Saturday, July 04, 2020
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා
    පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා තානාපති...
    Read More...
  • මුස්ලිම් නීතිඥයාට එරෙහිව 'ත්‍රස්ත සාක්කි' ගෙතූ රහස් පොලිසියට විනිසුරු විරෝධය

      පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යැයි ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබු මුස්ලිම් ජාතික නීතිඥවරයකුට එරෙහිව ව්‍යාජ සාක්ෂි ගෙතීමට රහස් පොලිසිය විසින් දරණ ලද උත්සාහයක් විනිසුරුවරයකුගේ මැදිහත්වීම නිසා ව්‍යර්ථ වී තිබේ.

    නීතිඥ හිජාස් ඕමර් හිස්බුල්ලාහ් රඳවා...
    Read More...
  • Gnanasara Thero Once Again Inciting Sinhalese Against Muslims
    Malicious campaign pushing discriminated and frustrated Muslims to wall Few weeks ago Ven Galagoda Atte Gnanasara Thero, known for inciting Sinhalese and unleashing violence against Muslims, said he would dissolve his organisation Bodu Bala Sena as it has achieved its target of setting up a Sinhala Buddhist government without minority support. Latheef Farook Following the election of the present government to power on 15 November 2019, he was rather quiet. Now that the parliamentary election is forthcoming, he has started his campaign once again pitting the Sinhalese against Muslims.There were reports that during the presidential elections in November 2019 Buddhist monks and temples were used to demonize Muslims to win Sinhala votes assuring security. As part of this campaign to win Sinhala votes, he attempted to brand as extremist, several...
    Read More...
  • Hejaaz: A lawyer for all seasons

    A year has passed since the deadly Easter Sunday attacks in Sri Lanka. Victims, survivors, and the general public still await answers. Amidst these desperate demands for accountability, Hejaaz Hizbullah, a prominent Muslim lawyer, is suddenly – and most unexpectedly – arrested and detained.

    I met Hejaaz during the first-ever debating tournament I participated in. He led the team from S. Thomas’ College, Mount Lavinia, and I represented St. Joseph’s College, Colombo. Our teams made it to the finals that year. I recall Hejaaz as a fierce competitor with the rare gift for conveying an argument with charisma and conviction. He also had a great sense of humour, taking friendly banter in good spirit. The Thomians triumphed that year, and deservedly so.

    What strikes me now is...
    Read More...
  • Muslim writer in jail for 60 days without "explicit evidence"
    A group of activists in Sri Lanka has called upon the government for the unconditional release of a Muslim writer who has been held in detention for more than
    sixty days without “explicit evidence being produced”.

    In a letter to the Human Rights Commission of Sri Lanka (HRCSL) the Sinhala, Tamil and Muslim activists say that Ramzy Razeek arrested on April 09 for allegedly violating the International Covenant on Civil and Political Rights (ICCPR) and Cyber Crimes Legislation has also been denied medical treatment and legal access in detention.

    “Despite orders from the Magistrate to allow him access to medicine, reliable sources state that his health condition is deteriorating due to lack of access to specific medicines of which he is in dire need. A lawyer attempting to visit Razeek this week, was also denied...
    Read More...
  • அடையாள அணிவகுப்புக்கு முன் ஹிஜாஸின் அடையாளத்தைக் காட்ட சிஐடியினர் முயற்சித்தார்கள்
    இரு சிறுவர்களிடமிருந்தும் வாக்குமூலம் பெறுவதற்கு முன்னர் சிஐடியினர் தனது அறையில் வைத்து ஹிஜாஸ் ஹிஸ்புல்லாஹ்வின் புகைப்படத்தை அவர்களுக்குக் காண்பிப்பதற்கு முயற்சித்தார்கள் என கோட்டை நீதவான் ரங்க திசாநாயக்க தெரிவித்துள்ளார்.

    புத்தளம் மத்ரஸாவொன்றின் மாணவர்களுக்கு தீவிரவாதத்தைப் போதித்தார் என சிஐடியினர்...
    Read More...
  • CID attempted to show photograph of Hejaaz to children before ID parade: Fort Magistrate
    Fort Magistrate Ranga Dissanayaka said in open court that officers of the Criminal Investigations Department (CID) had attempted to show photographs of Hejaaz Hizbullah at his chambers prior to the recording of statements from two children.

    When the matter was taken up before Dissanayake on 24 June, he told Hizbullah’s lawyers that prior to the recording of the statements from the two children, this attempt had been made: “I want to reveal this. The CID officers tried to show pictures and I had to tell them to leave the Chamber.”

