පානදුර නගරයේ පිහිටි ‘නෝලිමිට්’(Nolimit) වෙළෙඳ සැල අද,සෙනසුරාදා උදෑසන ගිනිබත් වූ බවක් වාර්තා වෙයි.
මුස්ලිම් ව්‍යාපාරිකයන් සතු ‘නෝලිමිට්’(Nolimit) වෙළෙඳ ව්‍යාපාරයේ විශාලතම වෙළෙඳ සැල වූයේ ගිනිබත් පානදුර ශාඛාවයි.
ගින්නට නියත හේතුවක් තවමත් නිගමනය කොට නැති අතර ඇතැම් වාර්තාවන්ට අනුව එය පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් වන අතර තවත් වාර්තාවකින් පැවසෙන්නේ ගින්නට හේතුව විදුලිය කාන්දු වීමක් වන බවයි.
අධිකරණ ඇමති රවුෆ් හකීම් එම ස්ථානයේ සංචාරයක නිරත වූ බවත් වාර්තා වෙයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නායකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි,පොලිස් මූලස්ථානය පවසන්නේ.
ඉහත කී අනතුර මගින් කිසිවකු තුවාල ලැබ නැති බවත් ප්‍රකාශයට පත් කොට ඇත.
‘නෝලිමිට්’ වෙළෙඳ ව්‍යාපාරය පසුගිය කාලයෙහි බොදු බල සේනා සංවිධානය සහ වෙනත් දැඩි මතධාරී සංවිධානවල දෝෂ දර්ශනයට ලක් විය.