Wednesday, September 26, 2018
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • Voters List Details For 2019 Government Schools Grade One Admission Voters List Details For 2019 Government Schools Grade One Admission
    Assalamu Alaykum W W. Voters List details required for 2019 Government Schools Admission for Grade One (I.e. From 2013- 2017) could be obtained from below link of Elections Department : http://eservices.elections.gov.lk/myVoterRegistration.aspx Please enable JavaScript to view the comments powered by Disqus.
    Read More...
  • This could be your last Ramadaan
    REMEMBER the beginning of Ramadan last year: the festive supermarkets with their jampacked aisles, the makeshift roadside stalls outside restaurants selling crisp sambusas and subiya, the sounds of Adhan emanating from Masajid... My house overlooked a Maghsalat-Al-Amwaat Al-Khairiyyah (a charitable organization which prepares bodies for burial in the Islamic manner), and as I walked home from the neighborhood supermarket laden with packages of food and other essentials in preparation of the next day’s fast, I caught sight of a family accompanying a bier in a hearse. The women huddled together, sobbing quietly, while the men stood at a distance in somber silence. It struck me: While I was going home to the comfort of my home and the company of my family, this person was being dispatched alone, to answer the stern questioning of the grave....
    Read More...
  • Facebook staff to learn Sinhala insults after Sri Lanka riots
    Three months after Sri Lanka was rocked by deadly anti-Muslim riots fuelled by online vitriol, Facebook is training its staff to identify inflammatory content in the country’s local languages. The social network has been seeking penance in Sri Lanka after authorities blocked Facebook in March as incendiary posts by Buddhist hardliners fanned religious violence that left three people dead and reduced hundreds of mosques, homes and businesses to ashes. Until the week-long ban, appeals to Facebook to act against the contagion of hate speech had been met with deafening silence, at a time when the California-based tech giant was reeling from unprecedented global scrutiny over fake news and user privacy. “We did make mistakes and we were slow,” Facebook spokeswoman Amrit Ahuja told AFP in Colombo. The dearth of staff fluent in Sinhala...
    Read More...
  • Time-tested bond of Sinhala-Muslim Friendship
    The Muslims of Sri Lanka, since ancient times have been in peaceful coexistence with the other communities of the Island and has proved to be an integral and inseparable component of the Sri Lankan society.



    According to ancient chronicles, traders from countries like Rome, Greece, Persia( Iran ), China, India etc visited Sri Lanka on trade missions. Arab merchants having maintained friendly relationship with natives, had ventured into the interior and coastal areas of Ceylon for trading, even before the advent of Islam. Arabs were only interested in trading and commerce in Sri Lanka in an honest and a just manner The present day Muslims of Sri Lanka, could therefore be considered the descendants of many of these Arabs, Persians, Indians, and Malays etc.  

    During...
    Read More...
  • ‘වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ‘

    (ශාන්ත රත්නායක)

    බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය.

    ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන...
    Read More...
  • ආණමඩුව හෝටලයට ගිනි තැබු 7 දෙනා රිමාන්ඩ්
    ජුඩ් සමන්ත

    ආණමඩුව නගරයේ පිහිටි  මදීනා හෝටලයට පෙට්‍රල් බෝම්බ තබා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනා මෙම මස 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා අද (13) නියෝග කළේය.

    මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ ආණමඩුව සහ ඒ අවට පදිංචිව සිටි තරුණයින් 7 දෙනෙක් වේ. ඔවුන් වයස අවුරුදු 18 - 22 වියේ...
    Read More...
  • ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ
    ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල්
    පන්සලේ  හංගාගෙන නවාතැන් දුන්
    Read More...
  • මහසෝන් බලකා කාර්යාලයෙන් ප්‍රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි
    මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට...
    Read More...
  • UN condemns anti-Muslim attacks in Sri Lanka
    2018-03-12 11:10:35 4 2109 The UN's political chief on Sunday condemned anti-Muslim violence that has targeted mosques and businesses in Sri Lanka as he wrapped up a three-day visit to Sri Lanka. Under-Secretary-General for Political Affairs Jeffrey Feltman urged the government to bring the perpetrators of the violence and hate speech to justice. Feltman, who met with Muslim leaders to show solidarity during his visit, "condemned the breakdown in law and order and the attacks against Muslims and their property," a UN statement said. Sri Lanka has been rocked by a week of violent riots by Sinhalese mobs who have attacked 11 mosques and at least 200 Muslim-owned businesses, prompting the government to declare a state of emergency. Three people have been killed and 20 wounded in the anti-Muslim attacks. On Sunday a Muslim-owned...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත ඉදිරිපත් කරන විවෘත ලිපිය!

