175

   

Page 5 of 63

Login Form