Wednesday, April 24, 2024
   
Text Size

'ජාතිවාදය පතුරවන' මාධ්‍යය ආයතනවලට අගමැතිගෙන් අනතුරු හැඟවීමක්

User Rating: / 0
PoorBest 

 

  • 13 පෙබරවාරි 2016
Image copyrightGettyImage caption''අහනවා ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළාද?, මේ ගැන සමාව ගන්නවද නැද්ද කියලා අහනවා. ඉන් අනතුරුව ඉදිරිය සම්බන්ධයෙන් තීරණය කරනවා. රාජපක්ෂ පාලනය කාලේ වගේ මිනිස්සුන්ට බැන්න කාලේ ඉවරයි. දැන් ටිකක් හැදෙන්න, වගකීමක් ඇතුව වැඩ කරන්න''

රජයේ විකාශන බලපත්‍ර භාවිත කරමින් ජාති ආගම්වලට සහ සමාජයේ විවිධ ජන කොටස්වලට අපහාසයට ලක් කරන විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා බදුල්ලේ පැවති මාධ්‍යය හමුවක් අමතමින් ඒ බව කියා සිටියේ ජාතික දිනය වෙනුවෙන් පැවති සංස්කෘතික උළෙලේදී ඔපෙරා තාලයට 'දන්නෝ බුදුන්ගේ' ගීතය ගැයූ ගායිකාව දෙරණ රූපවාහිනී නාලිකාවේ 'නිවේදකයකු' විසින් බැළලියක ලෙස හඳුන්වනු ලැබීමේ සිද්ධිය හෙලා දකිමින්.

'විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යය, රූපවාහිනී හෝ වේවා ගුවන් විදුලිය හෝ වේවා ඒවා අයිති මේ සමාගම්වලට නෙවෙයි. ඒ විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. ඒවා අයිති ජනතාවටයි' අගමැතිවරයා සඳහන් කළේය.

ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ ප්‍රධානීන් කැඳවා කරුණු විමසන බවත් ඔහු පැවසුවේය.

''අහනවා ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළාද?, මේ ගැන සමාව ගන්නවද නැද්ද කියලා අහනවා. ඉන් අනතුරුව ඉදිරිය සම්බන්ධයෙන් තීරණය කරනවා. රාජපක්ෂ පාලනය කාලේ වගේ මිනිස්සුන්ට බැන්න කාලේ ඉවරයි. දැන් ටිකක් හැදෙන්න, වගකීමක් ඇතුව වැඩ කරන්න''

'කාන්තාවන්ට නිසි තැන'

රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී යන ගමනදී රටේ සියලු දෙනාගේ අයිතිවාසිකම් ඇති කිරීමටත් සියලු දෙනාට ඔවුන්ට හිමි ගරුත්වය ලබා දීමටත් කටයුතු කර ඇති බව පැවැසූ අගමැතිවරයා ඒ හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට පිළිගැනීමක් ගොඩ නැගී ඇති බව කියා සිටියේය.

පළාත් පාලන ආයතනවල නියෝජනයෙන් 25% කාන්තාවන් වෙත ලබා දීමට කටයුතු කිරීමෙන් කාන්තාවන්ට නිසි තැන ලබා දීමේ පළමු පියවර තබා ඇති බවත් ඔහු සඳහන් කළේය.

''මේ රටේ කාන්තා ඡන්දදායකයන් ඉන්නවා 52%ක්. ඒත් පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, පළාත් පාලන ආයතනවල නියෝජනය 5%යි''

කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ ඉහත කී යෝජනාව හිටපු ජනපතිවරයාට පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඉඩ නොදී කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවත් අගමැතිවරයා පැවසුවේය.

'කාන්තාවන්ට උවමනා හඬ පාර්ලිමේන්තුවේ නැහැ. ගිය පාර්ලිමේන්තුවේ හිටියේ කාන්තාවන් හයයි රාජපක්ෂවරු හතයි.' අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Login Form