Friday, April 19, 2024
   
Text Size

මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම

User Rating: / 1
PoorBest 

අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කළේය.


ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.


ජනවාරි 16,17,18 දිනයන්හිදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය. ඒ වන තෙක් අභියාචනාධිකරණයේ නඩු විභාගය තාවකාලිකව තහනම් කැරිණි.

 

http://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%E0%B6%B8/101-542217

Login Form