Latest

User Rating: / 2
PoorBest 

ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් මෙම අදහස් ඔබවහන්සේ වෙත දන්වා සිටින්නේ ඉතා ගෞරව පුර්වක ව හා බහුමානයෙන් යුක්තවය. ඔබ වහන්සේ විසින් දැන හෝ නොදැන ශ්‍රී ලාකේය මුස්ලිම් ප්‍රජාවට කරන ලද උත්තරීතර සේවාව සඳහා සත්‍යය වශයෙන්ම අප විසින් ඔබ වහන්සේ වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වා තිබිය යුතුය. එම වගකීම මුස්ලිම් ප්‍රජාව විසින් පැහැර හැරීම ගැන පළමුකොට ඔබවහන්සේගෙන් සමාව ඇයද සිටිමි. ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව නිසි අරමුණක් නොමැතිව අයාලේ යමින් සිටි කාලවකවානුවක ඔබ වහන්සේ විසින් සිංහල බෞද්ධ අයිතීන් ආරක්ෂා කරනවා යැයි ප්‍රසිද්ධියේ පවසමින් මුස්ලිම් පිළිකුලක් හා මුස්ලිම් භීතිකාවක් ඇති කිරීමට කටයුතු කිරීම හේතුවෙන් නිද්‍රෝපගත ව සිටි මුස්ලිම් ප්‍රජාව අළු ගසා දමා අවධි කිරීමට මහඟු සාධකයක් බවට ඔබවහන්සේ පත්විය.

මුස්ලිම් නායකයින් විසින් වර්ෂ ගණනාවක් තිස්සේ කරන්නට වෙර දරමින් සිටි මෙම කාර්ය ඔබවහන්සේ විසින් ඉතාම කෙටි කාල පරාසයක් තුළ මුස්ලිම් ප්‍රජාව අවධි කිරීමට කරන ලද අසමසම වෑයම ගැන කෙසේ නම් අපි කෘතවේදී නොවී සිටිය හැකිද යන්න ගැන සිතන විට මගේ හිතට වේදනාවක් මතුවෙයි. එහෙයින් අඩුවශයෙන් මෙම ලිපිය මගින් හෝ ඔබ වහන්සේ විසින් ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට කරන ලද උත්තරීතර සේවාවට කෘතවේදීත්වය දැක්වීමට අවස්ථාවක් ලැබීම ගැන සිතා එම වේදනාව තුනී කර ගන්නට වෙර දරමින් සිටින්නෙමි. අප ඔබවහන්සේගෙන් ගෞරව පුර්වකව ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේ දැනට කරමින් සිටින්නා වූ මුස්ලිම් භීතිකා හා මුස්ලිම් පිළිකුල් ව්‍යාපාරය කරුණාකර දිගටම කරගෙන යන ලෙසය. එම ක්‍රියා මගින් අප සමාජය කිසි දිනක නිදි වදින්නේ නැතිව අවධියෙන් කටයුතු කරන්නට ඉදිරිපත් වේවි යන්න ගැන කිසිදු සැකයක් නොමැත.

ඔබ වහන්සේ මුස්ලිම් සමාජ යහපත සඳහා වූ මහඟු උත්ප්‍රේරකයක් ලෙස අපි දකින්නෙමු. මුස්ලිම් සමාජය එක්සත් කිරීම, ආගමික නැඹුරුවක් නොමැතිව සිටි ඇතැම් මුස්ලිම් වරුන්ව එම නැඹුරුවට යොමු කිරීම, පොදු සමාජ ප්‍රවාහයෙන් ඉවත් වී කටයුතු කළ මුස්ලිම් ජනයා තම වගකීම් අවබෝධ කරගෙන සහෝදර සිංහල හා ද්‍රවිඩ ජනයා සමග සමගියෙන් හා සහෝදරත්වයෙන් ජීවත් වීමේ සමාජ වගකීම අවබෝධ කර ගැනීම වැනි යහ ක්‍රියාවන් සඳහා අපව යොමු කිරීමට හේතුවූ එක් සාධකයක් ලෙස අප විසින් ස්තුතිය පිරිනැමිය යුතුව ඇත්තේ ඔබ වහන්සේටය. අලසකම ඉවතලා ක්‍රියාකාරී සමාජයක් ලෙස අප ව පත්කිරීමට ඔබවහන්සේගෙන් ලද දායකත්වය ඉමහත්ය.

