මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.
මේ අවස්ථාවට මල්වතු, අස්ගිරි උභය පාර්ශව නියෝජනය කරමින් අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය හා මුස්ලිම් මව්ලවිතුමාලා ඇතුළු අන්‍යාගාමික නායකයෝ, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ද එක්ව සිටියහ.
එහිදී ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
මෙතනදි ඇත්තටම වැදගත් වෙන්නේ. මහජනයාට සියලු පාර්ශවවලට අදහස් දෙන එක අපි කොහොමද සන්සුන්ව ඉන්නේ සාමය ආරක්ෂා කරගන්නේ කියන කාරණය තමයි ඒ සදහා අපි හැම කෙනෙක්ම කැපවෙන්න ඕනේ”