Saturday, April 20, 2024
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • Anti-terrorism Bill will be changed
    The highly controversial Antiterrorism Bill is subject to amendments and changes in Parliament and as such no one should have any fear or feeling of threat from the proposed Bill, Justice Minister Dr. Wijeyadasa Rajapakshe said. The government is aware of concerns raised by the global and local community on certain provisions contained in the draft of the Anti-terrorism Bill and the Government is ready to alleviate them by discussion, compromise and flexibility, he added. Addressing a news conference at the Information Department auditorium, Minister Rajapakshe said the Prevention of Terrorism Act (PTA) passed in 1979 under President J.R. Jayewardene’s rule as a temporary measure to counter the emerging separatist insurgency. The PTA has been misused and exploited by successive Governments since then for their personal and political...
    Read More...
  • WhatsApp adds option to use the same account on multiple phones
    WhatsApp users are no longer restricted to using their account on just a single phone. Today, the Meta-owned messaging service is announcing that its multi-device feature — which previously allowed you to access and send messages from additional Android tablets, browsers, or computers alongside your primary phone — is expanding to support additional smartphones. “One WhatsApp account, now across multiple phones” is how the service describes the feature, which it says is rolling out to everyone in the coming weeks.
    Setting up a secondary phone to use with your WhatsApp account happens after doing a fresh install of the app. Except, rather than entering your phone number during setup and logging in as usual, you instead tap a new “link to existing account” option. This will generate a QR...
    Read More...
  • CBK commends Dr. Shafi’s noble gesture of donating past salary to buy essential medicine
    Falsely accused by racist elements for alleged illegal sterilisation, Kurunegala Teaching Hospital doctor says racism will not take country or organisation forward except make poor people suffer more; calls on all to make Sri Lanka racism-free   Former President Chandrika Bandaranaike Kumaratunga has commended Dr. Mohamed Shafi Shihabdeen over his gesture of donating the past salaries amounting to Rs. 2.6 million during his suspension and imprisonment on false charges to buy essential medicines. Chandrika Bandaranaike Kumaratunga

    Dr. Mohamed Shafi Shihabdeen



    Following...
    Read More...
  • Dr. Shafi donates arrears of his salary to purchase medicines for hospitals
    Dr. Shihabdeen Mohamed Shafi, the doctor at the Kurunegala Teaching Hospital has decided to donate arrears of his salary amounting over Rs. 2.67 million for the purchase of essential medicines for hospitals.

    Dr. Shafi who was on compulsory leave on charges of performing infertility surgery, has received a cheque of over Rs. 2.67 million salary arrears from the Health Ministry last week.

    The salary arrears include the basic salary, interim allowance, cost of living, and allowance in lieu of pension for the period of compulsory leave imposed on Dr. Sihabdeen.

    Dr. Shafi who was employed at the Kurunegala teaching hospital was arrested on May 25th, 2019, on charges of performing infertility surgery.
    On July 25, 2019, the Kurunegala Magistrate’s Court ordered that the doctor be released on bail.
    Read More...
  • Govt. used Sinhala-Buddhist shield to its maximum benefit Ven. Galkande Dhammananda Thera
    This Govt. nurtured thug-like monks promoted them and deployed them in various  places Certain monks have severe psychological wounds If  society isn’t healed cases of domestic violence, harassment and child  abuse will be on the rise Reconciliation  was about having workshops, providing a report and earning dollars Accountability  has not been included in the Constitution or the Judicial system Terrorism  sprouts in a country that has no justice Ven. Galkande Dhammananda Thera who currently heads the Walpola Rahula Institute for Buddhist Studies has been addressing issues related to social justice and harmony while promoting an inclusive and plural society. Having gathered a wealth of experience during the height of war for instance and having encountered various incidents during his lifetime, Ven. Dhammananda Thera has...
    Read More...
  • Health ministry to pay back-wages for Dr. Shafi before July 10
    The Ministry of Health today gave an undertaking before the Court of Appeal that the salary and allowances payable to Dr. Shafi  Shihabdeen will be paid before July 10 this year. The Ministry of Health gave this undertaking pursuant to a writ petition filed by Dr. Shafi  Shihabdeen, who was at the centre of the controversy surrounding the alleged sterilisation of female patients. The Director General of Establishment at the Ministry of Public Services had earlier informed the Court that the basic salary, interim allowance, cost of living and allowance in lieu of pension could be paid to Dr. Shafi Shihabdeen, for the compulsory leave period. Meanwhile, the petitioner expressed willingness to attend the preliminary inquiry before Director of Kurunegala Teaching Hospital Dr. Chandana Kendangamuwa. Taking into consideration the facts,...
    Read More...
  • Sri Lanka court orders release of lawyer held for two years
    A Sri Lankan court has ordered the release on bail of a lawyer arrested over his alleged links to the 2019 Easter Sunday bombings and held for nearly two years on charges rights groups say lacked credible evidence. Hejaaz Hizbullah was arrested in April 2020 and accused of being linked to the attacks on churches and hotels that left 279 people dead. But after prosecutors failed to provide evidence of his involvement in the attacks, blamed on a local group, he was instead Read More...
  • Hejaaz Hizbullah leaves from remand custody
    Attorney-at-law Hejaaz Hizbullah today left from remand custody after fulfilling his bail conditions before Puttlalam High Court.

    He was incarcerated for 22 months for allegedly committing offences come under the Prevention of Terrorism Act.Last Monday (07), the Court of Appeal ordered to release Hizbullah on bail pursuant to a revision application filed on behalf him.Hizbullah was ordered to be released on a cash bail of Rs.100,000 with two sureties of Rs.500,000 by Puttlalam High Court Judge Kumari Abeyratne. He was further ordered to report to the DIG office of Puttalam Police Division every second and fourth Sunday of every month.An indictment under the Prevention of Terrorism Act and the International Covenant on Civil and Political Rights (ICCPR) Act has now been served on Hejaaz Hizbullah. According to the indictment, Hizbullah...
    Read More...
  • හිජාස් ගෙදර යයි

    (නිමන්ති රණසිංහ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාරව ඇප මත මුදාහැරීමට පුත්තලම මහාධිකරණය අද (09)...
    Read More...
  • Court of Appeal grants bail on Hejaaz Hizbullah
    The Court of Appeal today ordered to release Attorney-at-law Hejaaz Hizbullah on bail after nearly two years in detention and remand custody. Accordingly, the Court of Appeal directed the Puttalam High Court to release Hejaaz Hizbullah on bail with suitable bail conditions. The Court of Appeal two-judge-bench comprising Justice Menaka Wijesundera and Justice Neil Iddawala made this order taking into consideration a revision application filed on behalf of Hejaaz Hizbullah. The Attorney General did not raise objections to release Hizbullah on bail. On January 28, an application made by the defence requesting to release Attorney-at-law Hejaaz Hizbullah on bail was rejected by Puttalam High Court.   The High Court Judge Kumari Abeyrathne refused to grant bail citing that she has no jurisdiction to grant bail under the Prevention of Terrorism...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

රනිල්ගේ අරුණෝද මෙහෙයුම

Latest

User Rating: / 0
PoorBest 

2015 ජනවාරි මස 11 20:14:46 | . , සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක(පරිවර්තනය කෝවිද ගුණසේකර)

මහින්ද රාජපක්ෂ මහතාගේ දස වසරක පාලනයේ නිමාව ලක්ෂ සංඛ්‍යාත ශී‍්‍ර ලංකා ජනයා දැනගත්තේ සිකුරාදා උදෑසන වෙද්දීය.

