Tuesday, 17 June 2014 20:58
මතුගම හා වැලිපැන්න ප්‍රදේශවල ඊයේ රාත්‍රී කාලයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ.
මතුගම හේනේගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක් වෙත කඩා වැදුණු පිරිසක් කළ පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර රාත්‍රී 9.00ට පමණ එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ගොවිපලේ මුරකරුවෙකු ලෙස කටයුතු කල 58 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
තුවාල ලත් එක් පුද්ගලයෙකු වෑත්තෑව රෝහලට ඇතුලත් කර ඇති අතර පහරදුන් පිරිස මෙතෙක් හඳුනාගෙන නැත.
වැලිපැන්න ප්‍රදේශයේද වෙලඳසැල් 10 කට පමණ ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් හානි කර ඇති අතර ආසන්නයේ පිහිටි සේවා ස්ථානයකට ගිනි තබා ඇත.
එම ප්‍රහාරයට පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් පැමිණ ඇති අතර ඉන් ඇතැමෙකු හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
http://lankacnews.com/sinhala/news/117580/
Tuesday, 17 June 2014 20:54
une 17, 2014 at 6:50 pm | lanka C news

මේ රට සිංහලයින්ට හා බෞද්ධයින්ට පමණක් උරුම රටක් බව තමන් පිළිනොගන්නා බවත්, අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සාමයෙන් ජීවත් වීමේ උරුමය රටේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම ලැබිය යුතු බවත් පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ පවසති.
කටකතා වලට නොරැවටී සාමය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන මෙන් තමන් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අද (17) ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් පිරිස් රටේ සාමය, සංහිදියාව නැති කිරීම සඳහා උත්සහ කරමින් සිටින බවත්, එම උත්සහයන් වල අලුත්ම ප්‍රතිඵලය පසුගිය දිනක අලුත්ගම ප්‍රදේශයේදී දුටු බවත්, එහිදී වජිර හිමි කීවේය.
ජාතිවාදය, ආගම්වාදය යන ක්‍රියාවලින් සිදු වු හානී අවුරුදු 30ක කාලයක් තිස්සේ මෙරටේ ජනතාව අත්විඳි බවත්, “වෛරයෙන් වෛරය නොසන්සිදේ” යන බුද්ධ වචනය තේරුම් ගෙන කටයුතු කරන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන් සේ එම අවස්ථාවේදී අවධාරණය කර සිටියේය.
කවුරුන් වැරදී සිදු කළද එම වැරැද්දට නිසි දඬුවම් රජය විසින් ලබා දිය යුතු බවද පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී කිවේය.
පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානය සම සභාපති ධූරය දරණු ලබයි.
- Adaderana
http://lankacnews.com/sinhala/news/117586/