ඔබවහන්සේගේ සංවිධානය හා තරඟකාරී ලෙස අපට රිදවන්නට කටයුතු කළ සිහල රාවය හා රාවනා බලය වැනි සංවිධාන ස්වභාවික මරණයකට පත් නොවී තම ප්‍රචාරක කාර්යභාරය කරගෙන යන්නේ නම් අපගේ ඉමහත් සතුටට හේතුවනු නොඅනුමානය. මෙසේ පවසන අතර තුර ඔබවහන්සේගේ සංවිධානයේ ප්‍රධාන වගකීමක් දරන එක් පුද්ගලයෙක් එහි නොසිටිය යුතුය යන්න අපගේ නිහතමානී මතයයි. උගතෙක්, යහ මිනිසෙක් හා මහත්මා ගති ඇත්තෙකු වූ ආචාර්ය දිලන්ත විතානගේ මහතා මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා අති විශාල සේවාවක් කළ හැක්කෙක් ලෙස අපි දකින්නෙමු. කරුණාකර එතුමාව ඔබවහන්සේගේ සංවිධානයෙන් ඉවත් කළ හොත් ඔහුට ජාතික වශයෙන් වැදගත් සේවාවක් ඉටු කළ හැකි වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. මේ පිළිබඳ ව ඔබවහන්සේගේ කාරුණික අවධානය යොමු කරන්නේ නම් යෙහෙකැයි සිතන්නෙමු.

අවසාන වශයෙන් බුදු දහම හා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනාවා යැයි පවසන ඔබවහන්සේ අනිවාර්යයෙන් ම දැනගත යුතු කරුණු කිහිපයක් වෙත අවධානය යොමුකර වන්නට කැමැත්තෙමි. බුදු දහමට හානිය සිදු කරන්නේ බාහිර සාධක නොව අභ්‍යන්තර සාධක බව බුදුන් වහන්සේ විසින් කර ඇති දේශනා කෙරෙහි කරුණාකර අවධානය යොමු කරන්න. මේ සඳහා ධම්මපරායන හිමියන්ගේ “ප්‍රතිමෝක්ෂ විවරණය” නම් ග්‍රන්ථයේ 23 – 27 වැනි පිටු කරුණාකර කියවා බලන්න. සියලු බුද්ධ භාෂිත දේශනයන් අනුව බුදු සසුනට හානි කරන්නේ පැවිදි පාර්ශවය විසින් බව සඳහන් කිරීමෙන් එවන් චරිතයක් ඔබවහන්සේ මෙන්ම අනෙකුත් ඔබවහන්සේගේ සංවිධානය හා සම අයුරින් කටයුතු කරන සංවිධාන මගින් නිරුපනය කරමින් සිටිනවා යැයි තීන්දු තීරණ දීමට අපි ඉදිරිපත් නොවන්නෙමු. එය මෙරට සැදැහැවත් බෞද්ධ ජනයාට භාර කාර්යයකි.

බුදු සසුනට හානි කරන ශක්තීන් පිළිබඳ ව ඇති බුද්ධ දේශනා කිහිපයකට ඔබවහන්සේගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමි.

අනාගත භය සුත්‍රය – පංචක නිපාතය – අංගුත්තර නිකාය

අනාගතභය සුත්‍ර හතරක් දෙවන පන්ණා කයේ ද දක්නට ඇත.

සද්ධම්ම සම්මෝප සුත්‍රය චතුක්ක නිපාතය අංගුත්තර නිකාය

චතුක්ක නිපාතයේම සුගත විනය නම් සුත්‍රය

කිම්බිල සුත්‍ර දෙක පංචක හා ඡක්ක නිපාත අංගුත්තර නිකාය

සද්ධම්ම පතිරුපක සුත්‍රය කස්සප සංයුක්තය සංයුක්ත නිකාය

සම්බුදු සසුන විනාශ වී යාම ගැන වූ අනාවැකි කිහිපයක් අපට ජාතක කතා පොතේ ද දක්නට ලැබෙයි. ඒ මහාසුපින ජාතකයේ එන කෝසල සිහින දහසය දැක්විය හැක. කොසොල් රජතුමා දුටු එම සිහින දහසය කරුණාකර අදට අදාළ කර බලන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ප්‍රමාද වර්ගයේ 17 වැනි සුත්‍රය

සංයුක්ත නිකායේ ඕපම්ම සංයුක්තයේ ආණි සුත්‍රය,

කලිංගරූපධාන සුත්‍රය,

බිළාල සුත්‍රය මෙලෙස

නිමක් නොමැතිව පිටකාගත තොරතුරු ඉදිරිපත් කළ හැක. සිව්වනක් පිරිසෙන් අද සදාචාරය පිරිහෙමින් පැවතීම පිළිබඳ බහුතරයක් නිහඬය.