බ‍්‍රහස්පතින්දා දිනයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසානයේ ඡන්ද ගණන් කිරීම ආරම්භවූ විට මිතුරන් හා පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන රටේ ජනතාව ප‍්‍රතිඵල ඉක්මනින් දැන ගැනීමේ නොතිත් ආශාව ඇතිව නිවසේ රූපවාහිනිය වටා එක්රැස් විය.බොහෝ දෙනාගේ සිත්හි තිබුණේ බියකි.ගෙවුණු බදාදා දිනයේ දිවයිනේ ප‍්‍රධාන නගරයන්හි සාප්පු  හා වෙළදසංකීර්ණ පිරී තිබුණේ ඡන්දයට පසුදා එනම් සිකුරාදා දින ඇදිරි නීතිය පනවනු ඇතැයි,ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා සිදුවනු ඇතැයි බියපත්ව ලහිලහියේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ගණනින් මිලයට ගනිමින් සිටි ජනයාගෙනි.නමුත් එසේ බියපත්වීමට අවශ්‍යතාවක් නොතිබුණි.මන්ද ආරක්ෂක අංශ වල ,නීති ක්ෂේත‍්‍රයේ,මැතිවරණ දෙපාර්තමෙන්තුවේ,හා රජයේ වෙනත් අංශ වල නිර්භය නිළධාරීන් ඔවුන්ගේ දිවි පරදුවට තබා හැකිතාක් දුරට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරේ කැපවී සිටි බැවින්ය.

එසේ වුවත් ගෙවුණු සතිය ශ්‍රී ලංකාවේ වෙනසක් අපේක්ෂා කළ ජනතාවට - විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයින්ට සිතෙහි නිදහසක් අත්කර දුන් කාලයක් නොවීය.නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරන ඇතැම් දේශපාලඥයින් හා ඔවුනට හිතවත් ආරක්ෂක අංශ වල ඇතැම් කණ්ඩායම් වෙනසක් සිදුවුවහොත් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීමට සැළසුම් කරගෙන සිටින බව සදහන් වාර්තා නොයෙක් වර පිටතට පැමිණියේය.බොහෝමයක් විශ්වාස කළ නොකළැකි වුවත් ඇතැම් වාර්තා අව්‍යාජ ස්වරූපයක් ගත්තේය.ජනපතිවරයා සතු බලතල භාවිතා කර ඡන්ද ප‍්‍රතිඵල නිකුත්  කිරීම අත්හිටුවා රාජපක්ෂ මහතාට තවදුරටත් ජනපතිධූරයේ රැදී සිටීමට නීතිමය අවකාශයක් ඇත්දැයි එක් අවස්ථාවකදී නීති විශාරදයින්ගෙන් විමසනුද ලැබිණි.මෙයට රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි හෙළිව  තිබේ.අප සිටින්නේ ඡුන්දයට පෙර සිටම කුමන්ත‍්‍රණ දියත් කෙරෙන අවදියකය.දිවයිනේ නම ගිය නීතිඥයෙක් උද්ගතව තිබූ තත්ත්වය හදුන්වාදුන්නේ එළෙසය.

බොහෝ ශී‍්‍ර ලංකා ජාතිකයින් මේ බව නොදැන සිටියත් බ‍්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර ගෙවුණු කාලයේ ඉතිහාසයේ කිසිත් නොවූ විලස ප‍්‍රචණ්ඩකාරී හා අශ්ලීල ලෙස විපක්ෂයට පහර ගැසීමට රජයේ මාධ්‍ය යොදාගැනුනු බව නම්  ඔවුහු හොදින් දැන සිටියහ.රාජ්‍ය මාධ්‍යයන්ට විපක්ෂ නායකයින්  සියලූදෙනා ද්‍රෝහියන්,දුෂකයින් හා

සොරුන් විය.

ඔවුන් අතරට දැන් ශී‍්‍ර ලංකාවේ හයවැනි විධායක ජනපතිවරයා බවට පත්ව සිටින මෛතී‍්‍රපාල සිරිසේන මහතාද ඇතුළත් විය.රාජපක්ෂ 2005 වසරේදී බලයට පත්වූ විට රටේ ජනතාවට අලූත් මාධ්‍ය සංස්කෘතියක් හදුන්වාදෙන බවට දුන් පොරොන්දුව අන්තිමේදී ඔහු ඉටු කර තිබුණේ මෙලෙසය.රජයේ මාධ්‍යකරුවන්ට ඔවුන් ලියනා දෙය  කියනා දෙය තමන්ම වාරණය කරගන්නවා හැරෙන්නට අන් කිසි දෙයක් ඉතිරිව නොතිබූ බව කිව හැකිය.අසීමිත රාජ්‍ය බලය හමුවේ ඔවුන්ට වෙන කරන්නට දෙයක් නොතිබූ බව සිතිය හැකිය.මෙනිසා කියනා දෙය කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන කිසි දෙයකට ඉඩ  නොතිබුණි.මෙම තත්ත්වය කෙතරම් දරුණුවී තිබුණේද යත් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැත්වූ පළමු කතාවේදීම මෛතී‍්‍රපාල සිරිසේන මහතා සදහන් කළේ මේ  සා චරිත ඝාතනයක් රාජ්‍ය මාධ්‍ය වලින් කිසිකලෙකත් සිදුනොවී ඇති බවය.

විරෝධාකල්ප දරන කවරෙකු වුවත් ඔවුන්ට ඉතාම පහත් ලෙස නින්දා කිරීම අලූත් මාධ්‍ය සම්ප‍්‍රදාය විය.දිනපතා ගුවන්විදුලි වැඩසටහන් වලටද මෙම පහත් ගණයේ ප‍්‍රචාරණ උපක‍්‍රමය එන්නත් කරනු ලැබිණ.තත්ත්වය කෙසේවීද යත් ඡුන්දය ප‍්‍රකාශ කරන දිනයේ රටේ ප‍්‍රධාන රූපවාහිනී නාළිකාව,ජාතික රූපවාහිනිය සාවද්‍ය පුවතක් ප‍්‍රසිද්ධියේ විකාශයනය කරමින් කීවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා රජයට එක්වන්නට යන බවය.තමාට එල්ලවූ තර්ජනයන්ට හා පීඩනයන්ට නොබියව මුහුණදුන් එනිසාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙල නායකයින්  කිහිපදෙනෙකුගේම වෛරයට පාත‍්‍රව සිටි ධෛර්යමත් පුද්ගලයෙකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා වහාම රූපවාහිනි මූළස්ථානය වෙත පැමිණ අසත්‍ය ප‍්‍රචාරයන් විකාශනය කරන්නේ නම් තමන්ගේ බලය භාවිතා කර සියලූ විකාශනයන් අත්හිටුවන බවට අනතුරු ඇගවූ විට මෙල්ලවූ රූපවාහිනිය පැය දෙකක් ගතවීමට  මත්තෙන් පුවත සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා සිදුකළ ප‍්‍රකාශයක් විකාශනය කිරීමටත්,සාවද්‍ය පුවතක් විකාශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටත් කටයුතු කළේය.සිකුරාදා මධ්‍යහනයෙන් පසු මෙතෙක් කල් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පහර ගසමින් සිටි රූපවාහිනියම ඔහු ගැන ගුණ ගායනා කරනුද දැකගත හැකිවුනි.

මෙවැනි සිදුවීම් නිසා තිරය පසුපස සිදුවූ ඇතැම් දේ බහුතර ශී‍්‍රලංකා වාසීන්ගේ අවධානයට යොමුවූයේ නැත.ඒවායින් වඩාත්ම බරපතල වූයේ නිල ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශවීමට පටන්ගැනීමත් සමග උද්ගතවූ තත්ත්වයයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මැතිවරණ ප‍්‍රතිඵල අධ්‍යනය කළ හැකි පරිදි විශේෂ මෙහෙයුම් කාර්යාලයක් අරලියගහ මන්දිරයේ පිහිටුවාගෙන

සිටියහ.මේ හා සමානවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වූ සිරිකොතේද මෙහෙයුම් කාර්යාලයක් විය.දෙපක්ෂයේම  නියෝජිතයෝ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ට අනුයුක්ත කර සිටියහ.දුරකථන ඇමතුම් දෙමින් මෙහෙයුම් මධ්‍යස්ථාන වල සිටි තම නායකයෝ අලූත්ම ප‍්‍රතිඵල  සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ඔවුහු කටයුතු කළෝය.සිකුරාදා අලූයම් සමයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට යන බව ස්ථීර විය.මෛතී‍්‍රපාල සිරිසේන මහතා  ලබාගෙන සිටින ඡුන්ද සංඛ්‍යාව හා සම කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ඡන්ද පොළ නියෝජිතයෝ තම නායකයින්ට දැනුම් දුන්හ.

