Tuesday, 26 January 2021 16:34
( තිළිණි ද සිල්වා)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතයින් වන අහමඩ් ශහීඩ්, ෆර්නැන්ඩ් ඩී වැරෙන්නස්, ක්ලෙමන්ට් නයලෙට්සොස්සි වූලේ සහ ලැලෙන්ග් මොෆෝකෙන්ග් මෙම ඉල්ලීම සිදු කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම විශේෂඥයින් සිව්දෙනා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි.
එසේම කොවිඩ් ආසාදිත හෝ සැක කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සැළකුව ද එම සිරුරු මිහිදන් කිරීමෙන් වයිරස ව්‍යාප්තිය ඉහළ යන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටකින් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවද එම එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පෙන්වා දෙති.
කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය හෙළා දකින බවත් , කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම එය මානව හිමිකම් කඩ කිරීමක් ද වන බවයි එම නිවේදනයේ සඳහන් වේ.
ඇතැම් අවස්ථාවලදී වාර්තා වල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකර අදාළ ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර ඇත.
එලෙස කොරෝනා වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින්නේ යැයිද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
http://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B6%91-%E0%B6%A2%E0%B7%8F--%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/101-585202
Tuesday, 19 January 2021 11:14
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට, බිරිඳට සහ දරුවාට ද කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අද(18) තහවුරු වූ බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් අද එම සැලසුම් අංශය තාවකාලිකව වසා එම සහකාර අධ්‍යක්ෂකවරයා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයන් 40 කට ආසන්න සංඛ්‍යාවකට පී. සී. ආර්. පරීක්ෂණ කළ බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 15 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර එයට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වී ඇත.
එම කමිටු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහකාර අධ්‍යක්ෂකවරයා අසලම පුටුවක වාඩි වී සිට ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුර සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා බිරිඳ හා දරුවා කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය.
http://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F/1-584820








![Sri Lankan municipal workers carry a body of a COVID-19 victim for cremation in Colombo, Sri Lanka [File: Eranga Jayawardena/AP]](https://www.aljazeera.com/wp-content/uploads/2020/12/AP_20346455118010.jpg?resize=270%2C180)
![Municipal workers carry the coffin of an unclaimed body of a COVID-19 victim to a crematorium in Colombo in this December 10 photo [Lakruwan Wanniarachchi/AFP]](https://www.aljazeera.com/wp-content/uploads/2020/12/000_8WU3GG.jpg?resize=270%2C180)
![Municipal workers carry the coffin of an unclaimed body of a Covid-19 coronavirus victim to a crematorium in Colombo on December 10, 2020 [Lakruwan Wanniarachchi/ AFP]](https://www.aljazeera.com/wp-content/uploads/2020/12/000_8WU3GB.jpg?resize=270%2C180)
![Sri Lanka made COVID-19 cremations compulsory in April [File: Al Jazeera]](https://www.aljazeera.com/wp-content/uploads/2020/04/27eb3215e8a44005a7a1fdf37085c840_18.jpeg?resize=270%2C180)







