Monday, 23 June 2014 19:26
June 23, 2014 at 12:01 am | lanka C news
පසුගියදා අලූත්ගම පැවති බොදු රැළියේදී ‘බේරුවල සිට අලූත්ගම දක්වා ඇති කඩවලට අබසරණයි’ යනුවෙන් කල ප‍්‍රකාශයේදී තමන් වහන්සේ අබසරණ යනුවෙන් අදහස් කලේ කුමක්දැයි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ විග‍්‍රහ කරති.
සති අන්ත ලංකාදීප පුවත්පත හා සාකච්චාවකට එක් වෙමින් උන් වහන්සේ පවසන්නේ මෙසේය.
‘අබ සරණයි කියලා මං කිවුවෙ ගහන්න කියලා නෙමෙයි. වර්ජනය කරන්න කියලයි. එහෙනම් මට කියන්න තිබුණනේ ගහපියවු.. පොඩි කරපියවු.. කියලා. මම එහෙම භාවිතාවක් කවදාවත් පෙන්වලා නෑ. ඒ මගේ සිංහල වචන. ඒ මම හැසිරෙන විදිහ’
ඤාණසාර හිමි මේ සම්බන්ධයෙන් බීබීසීය හා දැක්වූ අදහස්
http://lankacnews.com/sinhala/main-news/117834/
Monday, 23 June 2014 19:21
2014 ජූනි මස 23 18:35:46 | . , සුනිල් ආනන්ද පැරීසියේ සිට
අලුත්ගම හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනිදා ඇති වු ජනවාර්ගික ගැටුම්වලට එරෙහිව එරෙහිව ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව පැරීසියේ අයිෆල් කුළුන අසල විරෝධතාවයක් පැවැත් වුහ.
සියලූම ජාතීන් සාමයෙන් ජීවත්වූ රටක මෙම මැර ක‍්‍රියාවන් කරන පිරිස් නීතියේ ඉදිරියට කැඳවන මෙන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව උද්ඝෝෂණයේ සංවිධායකයෝ කීහ.
ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මේ උද්ඝෝෂණයට එක් වුහ.
http://www.lankadeepa.lk/index.php/articles/244636