 

උදෑසන 4.30 ට පමණ ඊට පැය කිහිපයකට පෙර ශී‍්‍ර ලංකාවේ බලවත්ම පුද්ගලයාවූ මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමංසිහ මහතාට දුරකථන ඇමතුමක් දුන්නේය.රාජපක්ෂ මහතා කතා කිරීමට සැරසෙනවාත් සමගම තමා අරලියගහ මන්දිරයට පැමිණ මුහුණට මුහුණ හමුවීම වඩා හොද යැයි පවසා සිටි විපක්ෂ නායකවරයා මේ බව සිරිසේන මහතාටද,ප‍්‍රජානත්ත‍්‍රවාදී පක්ෂයේ අනෙක් නායකයින්ටද දැනුම් දී අරලියගහ මන්දිරය බලා පිටත් විය.ආරක්ෂකයින් දොරටු විවර කර දුන් පසු එහි ඇතුල්වූ විපක්ෂ නායකවරයා තවත් ආරක්ෂක මුරකපොලූ 3 කට පසු මන්දිරයේ ගර්භය වෙත පැමිණියේය.ඔහු පුදුමයට පත්කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාද එහි විය.මේ අලූයම කෙමෙන් මැකී යමින් උදා හිරු පායන්නට ගෙන තිබුණු අතර දිගින් දිගටම මැතිවරණ ප‍්‍රතිඵලද නිකුත් වෙමින් පැවතින.

සාකච්ඡාවක් පැවැත්වින.වික‍්‍රමසිංහ මහතා සමග රාජපක්ෂ මහතා,ජනාධිපති ලේකම් ලලින් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් හුවමාරු කරගත්හ.හිටපු ජනපතිවරයා තම පූර්වගාමියා වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට චෝදනා කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තොරතුරු මගින් තමන්ට දැනගත හැකිවූ පරිදි ඇය කොළඹ එක්තරා තනාපති කාර්යාලයකදී පැවැති උත්සවයකදී තමන්ට හා තම සහෝදරයින්ට එරෙහිව අදහස් පළ කර ඇතැයි ඔහු කීය.ආරක්ෂක අමාත්‍යංශයේ  බලධාරියෙකු ඉතා පි‍්‍රයකරන හමුදා සේනාංකයකින් බදවාගත් භටයින් සිටින විශේෂ ඒකකයකින් නීතිවිරෝධී කි‍්‍රයා වල නියැළී තිබෙන බවට ඇය තමාට හා තම සහෝදරයින්ට බොරු චෝදනා එල්ල කර ඇතැයි රාජපක්ෂ මහතා පැවසුවේය.මේ පිළිඹදව පසු අවස්ථාවක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායකයින් හමුවේ අදහස් පළ කළ හිටපු ජනපතිනිය ඒ චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළාය.

රාජපක්ෂ මහතා සමග දිගු කාලයක සිටම සබදතා පවත්වාගෙන සිටි හා විශේෂයෙන් ගෙවුණු සති කිහිපයේදී ජනපතිවරණ කටයුතු නිසා නිතරම ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත් රනිල් වික‍්‍රමසිංහ මහතා හෙන්රි කිසින්ගර් (රුසියාව හා චීනය සමග ඇමරිකාවේ සබදතා ඇති කරන්නට දායකවූ ඇමරිකා ජාතික දේශපාලඥයෙක්*කෙනෙකු  බවට පත්වූයේ මෙහිදීය.රාජපක්ෂ මහතා කලබලයකින් තොරව බලය අතහැරීමට සූදානම් නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායකයින් ඇතුලූ තමා රාජපක්ෂ මහතාටත්,ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් ආරක්ෂාව සලසන බව වික‍්‍රමංසිහ මහතා කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කැරිණ.ජනපති රාජපක්ෂ මහතාට මේ දක්වා සපයා  දී තිබූ ආරක්ෂාවද ගෝඨාභය රාජපක්ෂ මහතාට සපයා තිබූ ආරක්ෂාවද එළෙසම සැපයීමට තීරණය විය.මෙහිදී රාජපක්ෂ මහතා ජයික් හිල්ටන් හෝටලය අසල පිහිටි රජයේ සංචාරක නිකේතනයක් වන ඔක්ලන්ඞ් හවුස් තමාගේ නිල නිවස ලෙස භාවිතා කළ හැකිදැයි විමසීය.එය ව්‍යවස්ථානුකූල බවද පෙන්වා දුන් හෙතෙම ඔක්ලන්ඞ්  හවුස් තම ආරක්ෂාව සළසා ගැනීමටද වැදගත් බව කීය.එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් නිසාවෙන් තමා හට එල්ලවී තිබෙන ජීවිත තර්ජනය තවමත් පහව නැති බව ඔහු කීවේය.

සාකච්ඡාවට බදුන් වූ අනෙක් කරුණ වූයේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා  මහතාගේ ඉදිරි කි‍්‍රයාකලාපයයි.තමාට හෝ තමාගේ පවුලේ අයට හෝ තම සොහොයුරු ගෝඨාභයට හෝ ෆොන්සේකා මහතා කිසිදු අයුරකින් හිරිහැර නොකළ යුතුව ඇති බව  හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.හිටපු ජනපතිවරයා මෙවැන්නක් සදහන් කිරීමට  හේතුවවූයේ ෆොන්සේකා මහතා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ඇතිකරගෙන තිබෙන එකගතාවයට අනුව පහ කෙරුණු ඔහුගේ නිල තල යළි ලබාදීමටත්,ෆීල්ඞ් මාර්ෂල් ධූරය දක්වා උසස් කිරීමටත්,අඩුම තරමේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමටත් ආදී ලෙස එකතාවයන් ඇතිවී තිබෙන නිසාවෙන්ය.

මෙය දෛවයේ සරදමක් බදු විය.සිකුරාදා අලූයම් වේලාවේ අරලියගහ මන්දිරයේ සිදුවූ සාකච්ඡුා අවසානයේ කේන්ද්‍ර ගතවූයේ වරෙක ශී‍්‍රලංකා යුධහමුදාවේ නියමුවා  වූද,එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂම ලෝකයේ විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙස හදුන්වාදුන්ද සරත් ෆොන්සේකා මහතා වටාය.ෆොන්සේකා මහතා තම නිල තල වලින් බැහැරව කි‍්‍රයාකර ඇතැයි නැගුනු චෝදනා වලින් ඔහුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ මහින්ද - ගෝඨා දෙපළ ඔවුන් වරක් ආරක්ෂා කළ වරක් ප‍්‍රශංසා කළ අනෙක් වර සියලූ තරු පටි ගලවා සිරගත කළ මිනිසාගෙන් ආරක්ෂවීමට උදවු ඉල්ලූහ.වික‍්‍රමසිංහ මහතා ඔවුන්ව අස්වැසූ අතර සරත් ෆොන්සේකා මහතා පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව කි‍්‍රයානොකරන්නෙකු බවට සහතිකයක්ද දුන්නේය.තවත් කරුණක් මෙහදි මතුකළ රනිල් වික‍්‍රමංසිහ මහතා හිටපු ජනපතිවරයා පාප් වහන්සේට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළ තැනැත්තා වන නිසාද,ජනපතිවරයාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතෝලිකයෙකු වන නිසාද පාප්වහන්සේ එළැඹෙන අගහරුවාදා ලංකාවට පැමිණි විට උන්වහන්සේ පිළිගැනීමේ ගෞරවය මහින්ද රාපක්ෂ මහතාම භාරගත යුතුව ඇතැයි කීය.