බුදු සසුන යනු කුමක් ද? යන්න පිළිබඳ ව ඉතාම කෙටියෙන් අරුත් දක්වා ඇති තැනක් ධම්මපදයේ (බුද්ධ වග්ගය – පස්වන ගාථාවේ) දක්නට ඇත.

සබ්බ පාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝදපනං

ඒතං බුද්ධානු සාසනං

 

ධම්මපදය අඩංගු ඛුද්දක නිකාය පළමු ධර්ම සංඝායනාවට ඉදිරිපත් නොවුවක් බව අපි දනිමු. උස්ගමුයායේ සමිත හිමි රචිත “ප්‍රශ්නෝත්තර සහිත ත්‍රි පිටකයෙහි සංවර්ධනය සහ පාලි වංශ කථා” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නෙමු.  “බොහෝ පරස්පර විරෝධී මත භේදයට ලක්වූ නිකායක් ලෙස බුද්දකනිකාය සැලකිය හැකිය.” (48පිටුව)

“ප්‍රථම සංගීතියේදී ඛුද්දක නිකාය පවත්වාගෙන යෑම සඳහා පරපුරක් නම් කළ බවක් නොපෙනේ”. (21 පිටුව)

කෙසේ නමුත් ඉහතින් උපුටා දැක වූ ධම්මපද ගාථාව ඉතා අගනා එකකි. මෙම මතය යථාර්ථයක් කර ගැනීමට අප ක්‍රියා කරමින් සිටින්නේ ද යන්න ගැන කරුණාකර මොහොතක් සිතා බලන්න. අද අපි සදාචාර සෝදාපාලුවකට ලක් වී සිටින්නෙමු.

ගුණසිරි වීරසූරිය මහතා විසින් රචිත “සිංහල සමාජය හා සංස්කෘතිය” යන ග්‍රථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්න ට කැමැත්තෙමු.

