Thursday, April 18, 2024
   
Text Size

මුස්ලිම් වෙළෙඳසල්වලට ප්‍රහාර: අම්පාරේ ආරක්ෂාව තර කෙරේ

User Rating: / 1
PoorBest 
අම්පාරේ ආරක්ෂාව තර කෙරේ

අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා වෙළඳසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

අම්පාර නගරයේ ආපන ශාලාවක "වඳ පෙති" සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ සඳුදා (පෙබරවාරි 26) රාත්‍රියේ කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබේ.

අදාළ ආපන ශාලාව "වඳ පෙති" දමා අහාර ලබාදෙන බවට එල්ල කරන චෝදනාව ගැන ද වෙනම පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පවසයි.

තවත් කියවන්න:

මෙම ප්‍රහාරයෙන් වාහන කිහිපයකට ද අලාභ හානි සිදු වී තිබේ.

ප්‍රහාරවලින් අනතුරුව අම්පාර නගරයේ පොලිස් ආරක්ෂාව ද තර කොට තිබේ.

ගිණි තබා තිබුණු යතුරු පැදියක්Image captionගිණි තබා තිබුණු යතුරු පැදියක්ප්‍රහාරයට ලක් වූ ස්ථානයක්Image captionප්‍රහාරයට ලක් වූ ස්ථානයක්

මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු යයි ප්‍රදේශයේ දේශපාලකයන්, ආගමික නායකයන් හා ආරක්ෂක අංශ අතර අඟහරුවාදා (පෙබරවාරි 27) දහවල් අම්පාර දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

ප්‍රදේශයේ සාමය ආරක්ෂාවන ආකාරයට කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ එහිදී සියලු පාර්ශව වලින් ඉල්ලා සිට තිබේ.

අඟහරුවාදා උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද මෙම පිළිබඳව අවධානයට ලක් වී තිබේ. මෙම "සංවිධානාත්මක ප්‍රහාරයන්" ගැන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම කැබිනට් මණ්ඩලයේදී අදහස් දැක්වූ බව අමාත්‍ය මනෝ ගනේෂන් බීබීසී සිංහල සේවයට පැවසීය.

"බෞද්ධ ජාතිකවාදය"

අම්පාර ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය දයා ගමගේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ "රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සුළු සිද්ධීන් කිහිපයක් ඇතිකර තිබෙන" බවය.

ඇම්නස්ටි ජාත්‍යන්තරයේ වාර්ෂික වාර්තාවImage copyrightAMNESTYImage captionඇම්නස්ටි ජාත්‍යන්තරයේ වාර්ෂික වාර්තාව

"රජය අපකීර්තියට පත්කිරීමේ අරමුණින් සහ සාමය, සංහිඳියාව කඩා බිඳ දැමීම මුල්කරගෙන ඇතිවූ මෙම තත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ විරෝධය මැඩපැවැත්වීමට වහා පියවර ගෙන තිබේ," යනුවෙන් ද අමාත්‍ය දයා ගමගේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය ගැන සිය වාර්ෂික වාර්තාව නිකුත් කළ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය, සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි ප්‍රහාරයළිත් වරක් මතුවීම සහ අතීත වැරදිවලට දඬුවම් නොදීම බරපතල අවධානයට ලක්ව තිබෙන බව සඳහන් කළේය.

ගතවගිය 2017 වසර තුළ වරින්වර තැනින් තැන වාර්තා වූ සහමුළින්ම අවසන් කිරීම දුෂ්කර ජනවාර්ගික නොසංසුන් තත්වයන් සහ සුළු ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර පිළිබඳව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සයිඩ් අල් හුසේන් කුමරු ද අවධානය පළ කර තිබුණි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2017-18 වසරට අදාළ සිය වාර්තාව මානව හිමිකම් මණ්ඩලය වෙත යොමු කරමින් ඒ බව පවසන මහ කොමසාරිස්වාරයා, උදාහරණයක් ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ගිංතොට ප්‍රදේශයේ පැතිර ගිය සිංහල-මුස්ලිම් ගැටුම් නිසා මුස්ලිම් ජනයා සතු නිවාස සහ ව්‍යාපාරික ආයතන හැත්තෑවක් පමණ විනාශ වූ බව සිහිපත් කර තිබුණි.

තවත් පුවත්:

http://www.bbc.com/sinhala/sri-lanka-43210175

Login Form