මෙම හමුව පැවැත්වුනේ අරලිය ගහ  මන්දිරයට යාබදව තිබෙන සම්මන්ත‍්‍රණ ශාලාවේය.හමුව නිමවී පිටත්ව යෑමට වික‍්‍රමංසිහ මහතා තම මෝටර් රථයට නැගුණු විට ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි.මේ වන විට රාජපක්ෂ මහතාද සම්මන්ත‍්‍රණ ශාලාවෙන් පිටතට පැමිණ රනිල් වික‍්‍රමසිංහ මහතා පිටත්ව යනු බලා සිට අරලිය ගහ මැදුරේ ප‍්‍රධාන ගොඩනැගිල්ල වෙත ඇතුල් වෙමින් සිටියේය.තම ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම ලබාගත් රනිල් වික‍්‍රමසිංහ මහතා වහාම රාජපක්ෂ මහතාට අඩගැසීය.ඇමතුම ලැබී තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන්ය.වික‍්‍රමසිංහ මහතා තම දුරකථනය රාජපක්ෂ මහතාගේ අතට දුන්නේය.ඒ වන විට ඔක්ලන් හවුස් තම නිල නිවස ලෙස භාවිතා කිරීමට රාජපක්ෂ මහතා අවසරය ඉල්ලූ බව වික‍්‍රමසිංහ මහතා සිරිසේන මහතාට පවසා තිබුණි.රාජපක්ෂ මහතා හා යෙදුණු සංවාදයේදී නව ජනපතිවරයා එම අවසරය ලබා නොහැකි බවත් එම නිවස වෙනත් කටයුතු සදහා යෙදාගැනීමට සැළසුම් කර තිබෙන බවත් පැහැදිලි කර දුන්නේය.ඒ වෙනුවට කොළඹ අවටින් බංගලාවක් වෙන්කර දිය හැකි බව ඔහු කියා සිටියේය.

තම ඉල්ලීම් ලිඛිතව භාරදීමට රාජපක්ෂ මහතා තීරණය කළේය.ඉන් එකක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු නාවුක හමුදා රියදුරු භටයින් 11 දෙනාගේ සේවය තවදුරටත් ඔහුට ලබාදීමය.මෙම රියදුරන් සිකුරාදා උදැසනම බෞද්ධාලෝක මාවතේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණ සිටියහ.වෙබ් අඩවි වලින් හා පුවත් වලින් පැවසුණු පරිදි ගෝඨාභය මහතා රට හැරගොස් ඇතැයි ඔවුන් සිතා සිටියද ඔහු ඒ වන විටත් සිටියේ නිල නිවසේය.රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ආරක්ෂක ආමාත්‍යංශය වෙත යොමුකරනු ලැබිණ.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට නව ආරක්ෂක ලේකම්වරයෙකු නම් කෙරී නොතිබුණු නිසාවෙන් එම ලියමන  නම් නොමැතිව අමාත්‍යංශය වෙත එවා තිබුණි.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරයට මේ වන විට බී.එම්.යූ.ඞී.බස්නායක මහතා පත්ව සිටී.ඔහු පරිසර හා පුනර්ජනනීය ශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාය.

ලිපියට අත්සන් තබා තිබුණේ කර්නල් ආර්.එම් රණසිංහය.රාජපක්ෂ මහතා තම ආරක්ෂාවට සපයා සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අයත් භටයින් කිහිපදෙනා තම ආරක්ෂාව වෙනුවෙන් රදවාගෙන සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔහුට කොමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් ලබාදී තිබුණු භට කණ්ඩායමක් තබාගෙන සිටියේය.

සිකුරාදා දින පස්වරු 1.30 ට පමණ තම ගම් ප‍්‍රදේශය වන තංගල්ලට පිටත්ව යෑමට හෙලිකොප්ටර් 2 ක්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.වික‍්‍ර(මසිංහ මහතා වහාම ගුවන්හමුදාව අමතා රුසියාවේ නිශ්පාදිත එම්අයි 17 හෙලිකොප්ටර 2 ක් ඒ සදහා  සූදානම් කළේය.

සිකුරාදා පෙරවරු 6.30 ට පමණ අරලියගහ මන්දිරයේ මෙතෙක් කල් තමන්ට සේවය කළ සේවක සේවිකාවන්ට සමුදුන් හිටපු ජනපතිවරයා ඔවුන්ගේ කදුලූ මධ්‍යයේ තමන්ට ලබාදී තිබූ වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු වර්ගයේ රථයට නැගී කොටුවේ ජනාධිපති  මන්දිරය වෙත පැමිණියේය.ඒ වන විටත් එහි පැමිණ සිටි ඔහුගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සේවකයින්ගේ උදවු ඇතිව සිහිවටන කිහිපයක් නිවසට රැගෙන යෑම සදහා සූදානම් කරමින් සිටියේය.

පෙර අවස්ථාවද තම පුතණුවන් ඔහු නාවුක හමුදාවේ දරමින් සිටි ලූතිනන් ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර රාජපක්ෂ මහතා ගෙන තිබුණි.බඩු ඇසිරිමේ නිරතව සිටි කාර්යමණ්ඩලය ඉදිරියේ වාඩිවී ඔවුන් දෙස බලාගෙන සිටි හිටපු ජනපතිවරයා හමුවන්න අමුත්තෝ කිහිපදෙනෙක්ම පැමිණියහ.බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග,ලක්ෂ්මන් හුලූගල්ල,ක්ෂෙනුකා සෙනෙවිරත්න,මජින්ත ජයසිංහ,ගාමිණී සෙනරත්,බන්දුල පද්මකුමාර,උඩුවේ ධම්මාලෝක හිමි ආදීහු ඔවුන් අතර විය.මෛතී‍්‍රපාල  සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ කරුණාරත්න පරණවිතාන ඇතුලූ පිරිස තවදුරටත් තමන්ට ලේක්හවුසියේ සභාපති ධූරය දන්නට ඉඩ දෙන්නට කැමැත්ත පළ කර ඇති බව පද්මකුමාර මහතා මෙහිදී හෙළි කළේය.නමුත් ඔහු සිකුරාදා දිනයේදීම ඉල්ලා අස්විය.කරුණාරත්න පරණවිතාන ඔහුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදීමේ කැමැත්තෙන් පසුවූ බවද වාර්තා වේ.මෙහිදී තමා බැලීමට ආ අමුත්තෙකුට මුස්ලිම් හා දෙමළ ඡුන්ද නිසා තමා පරාජය වූ බව රාජපක්ෂ මහතා කීවේය.මුස්ලිම් ජනතාවගෙන් බහුතරය තමන්ට එරෙහිවී තිබෙන බව ඔහු පැවසුවේය.

සාකච්ඡාව සිදුකෙරීගෙන යන අතරතුරදී ඔහු තවත් පැනයක්  නැගීය.මොකද හිතන්නේ මම පාර්ලිමෙන්තුවට ආවනන්? ඒ ගෑණි නැත්තන් පක්ෂෙ අල්ල ගනී නේද?

