Wednesday, February 20, 2019
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • MR to resign tomorrow - Namal
    Former President Mahinda Rajapaksa, who was recently appointed as the Prime Minister by President Maithripala Sirisena has decided to resign from the premiership tomorrow after a special statement, MP Namal Rajapaksa tweeted a short while ago.  
    http://www.dailymirror.lk/article/MR-to-resign-tomorrow-Namal-159811.html Please enable JavaScript to view the comments powered by Disqus.
    Read More...
  • SC leaves grant to proceed with Mahinda’s appeal
    The Supreme Court has decided to take up the appeal of Mahinda Rajapaksa against the interim order of the Court of Appeal on the premiership on the 16th, 17th and 18th of January 2019. However, the request of the petitioners for a stay order on the interim order restraining Mahinda Rajapaksa from holding office of Prime Minister and his Cabinet from functioning has been unanimously rejected by the Supreme Court. The Supreme Court has also ordered the Appeal Court not to hear the petition against Mahinda Rajapaksa and the Cabinet holding office, until the Supreme Court hearing is over. The Court informed the parties that if they wish the petition to be heard before a five-member judge bench, they should refer the request to the Chief Justice. Justice Eva Wanasundera, who was a part of the three-judge panel which considered the appeal...
    Read More...
  • මහින්ද හෙට ඉල්ලා අස්වන බව නාමල් කියයි
    මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි. ජාතියේ ස්ථාවරත්වය සළකා මෙම තීරණය ගන්නා බව ද එහි සඳහන් වේ. එම ට්විටර් පණිවිඩය පහත දැක්වේ.   http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%84%E0%B7%99%E0%B6%A7-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%B6%E0%B7%80-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/1-542221 Please...
    Read More...
  • ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද "සෙනසුරාදා ඉල්ලා අස්වෙයි"
      Image copyrightPMD ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය. මේ අතර, ජනාධිපතිවරයා...
    Read More...
  • 18-hour water cut in Rajagiriya and surrounding areas
    Water supply to Rajagiriya and surrounding areas will be disrupted for 18-hours commencing from tomorrow 12 a.m. and until Sunday 6 p.m., the following day, the National Water Supply and Drainage Board said.
    Accordingly, water supply to Moragasmulla, Rajagiriya, Athulkotte, Obeysekarapura, Bandaranayakepura, Nawala, Koswatte, and Rajagiriya to Open University of Sri Lanka Nawala, and surrounding areas.   http://www.dailynews.lk/2018/12/14/local/171393/18-hour-water-cut-rajagiriya-and-surrounding-areas Please enable JavaScript to view the comments powered by Disqus.
    Read More...
  • SC refuses to vacate CA’s interim order against MR
      The Appeal was also granted special leave to proceed. The proceedings of the Court of Appeal with regard to the case were stayed until the Supreme Court hearing is concluded. The appeal is to be taken up for further hearing on January 16, 17 and 18, 2019. (Shehan Chamika Silva)   http://www.dailymirror.lk/article/SC-refuses-to-vacate-CA-s-interim-order-against-MR-159809.html Please enable JavaScript to view the comments powered by Disqus.
    Read More...
  • මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම
    අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම...
    Read More...
  • තීන්දුව කුමක්ද? - ජනපතිගේ තීරණය වැරදියි ආණ්ඩුව දිගටම
    5.04pm Update
    රටේම අවධානය යොමුවූ අධිකරණ තීන්දුව මීට ටික වේලාවකට පෙර ලබාදුන් අතර එයට අනුව ජනපතිගේ තීරණය වැරදි බවත් ව්‍යාවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිරවීමට...
    Read More...
  • SC rules dissolution of parliament illegal
    The Supreme Court today ruled that President Maithripala Sirisena's decision to dissolve Parliament was unconstitutional and illegal. Chief Justice Nalin Perera delivering the verdict said that if President wants to dissolve Parliament before four and half years, there must be a resolution passed by two-thirds majority in Parliament. The verdict was announced unanimously. Court also decided that the petitioners fundamental right, under article 12(1) has been violated by this executive act.   http://www.dailymirror.lk/article/SC-rules-dissolution-of-parliament-illegal-159742.html Please enable JavaScript to view the comments powered by Disqus.
    Read More...
  • ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයි
    පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත්...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