    Two children had made “voluntary statements” on 12 May to the Magistrate on camera regarding Hizbullah. An identification parade was to be held including Hizbullah with 10 children being summoned as witnesses to identify Hizbullah.

    Nawarathna Bandara PC, appearing with Harshana...
    Read More...
  • Magistrate disallows ID parade for detained lawyer
    Counsel for Hejaaz Hizbullah objects to ID parade Says children lined up to identify suspect have been shown his photograph during questioning Magistrate uploads objections, fixes 1 July for next hearing Fort Magistrate Ranga Dissanayake yesterday disallowed the Police from presenting detained attorney Hejaaz Hizbullah for an identification parade after counsel for the suspect objected to the move. Hejaaz Hizbullah   President’s Counsel Wasantha Navaratne Bandara, who appeared for Hizbullah, said that the 10 children lined up to identify the suspect have been shown his photograph by the Police when they recorded a statement from them, and hence objected to holding the identification parade.

    CID officers who appeared in Court however...
    Read More...
  • ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය, 'මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්', ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා
    අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය.

    රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක කෙතරම් අවධානයට ලක් වූයේ ද යත් ඔහුගේ මිතුරන් මතු නොව, අධිකරණයේ දී ඔහුගේ ප්‍රතිවාදීන් වූ සගයින් ද ඔහු පැසසීමට...
    Read More...
  • ත්‍රස්ත විරෝධී නීතිය සහ නීතිඥ හිජාස් හිස්බුල්ලා
    අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක තීන්දු කළා. පෙරෙට්ටුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, එහිදී සැකකරු හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් වශයෙන් ඉස්ලාමීය මද්ද්‍රසා පාසලක ඉගෙනුම...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

ගිනි තැබූ 'මදීනා' හෝටලය දවසින් යළි ඉදි කෙරෙයි

Latest

User Rating: / 1
PoorBest 
මදීනා හෝටලය විනාශ කර දමා ඇති ආකාරයImage captionමදීනා හෝටලය විනාශ කර දමා ඇති ආකාරය

අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව 'මදීනා' හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ.

අළුයම 2.15 ට පමණ යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත.

ඒ සමග දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන් එක්ව අද දවස තුළම එම හෝටලය කලින් තිබුණ තත්වයට පත් කර එය විවෘත කරන බව කියා සිටියහ.

මුස්ලිම් විරෝධී ප්‍රහාර: "සිංහල අපිට ලැජ්ජයි"

ඒ අනුව ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් හෝටලය ප්‍ර‍තිසංස්කරණය කිරීමට එක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී,රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ දේශපාලන පක්ෂවල සභිකයින්, පොලීසිය සහ ආගමික නායකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

"රාත්‍රී හතට පෙර අපි මේ ආපන ශාලාව නැවත විවෘත කරනවා. ආනමඩුව නගරයේ තියෙන එකම මුස්ලිම් හෝටලය මෙයයි. අපි හැමදාම සාමයෙන් ජීවත් වූ පිරිසක්," එම මෙහෙයුමට එක්ව සිටි පුද්ගලයෙක් පැවසීය.

යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙයිImage captionයතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙයි

ගින්න නිවා දමා හෝටලය කලින් පැවති අයුරින් සකස් කිරීමට පියවර ගත් ඔවුහු පස්වරු පහ පමණ විට විනාශයෙන් සියයට හැත්තෑපහකට වැඩි වැඩ කොටසක් නිම කිරීමට සමත් වූහ.

ප්‍ර‍හාරයට පැමිණි යතුරුපැදි කරුවන් ගේ දර්ශන සීසීටීවී කැමරාවන්ගේ සටහන් වී ඇති බව ද තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වයි.

ගින්නෙන් ඇති වූ අලාභය ස්ථිර වශයෙන් තක්සේරු කර නොමැති බව හෝටල් හිමිකරු ප්‍රකාශ කළත්, බැලූ බැල්මට රුපියල් ලක්ෂ පනහකට ආසන්න අලාභයක් සිදුව ඇති බවක් එම අලාභය දුටු පුද්ගලයෝ පවසති.

එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් 'ආනමඩුව වෙළෙඳ සංගමය' විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම බොහෝ දෙනාගේ විශ්මයට හේතු විය.

අළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යයි සැළකෙයි.Image captionඅළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යයි සැළකෙයි.

හෝටලයට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීමට ක්‍රියා කරන බවත් එම ස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේය.

තවත් පුවත්;

http://www.bbc.com/sinhala/sri-lanka-43364411

Login Form