ඔහු ඒ සදහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය

ගැනය.ඇය නැවත පැමිණ තම නායකත්වය යටතේ තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලාගනී යැයි ඔහු බියපත් විය.මෙයද දෛවයේ සරදමක් වැනිය.රාජපක්ෂ හා කුමාරතුංග අතර ඇති ගැටුම ඔහු ජනාධිපති බවට පත්වීමට පෙර සිටම ඇතිවූවකි.දෙපාර්ශවය අතර නොයෙක් වර වාද විවාද ඇති විය.බලයට පත්වූ පසු රාජපක්ෂ ජනපතිවරයාගේ ආධාරකරුවන් පළමුවෙන්ම කළේ රටේ නායකයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුද වේ නම් ඔහු හෝ ඇය පක්ෂයේ නායකයාද වන බව  සදහන් කෙටුම්පත‍්‍රයක් සම්මත කර ගැනීමය.මේ සමග එතෙක් නිදහස් පක්ෂයේ නායිකාව ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට තම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය.එම කෙටුම්පත‍්‍රයටම අනුව දැන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ නායකත්වය හිමිය.ඔහු එය ලබා නොගත්තද දැන් නිදහස් පාක්ෂිකයින් එක්වෙමින් සිටින්නේ චන්ද්‍රිකා - මෛතී‍්‍ර සුසංයෝගය වටාය.ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වීමට බලාසිටින අපේක්ෂකයින්ද මොවුන් දෙදෙන වටා එක්රැුස් වනු ඇත.මෙය රාජපක්ෂ මහතාට එල්ල වන බලවත් පහරකි.ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවූවා පමණක් නොව ඔහුගේම තීරණයක් මත සම්මත කරගත් කෙටුම්පත‍්‍රයක් නිසාවෙන්තම පක්ෂයෙන්ම කොන්වී යෑමට ඔහුට සිදුවන බවක් පෙනේ.රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑම අතිශයින් හැගුම්බර අවස්ථාවක් විය.හමුදා භටයින් ඔහු ඉදිරියට පැමිණ ආචාරය පුද කර සිටියේය.ඇතැමුන්ගේ කම්මුල් රූරා කදුලූ ගලායමින් තිබුණි.නුරුස්සනා ස්වභාවයකින් සිටි හිටපු ජනාධිපතිවරයා නැවත වරක් සිරිසේන මහතා ජයග‍්‍රහණය කළේ මුස්ලිම් ඡුන්ද නිසා බව අසල සිටියෙකු හා පැවසීය.කොළඹ ඇතුලූ වෙනත් ප‍්‍රදේශ වල මුස්ලිම් ජනතාව සියලූදෙනා ඔහුට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කර ඇති බව ලැබී තිබෙන ප‍්‍රතිඵල වලින් පැහැදිලි වන බව ඔහු නැවතත් කීවේය.එසේ කියා යටි තොල සපාගත් ඔහු මද වේලාවක් සිවිලිම දෙස බලා සිටි බව එතැන සිටියෙක් පවසන්නේය.පිටත්වීමට ප‍්‍රථමයෙන් ඔහු ජනාධිපති මන්දිරයේ තැන් තැන්හි ඇවදිමින් කාලය ගත කළ බවද,මන්දිරයේ තිබූ කුරුලූ කූඩුවක් ළග නැවතී එදෙස බලා සිටි බවද එම පුද්ගලයා කියන්නේය.කිසිවෙකුත් හිටපු ජනපතිවරයා කුමක් සිතන්නේදැයි දැන සිටියේ නැත.අවසානයේ තම බී.එම්.ඩබ්ලියු රථයට නැගුණු ඔහු පාර්ලිමෙන්තු ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ රජයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සහභාගීව සිටි හමුවක් බලා පිටත්ව

ගියේය.ජනාධිපති මන්දිරයට යාර කිහිපයක් ඔබ්බෙන් සේවකයින් ාලූමුවදොර පිටියේ පැවැත්වෙන පාප්වහන්සේගේ දේව මෙහෙය සදහා කටයුතු සූදානම් කිරීම අවසන් කරමින් සිටියේය.පෙබරවාරි 4 වැනිදා නිදහස් උළෙල සැමරීමට රාජපක්ෂ මහතා උපන් වීරකැටියෙකටයුතු සංවිධානය කෙරෙමින් පැවතුනේය.නිදහස් දින උත්සවය  පැවැත්වෙන ස්ථානය වෙනස්වීමට දැන් බොහෝ දුරට ඉඩ ඇත.

නොසිතූ පරිදි අත්වූ පරාජයෙනුත්,ඔහුගේ දේශපාලන අනාගතයේ ඇති අස්ථීරභාවයත්  හමුවේ ඔහු කම්පනයට පත්ව සිටිනු පාර්ලිමෙන්තු කණ්ඩායම හමුවේ රාජපක්ෂ මහතා කළ කතාවේදී හොදින්ම පෙනී ගියේය.එහිදී ඔහු ලියැවිල්ලක් සම්මත කරගෙන  පාර්ලිමෙන්තු කණ්ඩායමේ සාමාජිකයෝ එක්ව සිටිය යුතු බවටත් ඉදිරි දේශපාලන කටයුතු වලදී නොසැළී කි‍්‍රයාකළ යුතුව ඇති බවටත් සහතික කරවා ගත්තේය.මෙම හමුවට සහභාගීව සිටි නම සදහන් කිරීමට අකමැතිවූ හිටපු ඇමතිවරයෙකු පවසා සිටියේ  රාජපක්ෂ මහතාට පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ නියැළීමට අවශ්‍යවූ නිසා මෙසේ ලියැවිල්ලක් සම්මත කරගත් බවයි.පක්ෂයේ මහලේකම්  සුසිල් පේ‍්‍රමජයන්ත මෙම හමුවට සහභාගීව නොසිටි අතර එසේවුවත් මැතිවරණ කාර්යාලයේදී පැවැති හමුවේදී ඔහු රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ඊට සහභාගී  විය.හමුව අවසානයේ ඔහු නව නපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද හමුවී සාකච්ඡුා  කළේය.දෙදෙන නැවත වරක් හමුවිය යුතුව ඇති බව මෙහිදී සදහන් විය.මේ කටයුතු අවසාන වෙද්දී ජනපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් රැගත් හෙලිකොප්ටර  යානා 2 තංගල්ල බලා පියාසර කරමින් තිබුණේය.

කොළඹ සිරිසේන මහතාට ගැටලූවක් පැන නැගී තිබුණි.ඔහු රාජපක්ෂ රජයේ සිටි සියලූ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලා තිබුණි.ඒ අලූත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටය.අගමැති දී.මු ජයරත්න මහතා මුලින් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමේ  කැමැත්තෙන් සිටියද පසුව ඔහුගේ අදහස වෙනස් කර තිබුණි.ඔහු තම හිතවතුන්ට පවසා තිබුණේ සිරිසේනට අවශ්‍ය නම් ඔහුව අගමැති ධූරයෙන් නෙරපා හැරිය හැකි බවයි.සිරිසේන මහතා කළේද මෙයයි.නීති උපදෙස් ලබාගත් සිරිසෙන මහතා ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරී ඇති බලතල අනුව ජයරත්න මහතා අගමැති ධූරයෙන්  පහකර ඇති බව සදහන් කර ලිපියක් යැවීය.මෙයත් සමග සිරිසේන මහතාට පොදු විපක්ෂයේ ඇතිවූ එකගතාවයට අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා නව අගමැති ලෙස පත්කිරීමට මාර්ගය පෑදීය.

මේ අතර වික‍්‍රමසිංහ මහතාගේ නීතිඥයෝ නව ජනපති ලෙස සිරිසේන මහතාගේ දිව්රුම් දීමේ කටයුතු සදහා විනිසුරු කේ.සිරිපවන්ට ආරාධනා කර තිබුණි.නිදහස් චතුරස‍්‍රයේ සංවිධානය කර තිබූ උත්සවය ආරම්භ වීමට නියමිතව තිබුණේ පස්වරු 6.21 ටය.ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයාට තම දිව්රුම්දීම ඔනෑම විනිසුරුවරයෙකු ඉදිරියේ කළ හැකිය.එම විනිසුරුවරයා අගවිනිසුරු වීම අත්‍යාවශ්‍ය නොවේ.

දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරවරයා ලෙස සිරිපවන් මහතාව හදුන්වාදී තිබුණි.වත්මන් අගවිනිසුරු වන මොහාන් පිරීස්මහතාට උත්සවයේ තැනක්  නොතිබුණි.දිවයිනේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස රාජපක්ෂ  රජයේ යටතේ පත්වුනු ඔහුට පෙර සිටි 43 වැනි ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරුවරිය අත්තනෝමතික ලෙස බලයෙන් පහ කෙරුණි.දිව්රුම් දීම අවසානයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා වහාම රනිල් වික‍්‍රමංසිහ මහතාව රටේ අගමැතිවරයා ලෙසද දිව්රුම් දුන්නේය.

දිව්රුම් දීම අවසානවූ වහාම සිරිසේන හා වික‍්‍රමසිංහ දෙපළ ප‍්‍රජානත්ත‍්‍රවාදී පෙරමුණේ අනෙකුත් නායකයින්ද සමග කැබිනට් මණ්ඩලයේ පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ඇරැඹිය.