ජාතික ගීය දෙමළෙන් ගැයීමේ වරදක් නෑ: බෙල්ලන්විල නාහිමි

Latest

User Rating: / 1
PoorBest 
Image captionදෙමළ ජනතාව ජාතික ගීය දෙමළෙන් ගැයීම ඇතැමුන්ගේ ප්‍රබල විවේචනයට ලක් වී තිබුණි

ශ්‍රී ලංකා ජාතික ගීය නිසි තනුවට අනුකූලව දෙමළ භාෂාවෙන් ගැයීමේ කිසිදු වරදක් නොදකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්යබෙල්ලන්විල විමලරතන නායක හිමියෝ පවසති.

නායක හිමියන් ඒ බව කියා සිටියේ, නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාලව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන ලද පහළොස් වැදෑරුම් ඉල්ලීම් මාලාව පිළිබඳව බීබීසී සංදේශය වෙත අදහස් දක්වමින්.

"ජාතික ගීය කියන්නේ එකයිනේ? ඒක වෙනස් කරන්නේ නෑ. නමුත් ඒ තනුවම දෙමළ ජාතිකයන්ට තමන්ගේ භාෂාවෙන් කියන්න අවසර දුන්නයි කියල බරපතල ලෙස විරුද්ධ වෙන්න දෙයක් නෑ," එහිමියෝ සඳහන් කළහ.

බුදු දහම ආරක්ෂා කිරීම

බුදු දහම ආරක්ෂා කොට, පෝෂණය කරන බවට වත්මන් ව්‍යවස්ථාවේ නම වැනි වගන්තියෙන් ලබා දී තිබෙන ආරක්ෂාව නව ව්‍යවස්ථාව මගින්ද සහතික කිරීම බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර ඇති ලිපියේ ප්‍රධානම ඉල්ලීමයි.

Image copyrightYouTube.comImage caption'ප්‍රශ්නේ තියෙන්නේ සමහර රජයන් තුල ඒ බලධාරීන් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමයි. ඒවා සිදු නොවෙනවා නම් නීතියේ ප්‍රශ්නයක් නෑ'

රාජ්‍ය බුදු දහම රැකගනිමින් පෝෂණය කළ යුතු බවට වගන්තියක් මුලින්ම ඇතුලත් කෙරුණේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් සම්පාදනය කරන ලද 1972 ජනරජ ව්‍යවස්ථාවටයි.

එම වගන්තිය මගින් තමන් නොලකා හැර ඇතැයි රටේ වෙසෙන සුළු වාර්ගික, සුළු ආගමික ජනකොටස්වලට හැඟී යන්නට ඉඩ තිබෙන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ මාහාචාර්ය විමලරත්න හිමියන් සඳහන් කළේ, කිසියම් රටක ප්‍රධානම ආගම රැකගැනීමට රාජ්‍යය බැදී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ පමණක් පවතින සම්ප්‍රදායයක් නොවන බවයි.

"ඉතින් මේක තිබුණයි කියල අනෙකුත් ආගම්වලට හානියක් සිද්දවෙලා නැහැ. ඒ ආගම්නුත් ආරක්ෂා කළ යුතුයි කියලා ඒ සමඟ ඊළඟ වගන්තිය තියෙනව. ඒ ආගම්වල සියලු කටයුතුන් ඒ ආකාරයෙන් කෙරෙනවා කිසිම බාධාවක් නැහැ,"එහිමියෝ පැවසූහ.

හයිබ්‍රිඩ් අධිකරණය

ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පත්විය යුතුය යන්න 'එක්තරා විදියකින් අන්තවාදී ලෙස බලන අය' ඉදිරිපත් කරණ මතයක් බව පවසන එහිමියෝ ශ්‍රී ලංකාවේ අනාගමික රාජ්‍යයක් බිහිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරති.