“නූතන සමාජය තුළ ආකර්ශනීය වශීකරණයන් එමටය. එයට කියන්නේ ‘ජනප්‍රිය සංස්කෘතිය’ කියාය. ප්‍රිය සම්භාෂණ වැනි උත්සව මහෝගයන් සමාජය තුළට මෝදු වෙයි. සමාජ සංස්ථාවන් කිති කවන්නට සමත් වෙයි. සංගීත සැඳෑවන් සමාජය තුළ වැහි වැහැලාය. බර්ත්ඩේ පාටි ද විශ්‍රාම යෑමේ පාටි ද අර පාටි ද මේ පාටි ද සුපිරි හෝටල් අංගනයන් තුළ මුලු දෙයි. සමාජ ඇවැතුම් පැවැතුම් උඩු යටිකුරු වෙමින් පවතියි. විප්ලවකාරී වෙනස්වීම් සමාජය තුළට කැන්දන්නට ජනප්‍රියය සංස්කෘතිය උත්සුක වෙයි. සමාජ මිමි විප්ලවකාරී වෙනස්වීම් වලින් ආකර්ෂිත වෙයි. හණමිටි ඉවත දැමෙයි. ඒ වෙනුවට මොකක් හෝ අතට අහුවෙන දෙයක් සමාජය තුළ රුවන්නට කැස කැවෙයි. ඒ දෙය විෂම වුවද කම් නැත. සමාජය නිමක් නැති ලෙස දුවන්නට, හති වැටෙන තුරු දුවන්නට ඒ අරුම දෙය උදව් වේ නම් එහි අග මුල සොයන්නේ කුමට ද? රෑට හෝටලයෙන් කෑම මිනිසුන්ට අභිමත වෙයි. සුමානයකට දවස් දෙක තුනක් ප්‍රිය සම්භාෂණයකට එකතු වූ විට සියල්ල ඇඟට නොදැනී ඉටු වෙයි. නැටුම් ගැයුම් සමග කෑම බීම ද ලැබෙයි. මෙහිදී පුරසාරම් දෙඩුමට අවස්ථාව ද ලැබෙයි. උජාරුකම් කියන්නට ද අවස්ථාව ලැබෙයි. ඇඳගත් ඇඳුම් පැලඳුම් ප්‍රදර්ශනය කිරීමට ද ඉඩප්‍රස්ථා ලැබෙයි. ඇඳුම් ඇඳ ගත්තත් හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ජනප්‍රිය සංස්කෘතියේ යුවතියන්ගේ අඟ පසඟ ප්‍රදර්ශනය කිරීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඔවුන්ට අවස්ථා උදාවෙයි. ඇත්තෙන් බැලූ විට මෙය ජනප්‍රිය සංස්කෘතියක්මත් නොව සොසේජස් සංස්කෘතියකි. එසේ නොවේ නම් හෙලුවැලි සංස්කෘතියකි. උගත් යැයි සම්මත දෙමාපියන් ම තම දූවරුන් ට හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ඇඳුම් පැලඳුම් අඳින්න ට අවස්ථාව දෙයි. මේ හෙලුවැලි ඇඳුම් ඇඳගෙන ඔවුන් සමාජගත වන විට කාමාතුර නෙත් දහස් ගණනක් මොවුන් දෙස ඔරවා ඔජවඩමින් ලිංගික උත්තේජනයට පත්වී බලන විට එය නොදකින දෙමාපියන්, ආගමික නායකයින්, සමාජ ශෝධකයින්, ඇත්නම් සත්‍ය වශයෙන්ම එය මානසික ව්‍යාධියමය තත්ත්වයකි. මේ හෙලුවැලි දසුන පළමුවෙන්ම දකින්නේ දෙමාපියන්මය. තම දූ සිඟිත්තන්ගේ අඟපසඟ ඔවුන්ටද යම් සුන්දර දසුනක් වනවා විය යුතුය. එය ඔවුන්ට අසුන්දර දසුනක් වේ නම් එය නවත්වන්නට ඔවුන් පෙලඹෙනු ඇත. එහෙත් සමාජයේ බහුතරයක් දෙමාපියන් මේ හෙලුවැලි රූප තම ගෙදර ඉදිරි දොරෙන් එළියට දමයි. එය මහා ගෞරවයක් යැයි ඔවුන් සිතති. සමාජය යන දිසාවට අපිත් යනවා යැයි ඔවුහු නොකියා කියති. බොහෝ මාධ්‍යයන් මගින් අවධාරණය කෙරෙන්නේ යම් ජාත්‍යන්තරකරණයක් අවශ්‍ය බව යන්නයි. අපේ විලාසිතාවන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. සරම කමිසය ඇඳ එසේ විය නොහැක. නව ඉසවු සොයා යා යුතුය. රෙද්ද හැට්ටෙ ඇඳ ජාත්‍යන්තරකරණය විය නොහැක. ඒවා අවශ්‍ය නම් යම් හෙලුවැලි ස්වරූපයක් ඒවාට ආදේශ කළ යුතු වෙයි. ස්ත්‍රී ස්වරූපයේ බොහෝ තැන් පෙනෙන ලෙස ඇඳීම ජාත්‍යන්තරකරණය වෙත නැගීමට ඇති පියගැට පෙළෙහි යම් පඩි කිහිපයක් නැග්ගා හා සමාන වෙයි. දැනුම ජාත්‍යන්තරකරණය විය යුතුය. මාධ්‍ය ක්‍රමවේදයන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. එහෙයින් බෞද්ධ ගීතයකට වූවත් රුපවාහිනී පෙට්ටියේ පස්ස ගස්සමින් උඩ දමමින් නටන ගැහැනුන්ගේ භාව ප්‍රකෝපිත නැටුම් ජනතාවට පෙන්වීම ඇතැම් අඥානයෝ මහා කෙරුවාවක් යැයි සිතති. මෙවැනි විසුක දස්සන දකින ජනතාව ඉඳුරන් සන්සුන් කර ගන්නේ කෙලෙසදැ’යි පැණයකි. රූපවාහිනී තිරයන් මත වැටෙන ගෝලීයකරණ උන්මාදය ඇතැම් විට ව්‍යෝධිත ස්වරූපයක් බව විවරණය කළ හැකි වෙයි. හැම තැනම ඇත්තේ ඉඳුරන් අවුස්සන, පීඩනයට පත්කරන වශීකරණයන් ය. මෙය හොඳ දෙයක් නම් නොවන්නේය. එය ව්‍යසනයටම හේතුවකි. සිංහල සොසේජස් සංස්කෘතිය අනුව ඔහුගේ පුරුෂාර්ථයන් ආරක්ෂා කර ගැනීම යම් අර්බුදකාරී දෙයක් වුවත් ඒ දෙය ඔහු කළ යුතු වෙයි. එසේ නොවූවහොත් ජාත්‍යන්තරකරණය පස්සේ ගොස් සිංහල සමාජයව්‍යානුකලනයට පත්වීම සහතික වෙයි. සිංහල සමාජය සරල අල්පේච්ඡ ජීවිතයකට හුරුව ලබා තිබුණකි. සිංහල ජීවන ක්‍රමයේ මේ සරල සුන්දරකම දූරිභූත වන බවක් දැන් පෙනී යයි. අප සමෘධිමත් විය යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අප සමෘධිමත් විය යුතුයි. ආත්මීය සමෘධියට සරල සිංහල ජීවන ක්‍රමය අතිශයින් ම අත්වැලක් වූයේය. විස්තීර්ණ භාවයට පත් කාමභෝගී බහු භාණ්ඩික ජීවන ක්‍රමයආධ්‍යාත්මික සමෘධියට මෙන්ම සංස්කෘතික සමෘධියට හේතු නොවන්නේය. එයින් අත් වන්නේ විපරීත භාව ප්‍රකෝපනයක් පමණි. භාව විශෝධනයකට ආත්මීය හර පද්ධතීන් හා පුරුෂාර්ථයන් අවශ්‍ය වෙයි. ආගම් ඇසුරු කිරීම, සෞන්දර්යාත්මක කලාවන් හා මානව ශාස්ත්‍රයන් ඇසුරු කිරීම භාව විශෝධනයකට හේතු වෙයි. ජීවිතයේ දැකිය යුත්තේ එවන් හරවත් දෙයකි”. (“සිංහල සමාජය හා සංස්කෘතිය” ගුණසිරි වීරසූරිය පිටු 403 සිට 414 දක්වා ඇති කොටසින් උපුටා ගන්නා ලදී)