කැබිනට් මණ්ඩලයේ කටයුතු එළැඹෙන සතියේදී ආරම්භ වීමට නියමිතය.අද (11) දිනයේදී දෙපළ මහනුවර බලා ගොස් දළදා මාළිගාව වැද පුදා ගනු ඇත.මහානායක ස්වාමිීන් වහන්සේලාද හමුව සාකච්ඡා  පැවැත්විමෙන් පසු සිරිසේන මහතා ප‍්‍රථම වතාවට ජාතිය අමතනු ඇත.බ‍්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡුන්දය පැවැත්වීමට සතියකට ඉහතදී පාලන කටයුතු සදහා හමුදා මැදිහත්වීමක් සිදුවීමට යන බව පැවසුණු පුවත් පොදු විපක්ෂයේ නායකයින් කලබලයට පත්කිරීමට සමත්වූවක් විය.රනිල් වික‍්‍රමසිංහ මහතා පෞද්ගලිකවම හමුදාපති දයා  රත්නායක මහතා අමතා එවැන්නක් සිදුනොවීමට පියවර ගන්නා ලෙස  ඉල්ලීය.ඔහු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාද ඇමතීය.එන්.කේ ඉලංගකෝන්  මහතා ඇතුලූ සමස්ථ පොලිසිය මේ ජනාධිපතිවරණයේදී ඉතාම ප‍්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළේය.නීතිය හා සාමය පිළිඹද අමාත්‍යංශයේ නව ලේකම් ලෙස  ජනාධිපතිවරණ දිනයේදීම පත්කෙරුණු හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගෙන්  එල්ලවූ පීඩනය මැද වුවද ඔහු සාධාරණව කටයුතු කළ ආකාරය පැසසුමට ලක්විය යුත්තකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලේකම් ශියාමලා පෙරේරා මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපි පෙළක්ම යවමින් සදහන් කළේ විශ‍්‍රාම ගිය ආරක්ෂක අංශ නායකයින්ද හවුල් කරගෙන  යාබද ඇති හමුදා කදවුරු වලින් භටයින්ද ගෙන්වාගෙන ඡන්ද විමසීමේ කටයුතු වලට බාධා එල්ල කිරීමේ වෑයමක් පවතින බවයි.ජනවාරි මස 7 වැනිදා යැවූ ලිපියකින්  තොප්පූර්,කින්නියා,වෙරුගල්,හා මුතූර් වැනි ප‍්‍රදේශවල මෙවැනි තත්ත්වයක් උද්ගතවනු ඇති බව නිසැකවම තහවුරු කෙරෙන තොරතුරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙත ලැබී ඇතැයි ඇය එම ලිපිවල සදහන් කර තිබුණාය.

ජනවාරි මස 5 වැනිදා දින සටහන්ව තිබූ ලිපියක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලේකම්වරිය යාපනය අරධද්වීපයේ ඡුන්ද මධ්‍යස්ථාන 14 ක කටයුතු අඩපණ කිරීමේ උත්සාහයක් ඇති බව සනාථ කෙරෙන තොරතුරු තම පක්ෂය වෙත ලැබී ඇතැයි සදහන් කර තිබුණාය.මේ සම්බන්ධයෙන් පොලිස්පති දැනුම්වත්කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කටයුතු කළ අතර ඒ අනුව උතුරේ පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර මහතාට එවැනි තත්ත්වයක් උද්ගතවුවහොත් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයා උපදෙස් දුනි.මේ හා සමානවම මුලතිව් හා කිළිනොච්චි දිස්ති‍්‍රක්ක වල බළධාරීන් දැනුම්වත් කිරීමද සිදුවිය.

නමුත් කලබලකාරී තත්ත්වයක් පැනනැගුනේ ඡන්ද විමසීම පැවැත්වෙන අතරතුරදීම ඒ ආසන්න ප‍්‍රදේශවලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමත් සමගය.සාමාන්‍යයෙන් ඡුන්ද විමසීම් අවසානයේ ඒ ආසන්න වීදි වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.එයද සිදුවන්නේ පොලිස්පතිවරයාගේ අනුදැනුම මත මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීම පරිදිය.

නමුත් අනිසි පරිදි බලතල භාවිතා කරමින් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ඒ ඒ දිස්ති‍්‍රක්ක වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට ගෙන තිබූ තීරණය මැතිවරණ කොමසාරිස්වරයා මහත් උදහසට ලක් කෙරූවක් විය.ජනරාල් ජගත් ජයසූරියගේ අත්සනින් යුතුවූ එය පොලිස්පතිවරයාගේ අනුදැනුමකින් තොරන නිකුත් කළ බවක් කියැවුනි.මෙයින් බලාපොරාත්තු වූයේ ඡන්ද දායකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකිරීම බව පැහැදිලිය.නමුත් පසුව හමුදා ප‍්‍රකාශයකයේ මෙම තීරණය සාධාරණීකරණය කරමින් සදහන් කළේ ඇතැම් ප‍්‍රදේශ වලට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුනු බවයි.නමුත් ගැටලූව නැගෙන්නේ එසේ භටයින් අනුයුක්ත කිරීමක් සිදුවන්නේ ඡන්ද විමසීම සිදුවන දිනයේ හා ඊට පෙර දිනයේ වීම නිසාය.

මැතිවරණ කොමසාරිස් දේශපි‍්‍රය මහතා ඡන්ද විමසීම අවසාන වීමට මත්තෙන් ආරක්ෂක අංශ අනුයුක්ත කිරීම කිසිසේත් නොකළ යුතුව ඇතැයි අවධාරණය කළේය.එතැනින් නොනැවතුණු හෙතෙම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි පරිදි එම ස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාව සැළසීමට පියවරද ගත්තේය.දේශපි‍්‍රය මහතාගේ හා ඔහුගේ කණ්ඩායමේ හැසිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් බලකණු වල ඇහේ කටු අනින්නාක්ම වැනි විය.නමුත් දේශපි‍්‍රය මහතාගේ කාර්යභාරය අගය කළ පුද්ගලයෝද විය.ආරක්ෂක අංශයේ ඉහළ තනතුරු දැරූවන්ද ඔවුන් අතර විය.ඔවුන්ගේ සහයත්,දේශපි‍්‍රය මහතාගේ කෙලින් වැඩ කිරීමේ පිළිවෙතත් නිසා ඡුන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කර සිටි පොලිස් නිළධාරීහු තම රාජකාරිය අකුරටම ඉටු කළහ.නමුත් පොලිසියේද පක්ෂග‍්‍රාහී පුද්ගලයෝ සිටි බව සත්‍යය.නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා පොලිසියට පැන පොලිසියේ රදවා සිටි තම සහචරයින් දෙදෙනෙකු බලහත්කාරයෙන් රැගෙන ගියේය.විපක්ෂයේ වේදිකාවක් ගිනි තැබීයැයි ඔවුනට චෝදනා නැගී තිබුණි.ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබියදී පවා ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.මෙලෙසම තවත් නියෝජ්‍ය අමාත්‍යවරෙයකු වන පේ‍්‍රමලාල් ජයසේකර කහවත්තේ විපක්ෂ දේශපාලන රැළියකට සහභාගීව සිටි පිරිසකට වෙඩි තැබීය.ඔහුව අත්අඩංගුවට ගැනීමද මගහරිමින් සිටි පොලිසිය අවසන පසුගියදා ඔහුව තම භාරයට ගත්තේය.

නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තමන්ට අනිසි නියෝගයන් දුන් බව ඇතැම් පොලිස් නිළධාරීහු පවසන දෙයකි.

මේ අතර ජනපති ජනහමුව මැයෙන් සජීව දේශපාලන ප‍්‍රචාරණ වැඩසටහනක් ඡන්ද ප‍්‍රචාරණ කටයුතු අවසානවූ ජනවාරි මස 5 වැනිදා රාතී‍්‍ර 10 සිට විකාශය කිරීමට රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය කටයුතු සූදානම් කර තිබිණ.සෑම රූපවාහිනී නාළිකාවකම අදාළ ගුවන්වේලාව වෙන්කරගන්නට ඔවුන් කටයුතු කර තිබුණේ විපක්ෂයට කිසිදු ආකාරයට මැදිහත්වීමක් කිරීමට නොහැකි වන අයුරින්ය.ජනාධිපතිවරයා,රජයේ අමාත්‍යවරු,රජයේ නිළධාරීහු ජනතාව හා ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහනක යෙදෙමින් ජනමතය වෙනස් කිරීම මෙම වැඩසටහනේ සැළසුම වී තිබුණි.2010 වසරේදීද මෙවැනිම වැඩසටහනක් රජය දියත් කළ අතර එවකදී විපක්ෂය සිටියේ කිසිවක්ම කරකියා ගත නොහැකි තත්ත්වයකය.