ශ්‍රී ලංකාව දිගටම ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවතිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ බෞද්ධ නායකයන් පිරිසකගේ අත්සනින් යුතුව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන ලිපියේ අඩංගු තවත් යෝජනාවක්.

Image copyrightGettyImage caption'ඒකීය රාජ්‍යයක්, මේ රට එකක් හැටියට තියෙන්න ඕන කියන එක අද විපක්ෂනායක සම්බන්ධන් මහත්මයත් ප්‍රකාශ කරනවා. ඒ තුල බලය බෙදාගන්න ක්‍රමවේදයක් හදාගන්න බාධාවක් නැහැ'

"ඒකීය රාජ්‍යයක්, මේ රට එකක් හැටියට තියෙන්න ඕන කියන එක අද විපක්ෂනායක සම්බන්ධන් මහත්මයත් ප්‍රකාශ කරනවා. ඒ තුල බලය බෙදාගන්න ක්‍රමවේදයක් හදාගන්න බාධාවක් නැහැ." ( මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් සමඟ සාකච්ඡාවට සවන්දෙන්න)

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයට ඇඟිලි ගැසීමට විදේශීය රටවලට හෝ ආයතනවලට අවසර නොදිය යුතු බවටද බෞද්ධ නායකයෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාරහයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමට විරුද්ධ බව එහි අදහස දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් මහාචාර්ය විමලරත්න නාහිමියන් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූලව ස්වාධීන දේශීය අධිකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවයි.

ද්විත්ව පුරවැසියෝ

"ඒක බටහිර අයට ඕන හැටියට ලංකාවේ අධිකරණ හදන්න බැහැනේ? නමුත් ඔය රෝමන්, ලන්දේසි නීතිය නෞසාරයෙන් තමයි අද බොහෝ රටවල නීතිය හදල තියෙන්නේ," එහිමියෝ පැවසූහ.

"ප්‍රශ්නේ තියෙන්නේ සමහර රජයන් තුල ඒ බලධාරීන් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමයි. ඒවා සිදු නොවෙනවා නම් නීතියේ ප්‍රශ්නයක් නෑ."

Image copyrightAFPImage captionබුදු දහම ආරකෂා කිරීමේ වගන්තිය 'තිබුණයි කියල අනෙකුත් ආගම්වලට හානියක් සිද්දවෙලා නැහැ. ඒ ආගම්නුත් ආරක්ෂා කළ යුතුයි කියලා ඒ සමඟ ඊළඟ වගන්තිය තියෙනව'

ජාතික ධජය වෙනස් නොකිරීම, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීම, ජාතිය හෝ ආගම මත පදනම්ව පළාත් නොබෙදීම ඇතුළු ප්‍රධාන කරුණු 15 ක් බෞද්ධ නායකයන්ගේ එම ලිපියට ඇතුලත්.

වෙනත් රටවල පුරවැසිභාවය හිමි කිසිවෙකුටත් ජනපති, මැති, ඇමති තනතුරු හෝ රාජ්‍යයේ ඉහල නිලතල දැරීමේ අවස්තාව ලබා නොදිය යුතු බවත් බෞද්ධ නායකයෝ අවධාරණය කරති.

"ඒක ඇත්තනේ? රටවල් දෙකක කකුල් දෙක තියාගෙන වැඩකරන්න බෑනේ? නමුත් පහුගිය කාලේ එහෙම දේවල් කෙරුනා. එයාට ඕන වෙලාවක වරදක් කරලා මේ රටෙන් අනෙක් පුරවැසිභාවය ලබාගෙන ඉන්න රටට පැනල යන්න පුලුවන්."

එබැවින් ද්විත්ව පුරවැසියන්ට ඉහල තනතුරු දැරීමේ අවස්තාව අහිමි කරන මෙන් ඉල්ලා සිටීම අසාධාරණ ඉල්ලීමක් නොවන බවයි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

Login Form