Friday, April 19, 2024
   
Text Size

ජාතිවාදී ‘කලබල’ ඇති කරන සංවිධාන ගැන බුද්ධි අංශ වාර්තාවක්

User Rating: / 1
PoorBest 

 

  • පැය 2 කට පෙර
Image captionඇමති රාජිත සේනාරත්න

අන්තවාදී සංවිධාන යොදා ගෙන රට තුල ජාතිවාදී කලබල ඇති කිරීමට කලින් බලයේ සිටි ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයන් කටයුතු කරමින් ඇති බවට රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍යය ඇමති, සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

‘අන්තවාදී සංවිධානවලට මුදල් දී ජාතිවාදී කලබල ඇති කර රට තුළ නොසන්සුන්භාවයක් ඇති කිරීමට හිටපු රජයේ ප්‍රබලයන් සුදානම් වන බව බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇති’ බව අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අනාවරණය කරනු ලැබුණේ ‘සිංහලේ’ ව්‍යාපාරය ගැන මතු කෙරුණ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘ජනාධිපතිවරයා මේ ගැන කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළා. මේවා පිටු පස්සේ ඉන්නේ එක්තරා කණ්ඩායමක්. රාජපක්ෂ රෙජීමය තමයි මේවාට මුදල් දීලා ඔක්කොම කරන්නේ. මේවා උවමනාවෙන්ම සිදු කරන්නේ රට නොසන්සුන් තත්වයකට පත් කරන්න. මේවා පිටු පස්සේ ඉන්න අය සහ ඒවාට මුදල් ලැබෙන ආකාරය ගැන රහස් පරීක්ෂණ වාර්තා වලින් රජයට තොරතුරු ලැබිලා තියෙනවා’ රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

අදාළ නීති අංශ එම තත්වය සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කරනු ඇති බවත් ඇමතිවරයා කියා සිටියි.

ජාතික ගීය දෙමළෙනුත්

මෙවර නිදහස් දින සැමරුමේ දී ශ්‍රී ලංකා ජාතික ගීය සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන් ම ගායනා කළ යුතු බවට යෝජනාවක් ඊයේ (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

‘ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ගොඩනැගීම ගැන කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා තියෙනවා. එම අනුකාරක සභාවෙන් ඉදිරිපත් කරපු එක් යෝජනාවක් තමයි ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් මෙවර ජාතික නිදහස් උත්සවයේ දී ගායනා කල යුතු ය කියන එක. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර සාකච්ඡාවකින් ඒ ගැන තීන්දුවක් ගැනීමට තීරණය කළා’ ඇමති රාජිත සේනාරත්න පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අවධානය යොමු වූ තවත් කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ සිදු වී යයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳවයි.

පසුගිය දා බීබීසිය සමග සාකච්ඡාවකට එක් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම පරීක්ෂණ ජාත්‍යන්තරයේ මැදිහත් වීමකින් තොරව සම්පුර්ණ දේශීය යන්ත්‍රණයකින් පවත්වන බවට ප්‍රකාශ කල අතර අගමැති රනිල් වික්‍රමසිංහ ‘චැනල් 4’ බ්‍රිතාන්‍ය රූපවාහිනියට කියා තිබුණේ එම පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර මැදිහත් වීම බැහැර නොකරන බවයි.

Image copyrightGetty

අගමැති-ජනපති මත

එම ප්‍රකාශන අන්‍යෝන්‍ය වශයෙන් පරස්පර නොවේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේ ‘සම්පූර්ණ පරීක්ෂණය දේශීය’ එකක් වන බවයි.

‘අපේ ස්ථාවරය තමයි සම්පුර්ණ පරීක්ෂණය දේශීය පරීක්ෂණයක් වීම.අගමැතිතුමා කිව්වෙත් ඒකයි. විනිසකරුවන් ශ්‍රී ලංකාවෙන්. හැබැයි පිටරට තාක්ෂණය වගේ දේවල් යොදා ගන්න පුළුවන්’ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙන්නේ ඔවුන්ට පිළිගත හැකි සාධාරණ විනිශ්චය මණ්ඩලයක් පත් කරන ලෙස යයි සඳහන් කළ රාජිත සේනාරත්න ඇමතිවරයා ඒ සඳහා ලෝකය පිළිගත් ශ්‍රී ලංකික විනිසුරුවරුන් වන විනිසුරු විරමන්ත්‍රි වැනි අය පත් කල හැකි බවයි පෙන්වා දුන්නේ.

යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදු විනැයි කියන අපරාධ පිලිබඳ පරීක්ෂණ යාන්ත්‍රණය මැයි මාසය වන විට සකස් කිරීමට හැකි වනු ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

http://www.bbc.com/sinhala/sri_lanka/2016/01/160128_ug_rajitha_ranil_maithree

Login Form