 

එදින උදැසනම ජනාධිපති උපදේශයකයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කමිටු  සාමාජිකයෙකුද වන රොනල්ඞ් පෙරේරා කඩුවෙල දිස්ති‍්‍රක් විනිසුරු වසන්ත ජිනදාස මහතා හමුවට ගොස් මෙම වැඩසටහන විකාශනය වීම වළක්වන වාරණ නියෝගයක්  ලබාගත්තේය.එම නියෝගය රජයේ ප‍්‍රධාන මාධ්‍ය ආයතන වෙත භාරදීමට ගෙන ගියද ඒවායේ ප‍්‍රධාන දොරටු වසා තිබීම නිසා නියෝගය ෆැක්ස් කරනු ලැබිණ.විනිසුරු  ජිනදාස මිට සති දෙකකට පමණ පෙර නීතිඥ සංගමයේ ප‍්‍රධානි ලෙස නිතරගයෙන් පත්වූවෙකි.නියෝගයට අනුව දේශපාලනික මුහුණුවරක් කිසිදු වැඩසටහනක් හෝ විකාශනය කිරීම තහනම් විය.නියෝගයට එවැනි වගන්තියක් අන්තර්ගත වීමට  හේතුවූයේ ජනාධිපතිවරයා ඡන්ද ප‍්‍රකාශනය කටයුතු නිමවී ඡන්දය ප‍්‍රකාශය කෙරෙන තෙක් ගතවීමට තිබෙන පැය 48 කාලයේදී එක් අවස්ථාවක ජනතාව අමතමින්  සිදුකෙරෙන විශේෂ වැඩසටහනක් විකාශනය කිරීමට සැළසුම් කර ඇතැයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා කර තිබූ දැනුම්දීමක් අනුවය.එහි ප‍්‍රධාන වීඩියෝ පටය හිමිව තිබූ  දෙරණ හා ස්වර්ණවාහිනී රූපවාහිනී නාළිකාවලට එය අනෙක් රූපවාහිනී නාළිකා වෙත ලබාදීමද තහනම් කෙරුණි.විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාටත් සම ගුවන්කාලයක් ලබානොදීම මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබෙන නීති උල්ලංඝණයක් කිරීමක් යන මතයේ විනිසුරු ජිනදාස මහතා සිටියේය.

රාජපක්ෂ මහතාගේ උපදේශකයෝ ඔවුන්ගේ උත්සාහය අත් හැරියේ නැත.ඔවුන් මෙම නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා අලූත්කඬේ මහාධිකරණයට ගියේය.ලියෝන්  සෙනෙවිරත්න හා රුවන් ප‍්‍රනාන්දු යන විනිසුරුවරුන් දෙපළ යටතේ එය විභාගයට ගැනුනු අවස්ථාවේ රොනල්ඞ් පෙරේරා මහතා සදහන් කළේ මෙම ගැටලූව නිරාකණය කර ගත යුතුව ඇත්තේ නියෝගය ලබාදුන් අධිකරණයේදීම බවය.එය පිළිගත් විනිසුරු දෙපළ රාජපක්ෂ මහතාගේ උපදේශකයින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම ඉවත දැමූහ.මේ  අතර විනිසුරු ජිනදාස මහතාට දුරකථන ඇමතුම් එක පිට එක ලැබෙන්නට පටන්ගෙන තිබුණි.ඉන් එක් ඇමතුමක අනෙක් කෙළවරේ සිටි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකු ඔහුට උපදෙස් දී තිබුණේ නඩුව රාජපක්ෂ පාර්ෂවයට වාසි සහගත වන පරිදි පසිදලන  ලෙසය.

හදිසියේවත් කඩුවෙල විනිසුරු ලබාදෙන තීන්දුව අයුක්ති සහගත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය පැතීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදනම්ව සිටියේය.ශ්‍රේෂ්ඨාධිකරණයද ඔවුන්ට සහතික කර තිබුණේ තීන්දුව පිළිගත නොහැකි  නම් ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමෙට කිසිදු අවහිරයක් නැතිය කියාය.නමුත් විනිසුරු ජිනදාස නඩු විභාගය කැදවීම අද දිනට (12)  ට කල්දැමිය.දැන් එම නඩු විභාගයේ වැදගත්ම තිබෙනු ඇත්තේ නීති ක්ෂේත‍්‍රය ගැන උනන්දුව ඇත්තෙකුට පමණි.රාජපක්ෂ කදවුර රටේ පාවෙන ඡුන්ද දිනාගැනීමට දියත් කළ තවත් මෙහෙයුමක් නිශ්ඵලව ගියේ මෙලෙසය.

ප‍්‍රකාශිත ඡුන්ද ආශ‍්‍රයෙන් කෙරන විශලේශනාත්මක අධ්‍යනයකදී ජනපතිවරණයේ ප‍්‍රධාන  අපේක්ෂකයින් දෙදෙනා හට ඡන්ද ප‍්‍රකාශ වී ඇති අන්දම වටහා ගත හැකිය.එවන් විශ්ලේෂණයකින් පැහැදිලිවම පෙනෙන්නේ සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයට හේතුවී  ඇත්තේ බහුතර දෙමළ හා මුස්ලිම් ඡන්ද ප‍්‍රමාණයක් ඔහුට ලැබීම බවය.රාජපක්ෂට අනුව නම් සිරිසේන මහතාට වැඩියෙන්ම ලැබී තිබෙන්නේ මුස්ලිම් ඡුන්දය.මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ජනතාවගේ සහය අහිමිවීමට පසුගිය වසරේ ජූනි මස අලූත්ගම දර්ගා  නගරය,බේරුවල, හා අවට ප‍්‍රදේශයන්හි උද්ගතවූ තත්ත්වයන් ප‍්‍රධාන වශයෙන්ම  හේතුවුනි.දකුණ,නැගෙනහිර පළාත් වල මෙන්ම කොළඹ දිස්ති‍්‍රක්කයේත් මුස්ලිම් ඡුන්ද බහුතරයක් සිරිසේනමහතා වෙත ලැබී ඇත්තේ මේ නිසාය.නමුත් සිංහල බහුතරය  වෙසෙන ප‍්‍රදේශවල සහය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇතත් ඒ සියල්ලකගේම පාහේ සිරිසේන මහතා සිටින්නේ තම ප‍්‍රතිවාදියාට වඩා ඡන්ද සුළු ගණනක්  පිටුපසිනි.එය ඔහුට සිංහල ජනතාවගේද කැමැත්ත හිමිව තිබෙන බව පැහැදිලිව පෙන්වා  දෙන්නකි.ඡුන්ද විමසුම පැවැත්වුනු දිනයේදී සියයට 81.52 ක් තරම් ඉහළ ප‍්‍රතිශතයකින් ඡුන්දය භාවිතාවීම සිදුව තිබුණි.ඡුන්ද බල ප‍්‍රදේශ 160 කින් 90 කගේම බලය තහවුරු කරගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබුණු අතර දිස්ති‍්‍රක්ක 22 න් 10 කම බහුතර කැමැත්ත ඔහුට විය.නමුත් ජයග‍්‍රහණය සදහා නියමිත බහුතර ඡුන්ද ප‍්‍රමාණය දිනාගැනීමට ඔහුට නොහැකි විය.සිරිසේන මහතා ඡුන්ද බල ප‍්‍රදේශ 70 ක බලය දිනාගනිමින් දිස්ති‍්‍රක්ක 12 ක බලය තහවුරු කරගත්තේය.රාජපක්ෂ මහතාට වඩා ඔහු ලද ජය සුලූ වුවත් ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවශ්‍ය බහුතර ජනතා කැමැත්ත ඔහු  කෙරේ විය.ප‍්‍රකාශිත මුුලූ ඡුන්ද වලින් සියයට 51.28 ක ප‍්‍රතිශතයක් එනම් ඡන්ද ලක්ෂ 62 කට ආසන්න ප‍්‍රමාණයක් ලබාගැනීමට ඔහු සමත්වූ අතර ප‍්‍රතිවාදියා වූ රාජපක්ෂ මහතාට දිනාගැනීමට හැකිවූයේ සියයට 47.58 ක ඡන්ද ප‍්‍රතිශතයක් හෙවත් ඡන්ද ලක්ෂ 57 කට ආසන්න ප‍්‍රමාණයකි.