මෙම තත්ත්වය වෙනස් කිරීමට අප සැවොම එකට අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු වෙනවා නොවේ ද අපේ හාමුදුරුවනේ. ඇතැම් ගම්බද විහාරස්ථාන පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ දායකයින්ගේ දුප්පත්කම නිසා විහාරස්තානයට දානය පුජා කිරීමේ හැකියාවක් නොමැති නිසයි. කුරුනෑගල දිස්ත්‍රික්කයේ පමණක් පන්සල් 500ක් පමණ වැසී ගොස් ඇතැයි ආරංචි විය. මෙම ගම්මානවල ජනයාගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා මැදිහත් වන්නේ කවුරුන් ද? මේවා සොයා බලා පිළියම් යෙදීමට කටයුතු කළ යුතුව තිබෙනවා නොවේ ද අපේ හාමුදුරුවනේ.පියා දියණිය දුෂණය කරයි, පුතා මව දුෂණය කරයි, සහෝදරයා සහෝදරිය දුෂණය කරයි, සීයා මිනිපිරිය දුෂණය කරයි වැනි අපේ අත්තා මුත්තා කාලෙවත් නොඇසූ ලිංගික අපචාර, ළමා අපචාර ස්ත්‍රී දුෂණ ආදියෙන් සමාජය දුගඳ හමයි, මත්පැන් මත්ද්‍රව්‍ය ආදියෙන් තරුණ පරපුර විනාශ මුඛයට යොමු වෙමින් සිටියි, ගෞරවනීය අපේ හාමුදුරුවනේ මේවා ගැන අපේ හඬ අවධි කළ යුතු කාලය දැන් පැමිණ තිබෙනවා නොවේ ද?

මම ප්‍රමාණය ඉක්මවා ලියා ඔබවහන්සේව විඩාවට පත් කරවන්නට අකමැත්තෙමි. අවසාන වශයෙන් දැනට කරමින් සිටින්නාවූ මුස්ලිම් භීතිකා හා මුස්ලිම් පිළිකුල් ප්‍රචාරක ව්‍යාපාරික කටයුතු වඩාත් සාර්ථක අයුරින් කිරීමට ඔබවහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා යැයි ද ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවා යැයි ද ඉතසිතින් පතමින් සමුගනිමි.

http://www.anvermanatunga.net/2016/07/19/open-letter-to-gnanasara-thero-sinhala/

Login Form