වැඩි ඡන්ද 449072 ක් එනම් තම ප‍්‍රතිවාදියාට වඩා සියයට 3.7 ක් වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් ලැබූ සිරිසේන මහතා අවසානයේ ජයග‍්‍රහණය කළේය.

සිංහල බහුතරයක් වෙසෙන කලූතර,මාතලේ,කුරුණෑගල,රත්නපුරකෑගල්ල,ගාල්ල,මාතර,හම්බන්තොට යන ප‍්‍රදේශ වල බලය තහවුරු කර ගැනීමට හිටපු ජනපතිවරයා සමත්වුවත් 2010 ජනාධිපතිවරණයේදී ඔහු මහත් ඉහළින් ජයග‍්‍රහණය කළ කුරුණෑගල වැනි දිස්ති‍්‍රක්කයන්ගේ ඔහු සතුව  තිබූ ඡන්ද පදනම දැඩිව සෝදා පාලූව ගොස් තිබුණි.

මේ සියල්ල සැළකූ විට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය තහවුරු කරගෙන ඇත්තේ කොළඹ,වන්නි,යාපනය,ති‍්‍රකුණාමලය,දිගාමඩුල්ල,බදුල්ල,පුත්තලම,මඩකළපුව හා නුවරඑළිය වැනි දෙමළ හෝ මුස්ලිම් ජාතිකයින් බහුතරය වෙසෙන ප‍්‍රදේශ වල හා  සිංහල,මුස්ලිම්,දෙමළ යන ජාතීන් 3 නම වෙසෙන ප‍්‍රදේශ වලය.ඊට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඔහු ඉතා තියුණු ජයක් ලැබූ අතර අපේක්ෂා කළ පරිදිම ඔහු උපන් ප‍්‍රදේශය වන පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ අති බහුතර කැමැත්ත ඔහුට විය.

සිරිසේන මහතාගේ බල ප‍්‍රදේශය වන පොළොන්නරුවේ සියයට 80 ක පමණ ජනතාවක් ඡන්දය ප‍්‍රකාශ කර තිබුණි.2010 වසරේදීද මෙලෙසම පොළොන්නරුවෙන් ඉහළ ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තාවූ අතර එවර එම ඡුන්ද වලින් සියයට 65 ක්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්පත් කරගත්තේය.ඔහුගේ එවක ප‍්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා  මහතාට හිමිවූයේ ඡන්ද සියයට 33.6 ක ප‍්‍රතිශතයකි.මෙවර තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරවී තිබෙන අතර මෛති‍්‍රීපාල සිරිසෙන මහතා ප‍්‍රකාශිත ඡුන්ද සියයට 80 න්  සියයට 62.8 ක් හිමිකරගනිද්දී මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ ඡන්ද සියයට 36.1 ක ප‍්‍රමාණයකි.

යාපනය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය සියයට 66.28 ක් වෙද්දී ඉන් සියයට 70 කට ආසන්න ඉහළ ඡන්ද ප‍්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ මෛතී‍්‍රපාල සිරිසේන  මහතාය.මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබෙන්නේ සියයට 21.85 ක ඡන්ද ප‍්‍රතිශතයකි.

වන්නි දිස්ති‍්‍රක්කයේද සියයට 78 ක ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමත්ව තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ සියයට 19 ක ඡන්ද ප‍්‍රතිශතයකි.දෙමළ ජාතික සන්ධානය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය දැක්වීමේ ප‍්‍රතිඵලය මෙයින් හොදින් පෙනේ.මෛතී‍්‍රපාල සිරිසේන  මහතාට සහය පළ කළ ඔවුන්ගේ දේශපාලන ප‍්‍රචාරණ තේමා පාඨය වූයේ මහින්ද ඔබට කළ දෙයක් නැත,එනිදා මෛතී‍්‍රට ඡන්දය දී බැලූවොත් නරකද යන්නය.

නැගෙනහිර පළාත සැළකීමේදී මඩකළපුව දිස්ති‍්‍රක්කයෙන් සිරිසේන මහතාට ඡන්ද 209422 ක අතිබහුරතයක් ලැබෙද්දී මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ

ඡන්ද 4100 කි.කල්කුඩා ඡන්ද බල ප‍්‍රදේශයේ ප‍්‍රකාශිත මුලූ ඡන්ද වලින් සියයට 83 ක් ම හිමිව ඇත්තේ සිරිසේන මහතාටය.ති‍්‍රකුණාමලයේද ජය ඔහු හිමිකරගෙන ඇත්තේ සියයට 71 ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගෙනය.මහින්ද රාජපක්ෂ මහතාට ති‍්‍රකුණාමලයෙන් ලැබී ඇත්තේ සියයට 26 ක් වැනි ඡන්ද ප‍්‍රතිශතයකි.

නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ මෙන්ම මුස්ලිම් ජනතාවගේද වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමත්ව ඇත.විශේෂයෙන් අම්පාර දිස්ති‍්‍රක්කය සැළකීමේදී සියයට 81 ක් කල්මුණෙන්ද,සියයට 84 ක් සමන්තුරේ ප‍්‍රදේශයෙන්ද,සියයට 77 ක් පොතුවිල් ප‍්‍රදේශයෙන්ද ඔහු ලබාගෙන ඇත.එසේවුවත් අම්පාර දිස්ති‍්‍රක්කයේ අම්පාර මැතිවරණ කොට්ඨාශයේ ජය හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාටය.

සිරිසේන මහතා ලැබූ බහුතර ජනතා කැමැත්ත නුවරඑළිය මස්කෙළිය මැතිවරණ කොට්ඨාශයෙන් ලද ඡන්ද 127000 න් තවත් සවිමත් විය.පී.දිගම්බරන් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමත් නවීන් දිසානායක සන්ධානය අතහැර පොදු විපක්ෂය හා එක්වීමත් මෙසේ විශාල ප‍්‍රමාණයකින් සිරිසේන මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාමට හේතුව ලෙස දැක්විය හැකිය.මෙම ප‍්‍රදේශයේ රජයේ නියෝජනය හිමිව ඇත්තේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් හටය.නමුත් වතුකරයේ ජනතාව මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඡන්දය ප‍්‍රකාශ කිරීමට පෙර කී මන්තී‍්‍රවරුන් දෙදෙනා හැරෙන්නට වෙනත් හේතුවක්ද ඇත.රජය ඔවුන්ට පොරොන්දුවූ පරිදි පිටි සළාකයක් ලබා නොදීමද වතුකරයේ ජනතාව මෙසේ රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට ප‍්‍රධාන හේතුවක් බව එම ප‍්‍රදේශයේ සිටින වෘත්තිය සමිති කි‍්‍රයාධරයෙක් සදහන් කරයි.

පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැත්වුනු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ අවසන් ප‍්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ තමන්ගේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් නීතියේ යහපැවැත්ම පවත්වාගැනීමටත් බිය සැක නොමැතිව නිදහස් ශී‍්‍ර ලංකාවක දිවි ගෙවීමටත් බහුරයක් ශී‍්‍ර ලංකා ජාතිකයින් කැමැති බවයි.සිරිසේන මහතාට පළවූ ඡන්ද වලින් එවන් ජනතාව ඔවුන්ගේ දුක කරළියට ගෙනවිත් පෙන්වා තිබෙන බව පැහැදිලිය.මෙය සියලූ දේශපාලඥයින්ට මෙන්ම රජයේ බළධරයින්ටද හොද පාඩමක් කියාදෙන්නකි.කවරෙකුට හෝ නීතිය තමන් අතට ගත හැක්කේ කෙටි කාලයකට පමණි.නීතිය දිගින් දිගටම තමන් සන්තකයේම තබාගැනීමට කිසිවෙකුට හැකියාවක් නැතය.

http://www.lankadeepa.lk/index.php/articles/289128


Login Form